ශ්‍රී ලංකාව, ඉන්දීය කඳවුරේ සරණාගතයන් වීම

ICC Cricket World Cup 2023

554
Sri Lanka Cricket

13 වැනි ලෝක කුසලාන තරග ඉතිහාසයට වාර්තා රැසක් එක් වූ තරගයක් ලෙසින් ශ්‍රී ලංකා – ඉන්දීය තරගය හැඳින්විය හැකි. එහි දී ශ්‍රී ලංකාව දුර්වල වාර්තාවන් රැසක හිමිකාරයන් වෙද්දී, ඉන්දියාව අභිමානවත් වාර්තා රැසක හිමිකාරයන් බවට පත් වෙනවා.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව

  • 33 වැනි තරගය (දිවා/රාත්‍රී) Wankhede, නොවැම්බර් 02, 2023, ICC Cricket World Cup 
  • කාසියේ වාසිය – ශ්‍රී ලංකාව 
  • තරගයේ වීරයා – Mohammed Shami (ඉන්දියාව) 

ඉන්දියාව – කඩුලු 8ක් දැවී 357 (50) Shubman Gill 92, Virat Kohli 88, Shreyas Iyer 82, KL Rahul 21, Ravindra Jadeja 35, ඩිල්ශාන් මධුශංක 5/80 

ශ්‍රී ලංකාව – සියලුම දෙනා දැවී 55 (19.4) ඇන්ජලෝ මැතිව්ස් 12, මහීෂ් තීක්ෂණ නොදැවී 12, කසුන් රාජිත 14, Mohammed Siraj 3/16, Mohammed Shami 5/18 

ඉන්දීය වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩකයන්ට ලකුණු 302ක ජයග්‍රහණයක්. 

55: ශ්‍රී ලංකාව මෙම තරගයේ දී ලකුණු 55කට දැවී යන අතර එය ලෝක කුසලාන තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාව දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින් වාර්තා පොත් අතරට එක් වෙනවා.

ඊට පෙර ඔවුන් අඩුම ලකුණු සංඛ්‍යාවට දැවී යන්නේ 1975 පැවති පළමු ලෝක කුසලානයේ දී බටහිර ඉන්දිය කොදෙව්වන් හමුවේ පන්දුවාර 37.2ක දී ලකුණු 86කට දැවී යෑමයි. 

එමෙන් ම මෙම ඉනිම ලෝක කුසලාන තරග ඉතිහාසයේ කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු අතර සිව්වැනි ස්ථානය ගත් තරගය බවට ද පත්වුනා. 

Score  Team  Overs  Opposition  Ground  Date 
36  කැනඩාව  18.4  ශ්‍රී ලංකාව  Paarl  19-02-2003 
45  කැනඩාව  40.3  එංගලන්තය  Manchester  13-06-1979 
45  නැමීබියාව  14.0  ඕස්ට්‍රේලියාව  Potchefstroom  27-02-2003 
55  ශ්‍රී ලංකාව   19.4  ඉන්දියාව  Wankhede  02-11-2023 
58  බංග්ලාදේශය  18.5  බ. ඉ. කොදෙව්  Mirpur  04-05-2011 

මේ වෙද්දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය හිමි රටවල් 12ක් සිටින අතර, එම රටවල් අතරින් ලෝක කුසලාන තරග ඉතිහාසයේ අඩුම ලකුණු ප්‍රමාණයකට දැවී ගිය රට ලෙසින් ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණියා.

ඊට පෙර එම ලැයිස්තුවේ පළමු ස්ථානයේ රැඳී සිටියේ බංග්ලාදේශයයි. ඔවුන් 2011 ලෝක කුසලානයේ දී බටහිර ඉන්දීය කොදෙව්වන් ඉදිරියේ ලකුණු 58කට දැවී යමින් එතෙක් එම ස්ථානයේ රැදී සිටියා.  

ශ්‍රී ලංකාව ලබා ගත් මෙම ලකුණු සංඛ්‍යාව වාර්තා පොත් අතරට එක් වෙන්නේ ඔවුන්ගේ ජාත්‍යන්තර එක්දින තරග අතර සිව්වැනි දුර්වල ම ඉනිම ලෙසයි. 

Score  Overs  Opposition  Ground   Date 
43  20.1  දකුණු අප්‍රිකාව  Paarl  11-01-2012 
50  15.2  ඉන්දියාව  Colombo (RPS)  17-09-2023 
55  28.3  බටහිර ඉන්දීය කොදෙව්  Sharjah  03-12-1986 
55  19.4  ඉන්දියාව  Wankhede  02-11-2023 
67  24.0  එංගලන්තය  Manchester  28-03-2014 

මෙම ලකුණු සංඛ්‍යාව Mumbai, Wankhede ක්‍රීඩාංගණයේ දී කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින් ද වාර්තා පොත් අතරට එක් වෙනවා. 

