ක්ලිෆර්ඩ් කුසලානයටත් බාලගිරි!

86

COVID -19 හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් 2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ “සුපිරි වටය” ක්‍රීඩා නොකරමින් තරගාවලියේ 14 වැනි සතියේ ලකුණු සටහනට අනුව මහනුවර ක්‍රීඩා සමාජයට ශූරතාව ලබා දීමට තරගාවලි බලධාරීන් පසුගිය දා කටයුතු කරන ලදි.

එසේම පාසල් රග්බි ලීගය ද දින නියමයක් නොමැතිව කල්දැමීමට අදාළ බලධාරීන්ට සිදු වූයේ මෙම කොරෝනා වයිරසය නිසාවෙනි.

ශූරතාවය මහනුවරට!

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ශූරයන් ලෙස කිරුළු පැලඳීමට..

අන්තර් සමාජ ලීග් තරගාවලියෙන් පසු පැවැත්වීමට නියමිතව තිබූ ක්ලිෆර්ඩ් කුසලාන අන්තර් සමාජ පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය ද කල් දැමීමට ශ්‍රී ලංකා රග්බි කමිටුවට සිදුවී ඇත. පසුගිය දිනක ශ්‍රී ලංකා රග්බි කමිටුවේ කමිටු රස්වීමක දී මෙම තීරණය ගෙන ඇති බවට වාර්තාවේ.

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනට අනුව පළමුවැනි ස්ථානය ලබා ගත් කණ්ඩායම සහ ලකුණු සටහනේ අවසන් ස්ථානය ලබා ගත් කණ්ඩායම පළමු තරගයේ දී ක්‍රීඩා කරන අතර ඉන්පසු දෙවැනි ස්ථාන සහ 7 වැනි ස්ථානය ද, තෙවැනි ස්ථානය සහ හයවැනි ස්ථානය ද, සිව්වැනි ස්ථානය සහ පස්වැනි ස්ථානය ද ලබා ගත් කණ්ඩායම් අතර තරග පැවැත්වෙනු ඇත.

ඒ අනුව නිමා වූ 2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියෙන් පසු ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ තරග පැවැත්වීමට නියමිතව තිබුණේ පහත ආකාරයටයි.

ප්‍රබල CR ක්‍රීඩකයෙකුට තරග තහනමක්!

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ 13 වැනි සතියේ පොලිස් ක්‍රීඩා…

  • මහනුවර ක්‍රීඩා සමාජය – ගුවන් හමුදා ක්‍රීඩා සමාජය
  • පොලිස් ක්‍රීඩා සමාජය – CH & FC කණ්ඩායම
  • හැව්ලොක් ක්‍රීඩා සමාජය – නාවික හමුදා ක්‍රීඩා සමාජය
  • CR & FC කණ්ඩායම – යුද හමුදා ක්‍රීඩා සමාජය

ශ්‍රී ලංකාවේ දැනට පවතින තත්වය හේතුකොටගෙන සියලු තරගාවලි දින නියමයක් නොමැතිව කල්ගොස් ඇත.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<