ලෝක රග්බි ක්‍රීඩාවේ තවත් වෙනසක්

120
World Rugby outlaw tries

රග්බි ක්‍රීඩාංගණවල ගෝල් කණු වටා ඇති ආරක්ෂක ආවරණයක් රැඳවීම ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව උදෙසා කරන ලද්දකි. කෙසේ වෙතත් ක්‍රීඩකයන් උත්සාහක දිනුමක් වාර්තා කිරීමේ දී මෙම ආවරණය නිසා යම් අවස්ථාවන් වලදී බලපෑමක් සිදු වන බව පසුගිය කාලය පුරා දක්නට ලැබුණි. 

මෙලෙස එම ආවරණයේ පන්දුව වැදීමෙන් ක්‍රීඩකයාට සීමා ඉර පසුකර පතිත කිරීමට අවස්ථාව නොලැබෙන අවස්ථාවල දී එය උත්සාහක දිනුමක් ලෙස නම් කිරීමට මෙතෙක් කල් විනිසුරුවන් තීරණය කළේය. 

නමුත් නව ලෝක රග්බි රීති වෙනසක් යටතේ Padded post protector හෙවත් ආරක්ෂක ආවරණය එරෙහිව පන්දුව බිම තැබීම උත්සාහක දිනුමක් ලෙස නම් නොකිරීමට ලෝක රග්බි සම්මේලනය තීරණය කළේය. 

ශ්‍රී ලංකා රග්බි ගමනට රුකුලක් වූ පුහුණුකරුවෙක් නොඑන ගමන් යයි

ලෝක රග්බි ක්‍රීඩාවේ දක්ෂ හා ජනප්‍රිය ‍රග්බි නායකයෙකු හා පුහුණුකරුවෙකු වූ ජෝර්ජ්..

ලෝක රග්බි සම්මේලනය පවසන්නේ මෙම 8 වැනි නීතිය වෙනස් කිරීම වහාම ක්‍රියාත්මක වන බවයි.

ගෝල කණුවේ ආරක්ෂක ආවරණයට එරෙහිව පන්දුව බිම පතිත වුවහොත් මීට පෙර උත්සාහක දිනුමක් ලබා දී තිබුණි. ලෝක රග්බි කවුන්සිලය විසින් අඟහරුවාදා වීඩියෝ සම්මන්ත්‍රණය හරහා පවත්වන ලද විශේෂ රැස්වීමක දී මෙලෙස රීති වෙනස් කිරීමට තීරණය කළේය. 

එම තීරණය සඳහා ජාත්‍යන්තර සම්මේලනයේ රග්බි කමිටුව සහ විශේෂ නීති සමාලෝචන කණ්ඩායම් නිර්දේශය ලබා දී ඇත. 

ආරක්ෂක ආවරණයට එරෙහිව ලකුණු ලබා ගැනීමට උත්සාහ කිරීම සඳහා ලෝක රග්බි සම්මේලනය නිකුත් කළ නිදර්ශනය/ ඡායාරූපය: ලෝක රග්බි සම්මේලනය 

ලෝක රග්බි සම්මේලනය මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කර තිබුණි. 

“ප්‍රතිවාදී ක්‍රීඩකයන්ට නීතිවලට අනුව ගෝල ඉරට පසුපසින් ක්‍රීඩා කිරීමට සිදුව තිබෙනවා. ඒ වගේම ආරක්ෂක හේතූන් නිසා මේ ආරක්ෂක ආවරණය තරමක් විශාල කරන්න සිදු වෙලා තියනවා. මේ නිසා ප්‍රතිවාදී ක්‍රීඩකයන්ට මේ ආවරණයෙන් පිටත ප්‍රදේශය නීතිමය ආකාරයෙන් ආරක්ෂා කරන්න අමාරුයි.”

“සමහර ආන්තික අවස්ථාවන්හිදී, ආරක්ෂක ක්‍රීඩකයන් විසින් ප්‍රතිවාදී ආරක්ෂක ක්‍රීඩකයන් ඔසවා ගෙන ගොස් ඇති අතර, එම අවස්ථාවල දී ගෝල් කණු නිරාවරණය වී තිබෙනවා. මේ නිසා තුවාල වීමේ අවදානම වැඩි කරයි.”

මෙම සංශෝධනයෙන් පසුව නව නීතිය දැක්වෙන්නේ “ප්‍රහාරක ක්‍රීඩකයා පළමුවෙන්ම ප්‍රතිවාදීන්ගේ සීමාව තුල පන්දුව පතිත කල විට උත්සාහයක දිනුමක් ලබා ගනී “

මෑතක දී නැවත තේරී පත් වූ ලෝක රග්බි සභාපතිවරයා මෙම නීති වෙනස් වීම පිළිබඳව අදහස් දක්වා සිටියා. “ලෝක රග්බි සම්මේලනයේ මෙහෙයුම ක්‍රීඩාව හැකි තරම් සරල, ආරක්ෂිත සහ විනෝදජනක ක්‍රීඩාවක් බවට පත් කිරීමයි. මෙම නීති සංශෝධනය මඟින් එම මෙහෙවර පිළිබිඹු වෙනවා.”

“ප්‍රහාරක කණ්ඩායමකට තවදුරටත් ගෝල කණු ආරක්ෂක ආවරණයට එරෙහිව ලකුණු රැස් කළ නොහැකි බවත්, එම නිසා පන්දුව ඉලක්කයට යොමු කළ යුතු බවත් නියම කිරීමෙන් මෙය ආරක්ෂක කණ්ඩායම්වලට උත්සාහක දිනුමක් වළක්වා ගැනීමට සාධාරණ අවස්ථාවක් ලබා දෙනවා.”

නව නායකත්වයක්, වෙනස්ම ගමනක්!

නිමාව දුටු රග්බි ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව All Blacks කණ්ඩායමේ නිත්‍ය..

මේ අතර, ලෝක රග්බි සම්මේලනය පවසන්නේ ක්‍රීඩකයින්ගේ සුබසාධනය වැඩිදියුණු කිරීම අරමුණු කර ගත් මෙම නව නීතිරීති සංශෝධනය පිළිබඳ ඔවුන්ගේ අත්හදා බැලීම්වලට ධනාත්මක ප්‍රතිචාරයක් ලැබී ඇති බවයි.

රග්බි ක්‍රීඩාවේ රීති වෙනස්කම් ගණනාවක් ප්‍රංශයේ පහල කාණ්ඩවල තරගවල දී අත්හදා බලා ඇත. ලෝක රග්බි සම්මේලනය පවසන්නේ එහි ප්‍රතිඵලය වූයේ තුන් ගුණයකින් තුවාල අඩු වීම සහ 60%ක ක්‍රීඩාවේ සහනය වැඩි වීමයි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට<<