එහී ඊට පෙර අඩුම ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය කණ්ඩායම ලෙසින් වාර්තා පොත් අතරට එක් ව තිබුණේ බංග්ලාදේශයයි. ඔවුන් 1998 වසරේ දී ඉන්දියාව හමුවේ පන්දුවාර 36.3ක දී ලකුණු 115කට දැවී යමින් එතෙක් එම වාර්තාවේ පළමු අසුනේ රැඳී සිටියා.  

100-: ශ්‍රී ලංකා කණ්ඩායම කැලැන්ඩර් වසරක් තුළ ලකුණු 100කට අඩුවෙන් දැවී ගිය අවස්ථා 4කට මුහුණ දෙනවා. එය එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ එවැනි දුර්වල ඉනිම් ක්‍රීඩා කළ කණ්ඩායම් අතර පළමු ස්ථානයට පත් වෙනවා.   

Score  Overs  Opposition  Ground  Date 
73  22.0  ඉන්දියාව  Thiruvananthapuram  15-01-2023 
76  19.5  නවසීලන්තය  Auckland  25-03-2023 
50  15.2  ඉන්දියාව  Colombo (RPS)  17-09-2023 
55  19.4  ඉන්දියාව  Wankhede  02-11-2023 

 ඊට පෙර එම ස්ථානය හිමි කරගෙන සිටියේ බංග්ලාදේශය සහ සිම්බාබ්වේ කණ්ඩායම්. ඔවුන් අවස්ථා 3ක් බැගින් මේ ලෙසින් මෙම සීමාවේ දී ප්‍රතිවාදීන් ඉදිරියේ අසරණ වී තිබෙනවා. 

බංග්ලාදේශය මේ වසරේ දී බටහිර ඉන්දීය කොදෙව්වන් හමුවේ ලකුණු 58කට ද, දකුණු අප්‍රිකාව හමුවේ ලකුණු 78කට ද සහ පාකිස්තානය හමුවේ ලකුණු 91කට ද දැවී යමින් ද සහ සිම්බාබ්වේ 2018 වසරේ දී ඇෆ්ගනිස්තානය හමුවේ ලකුණු 95කට ද, පාකිස්තානය හමුවේ ලකුණු 67කට ද සහ දකුණු අප්‍රිකාව හමුවේ ලකුණු 78කට ද දැවී යමින් එහි රැඳී සිටියා.

ශ්‍රී ලංකාව මෙම අවස්ථා 4න් 3ක දී ම ඉන්දියාව හමුවේ අසරණ වී ඇති අතර එවැන්නක් වාර්තා වූ පළමු අවස්ථාව ද මෙය වෙනවා.

302: ලෝක කුසලාන තරග ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායම මේ සා ලකුණු ප්‍රමාණයකින් පරාජය වූ තරග අතරට මෙම තරගය එක් වෙන්නේ පළමුවැන්න ලෙසයි. ඔවුන් ඊට පෙර මෙලෙස පරාජය වී තිබුණේ 1975 පළමු ලෝක කුසලාන තරගාවලියේ දී පාකිස්තානය හමුවේ ලත් ලකුණු 192ක පරාජයයි.

  • මෙම තරග ජයග්‍රහණයත් සමඟින් ලෝක කුසලාන තරග ඉතිහාසයේ වැඩිම ලකුණු පරතරයකින් ජයගත් කණ්ඩායම් අතර දෙවැනි ස්ථානය හිමි කර ගැනීමට ඉන්දියාව සමත් වුනා. එම ලැයිස්තුවේ පළමු ස්ථානය හිමි වෙන්නේ මෙවර තරගාවලියේ දී නෙදර්ලන්තයට එරෙහිව ලකුණු 309ක ජයග්‍රහණයක් ලබා ගත් ඕස්ට්‍රේලියාවටයි.  
  • එය ඉන්දීය ලෝක කුසලාන තරග ඉතිහාසයේ ඉහළ ම දක්ෂතාව ලෙසින් තරග පොත් අතරට එක් වූ අතර ඊට පෙර එහි රැඳී තිබුණේ 2007 ලෝක කුසලානයේ දී බර්මුඩා කණ්ඩායමට එරෙහිව ලකුණු 257කින් ජයග්‍රහණය කළ තරගයයි.
  • මෙම පරාජය ජාත්‍යන්තර එක්දින තරග ඉතිහාසයේ කණ්ඩායමක් පරාජය වූ වැඩිම ලකුණු පරතරය අතර සිව්වැනි තැනට පත්වුනා. එහි පළමු ස්ථානයේ ද රැඳී සිටින්නේ ද මෙම කණ්ඩායම් 2 ම වීම විශේෂත්වයක්. ඒ මේ වසරේ දී ඉන්දීය කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකාව ලත් ලකුණු 317ක පරාජයයි.

