රග්බි සභාපති සටන උණුසුම් කරමින් උප සභාපති ඉල්යාස් සටනට

353

ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ වත්මන් නියෝජ්‍ය සභාපති වන රිස්ලි ඉල්යාස් මහතා තමන් 2020, 2021 වසර සඳහා ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ හි ඉහළම ධුරය වන සභාපති ධුරය සඳහා තරග කිරීමට අදහස් කරන බව අද (29) දින නිවේදනය කළේය. 

ලෝක කුසලානය දිනූ පුහුණුකරු ගැන හෙළිදරව්වක්

2022 ආසියානු ක්‍රීඩා තරගාවලිය සහ 2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙල පිළිබඳ දැක්මක් සහිතව තමන් මෙලෙස සභාපති ධුරය සඳහා තරග කරන බව ඒ මහතා පවසා සිටියේය. 

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයෙකු වන ඉල්යාස් මහතා රග්බි සම්මේලනය සමඟ සමීපව කටයුතු කර ඇති අතර පරිපාලකයෙකු ලෙස රටේ රග්බි විෂය පථය තුළ ක්‍රියාකාරී භූමිකාවක් ඉටුකරන පුද්ගලයෙකි. වසර ගණනාවක් පුරා ඉල්යාස් මහතා ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ ලේකම් ලෙස කටයුතු කර ඇති අතර වර්තමානයේ එහි උප සභාපති ලෙස කටයුතු කරයි. 

2022 වසරේ දී පැරිස් ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලැබීම කෙරෙහි අවධානය යොමු කිරීමත්, 2022 වසරේ දී ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පදක්කමක් කරා ගෙන යාමත් ඔහුගේ ප්‍රධානම අරමුණක්ව ඇත. ඒ සඳහා ජාතික සත්සාමාජික රග්බි ආකෘතිය කෙරෙහි ඉල්යාස් මහතා සිය ප්‍රධාන අවධානය යොමු කර තිබේ. 

“සභාපති වශයෙන් මගේ කෙටි කාලීන දැක්ම වන්නේ සත්සාමාජික රග්බි ක්‍රීඩාව කෙරෙහි අවධානය යොමු කිරීමයි. මෙම දැක්ම මූලික වශයෙන් පැරීසියේ පැවැත්වෙන 2023 ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලැබීම සහ 2022 ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කමක් දිනා ගැනීම පිළිබඳවයි. අපි නිවැරැදි ලෙස සැලසුම් කර ඒ අනුව සූදානම් වුවහොත් රිදී හෝ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හොඳ අවස්ථාවක් තියෙනවා. 2014 සහ 2018 වසරේ වල ආසියානු ක්‍රීඩා උළෙලේ දී අපි සිව්වන ස්ථානයේ පසුවුනේ. දකුණු කොරියාව හා ජපානය සමග පැවති තරග දෙකේ දීම ලකුණු 2කින් පරාජයට පත්වුනේ.” 

ක්‍රීඩාලෝලීන් හඬවමින් මෙලොව හැර ගිය ක්‍රීඩා තරු

සත්සාමාජික රග්බි ක්‍රීඩාව සංවර්ධනයට ආධාර කිරීමේ අරමුණින් ඉල්යාස් මහතා යෝජනා කීපයක් ඉදිරිපත් කර ඇත. එහිදී ප්‍රධාන වශයෙන් දැනට පවතින පහලොස්දෙනාගේ තරගාවලි සංඛ්‍යාව අඩකට අඩු කිරීමත්, සත්සාමාජික රග්බි ක්‍රීඩාව සඳහා උපකාරී වන දේශීය සත්සාමාජික තරගාවලියක් එක් කිරීමත් මූලික වේ. 

අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය කෙටි තරගාවලියක් ලෙස පැවැත්වීමෙන් පසුව සත්සාමාජික රග්බි තරගාවලියක් පවත්වනවා. ඉන්පසුව පූර්ණ කාලීන සංචිතයක් තෝරා ගන්න සැලසුම් කරනවා. මෙම සංචිතය ආසියානු ක්‍රීඩා උළෙල පිළිබඳව අවධානය යොමු කරමින් ඉහළ කාර්ය සාධනයක් සහිත කළමනාකරුවන්ගේ සහ ලෝක මට්ටමේ පුහුණුකරුවන්ගේ සුදුසුකම්ලත් මණ්ඩලයක් යටතේ වෘත්තීය සැකසුමකට යටත් කරනවා. 

පසුගිය වසර දෙක තුළ සත්සාමාජික කාණ්ඩයේ දක්ෂතා එතරම් ප්‍රබල මට්ටමක නොතිබීම නිසා 2017 වසරේ දී ශ්‍රී ලංකාව ඔවුන්ගේ 3වන ස්ථානයෙන් පසුපසට යාමට සිදු වූ අතර ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායම ආසියාවේ 7වන ස්ථානයේ රැඳී සිටී. ඔවුන් මීට පෙර පස්වන ස්ථානයේ රැඳී සිටියේය. 

මෙම කණ්ඩායම් ද්විත්වයම ඔලිම්පික් උළෙල සඳහා සහභාගී වන ලෙස දියුණු කිරීම සමඟ ඉල්යාස්ගේ යෝජනා අතර වේ. 

“ශ්‍රී ලංකාවේ රග්බි සමාජයක කාන්තා කණ්ඩායමක් ඇත්තේ CR&FC කණ්ඩායමේ පමණයි.  කාන්තා කණ්ඩායම් පිහිටුවීම සඳහා අනෙකුත් A කාණ්ඩයේ කණ්ඩායම් දිරිමත් කිරීමට සහ ඒ සඳහා සහාය දීමටත් මම බලාපොරොත්තු වෙනවා. කාන්තා කණ්ඩායම් තරගාවලියකට සහභාගී කරවීමටත්, ඔවුන් අතර විශ්වසනීය තරගයක් ඇති කිරීමටත් මූල්‍යමය වශයෙන් සහයෝගය දැක්වීමටත් මම බලාපොරොත්තු වෙනවා.” 

රිස්ලි ඉල්යාස් මහතාගේ අපේක්ෂකත්ව ප්‍රකාශයේ වෙනත් යෝජනා පහත පරිදි වේ. 

  • A කාණ්ඩයේ රග්බි තරග ආලෝකයන් මධ්‍යයේ ක්‍රීඩා කිරීම සඳහා අවශ්‍ය පහසුකම් දියුණු කිරීම. CR&FC ක්‍රීඩාංගණය සඳහා ආලෝක පද්ධතියක් සවිකිරීම සඳහා ආධාර කිරීම. 
  • රග්බි ක්‍රීඩාව ප්‍රචලිත කිරීම හා ක්‍රීඩාව ඉගෙන ගැනීම සඳහා පළාත් මට්ටමින් ආයතන ඇති කිරීම. 
  • ප්‍රධාන පෙළේ සත්සාමාජික රග්බි තරගාවලි හා සෙසු රග්බි තරගාවලි සඳහා ශ්‍රී ලංකාව සත්කාරක රටක් බවට පත්කිරීම. 

ආසියානු රග්බි පිටියේ ඉදිරිය වෙනස් වන ලකුණු

ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ සභාපති තනතුර මෙරට රග්බි ක්‍රීඩාව තුළ ඇති ඉහළම ධුරය වේ. මෙම ධුරය සඳහා ඡන්ද විමසීමක් පවත්වන අතර ඒ සඳහා ඡන්ද ප්‍රකාශ කිරීමට රග්බි ප්‍රාදේශීය සංගම් වලට අවස්ථාව හිමි වේ. 

ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ 2020 වසර සඳහා වන මහා සභා රැස්වීම එළඹෙන අගෝස්තු මස 29 වන දින පැවැත්වීමට නියමිතය

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්නරග්බි පිටුවට <<