ආසියානු 18න් පහළ පාපන්දු ශූරතාවයට ක්‍රීඩකයින් තේරීමේ ඇරඹේ

154

46 වන වරටත් පැවැත්වෙන ආසියානු පාසල් වයස අවුරුදු 18න් පහළ පාපන්දු ශූරතාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරාගැනීමේ මූලික තරග හෙට (16) කොළඹ දී පැවැත්වීමට නියමිතයි.

ඉන්දියාවෙන් පහර කෑ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ භූතානය හමුවේ කබලෙන් ලිපට

2018 SAFF වයස අවුරුදු 15න් පහළ කාන්තා පාපන්දු ශූරතාවලියේ ශ්‍රී ලංකාව සහභාගී..

තරගාවලිය ඉන්දියාවේ අග්‍රා හිදී සැප්තැම්බර් මස 20 වැනිදා සිට 30 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

තේරීම් තරග හෙට කොළඹ 2, සිටි පාපන්දු ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර 2000/2001 වසරවල හෝ ඒ වසරවලින් පසුව ඉපදුණු පාසල් ක්‍රීඩකයින් හට මෙම අවස්ථාව හිමිවන්නේ එක් පාසලකින් ක්‍රීඩකයින් තිදෙනෙක් ලෙසය.

1976 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වරට මෙම තරගාවලියට එක්වූ අතර මෙම තරගාවලිය නැගී එන පාසල් පාපන්දු ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර තලයේ අත්දැකීම් ලබා ගැනීමට ඉතා හොඳ අවස්ථාවක් වනු ඇත.  

>>තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට<<