5/18 (5.0): දකුණතින් වේගපන්දු යැවූ 33 වැනි වියේ පසුවන Mohammed Shami මෙම තරගයේ දී දක්වන්නේ තම ජාත්‍යන්තර එක්දින තරග දිවියේ ඉහළ ම දක්ෂතාවයි. ඊට පෙර ඔහුගේ හොඳම දක්ෂතාව වී තිබුණේ මේ වසරේ දී ම ඕස්ට්‍රේලියාවට එරෙහි ව Mohali හි දී ලකුණු 51කට දවා ගත් කඩුලු 5යි. ඔහු ඒ වෙනුවෙන් පන්දුවාර 10.0ක් යවනවා. 

45: Mohammed Shami මෙම තරගයත් සමඟින් ලෝක කුසලාන තරග 14ක ඉනිම් 14ක දී කඩුලු 45ක් දවා ගන්නා ලද අතර එය ඉන්දීය පන්දු යවන්නන් අතරින් ලෝක කුසලාන තරගවල වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නා බවට පත්වුනා.

එතෙක් එම ස්ථානයේ රැඳී සිටියේ Zaheer Khan සහ Javagal Srinath. ඔවුන් දෙදෙනා කඩුලු 44ක් බැගින් ලබා ගෙන තිබුණා. Zaheer Khan තරග 23ක ඉනිම් 33ක දී ද සහ Javagal Srinath තරග 34ක ඉනිම් 33ක දී ද මෙම දක්ෂතාව දක්වා තිබුණා.

4: Mohammed Shami මෙම තරගයේ දී ලබා ගත් කඩුලු 5ත් සමඟින් එවන් දක්ෂතාවක් කළ සිව්වැනි අවස්ථාව උදා කර ගත්තා.

ඒ සමඟින් එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ එවන් දක්ෂතාවක් කළ පළමු ඉන්දීය පන්දු යවන්නා බවට පත් වීමට ද ඔහු සමත් වුනා. එතෙක් එහි රැඳී සිටියේ Harbhajan Singh සහ Javagal Srinath. ඔවුන් දෙදෙනා අවස්ථා 3 බැගින් වාර්තා කරමින් එම ස්ථානය හිමිකර ගෙන සිටියා.

3: Mohammed Shami ලෝක කුසලාන තරග ඉතිහාසයේ කඩුලු 5ක් දවා ගත් 3 වැනි අවස්ථාවයි මේ. එය එම තරග ඉතිහාසයේ ඕස්ට්‍රේලියාවේ Mitchell Starc හා සමඟ සම දක්ෂතා දැක්වීමක් වුනා. Mitchell Starc මෙම දක්ෂතාව කරන්නේ තරග 24කට සහභාගී වෙමිනුයි.  

7: Mohammed Shami, ලෝක කුසලාන තරග ඉතිහාසයේ තරගයක කඩුලු 4කට වැඩියෙන් ලබා ගත් 7 වැනි අවස්ථාවයි මේ වාර්තා කරන්නේ. ඒ අනුව එවන් දක්ෂතාවක් කළ පළමුවැන්නා බවට ඔහු පත් වෙනවා.

එම දක්ෂතාවත් සමඟින් එතෙක් සම ස්ථානයේ සිටි ඕස්ට්‍රේලියාවේ Mitchell Starc එහි දෙවැනි ස්ථානය දක්වා පහත වැටෙනවා. Mitchell Starc එහි රැඳී සිටියේ අවස්ථා 6ක දී එම දක්ෂතාව දක්වමින්. 

5/80 (10.0): ඩිල්ශාන් මධුශංක තම ජාත්‍යන්තර එක්දින තරග 13ක හොඳම දක්ෂතාව දක්වන්නේ මෙම තරගයේ දීයි. ඊට පෙර ඔහුගේ ඉහළ ම දක්ෂතාව වී තිබුණේ මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී ම නෙදර්ලන්තයට එරෙහිව ලකුණු 49කට දවා ගත් කඩුලු 4යි.  

92: ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු Shubman Gill තම මංගල ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන්නේ මෙවරයි. එහි දී ඔහුගේ ලෝක කුසලාන තරගවල හොඳම ඉනිම බවට වාර්තා වන්නේ මෙම තරගයේ දී ලබා ගන්නා ලද ලකුණු 92යි.

88: Virat Kohliගේ මෙම ඉනිමත් සමඟින් මේ වසරේ දී ලකුණු 1000ක් ඉක්මවා රැස් කිරීමට සමත් වෙනවා. ඔහු වසරක දී ලකුණු දහසක් ඉක්මවා ලබා ගන්නේ 2019 වසරට පසුවයි.  

82: Shreyas Iyerගේ මෙම ඉනිමත් සමඟින් ඔහු තම එක්දින ජාත්‍යන්තර තරග දිවියේ ලකුණු 2000ක් ඉක්මවා ලබා ගැනීමට සමත් වෙනවා.

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය පිළිබඳ සියලු උණුසුම් පුවත් සහ පිටියෙන් පිටත සිදු වූ රසබර තොරතුරු ද ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<