2026 ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද (29) එක්සත් අරාබි එමීර් රාජ්‍ය්‍ය සමඟින් එරට Dubai ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සුපුරුදු ලෙසින් ම චමරි අතපත්තුගේ නායකත්වයෙන් තරග බිමට පිවිසෙන අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවැරී ඇත්තේ 28 වැනි වියේ පසුවෙන Esha Oza වෙතයි.
නිමා වූ ආසියානු කුසලානයේ ශූරියන් ලෙසින් අද තරගයට එක් වෙන ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියට පිවිසෙන්නේ මෙවර තරගාවලියේ ද වඩාත් දක්ෂතා දක්වනු ලබන කණ්ඩායම් අතර සිටිමිනුයි.
දෙරට ක්‍රීඩිකාවෝ මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ දී එකිනෙකා හමු වී ඇත්තේ අවස්ථා 2ක දී පමණක් වන අතර ඒ සෑම අවස්ථාවක ම ජයග්‍රහණ හිමිකර ගෙන ඇත්තේ ශ්‍රී ලංකාවයි.
>>ආසියානු කුසලානයේ කෙල්ලන්ගේ සෙල්ලං<<
එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායමේ නායිකාව වන Esha Oza මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 117ක ඉනිම් 115ක දී ශතක 5ක් සමඟින් ලකුණු 3403ක් ලබා සිටින ක්‍රීඩිකාවක්. ඊට අමතර ව ඇය පිට දඟ පන්දු යවමින් ඉනිම් 96ක දී කඩුලු 100ක් ද ලබා සිටිනවා.
ඇය ගේ එම දක්ෂතා එරට විස්සයි විස්ස ජාත්‍යන්තර තරග ලැයිස්තුවේ වාර්තා වී ඇත්තේ පිතිකාරිනින් අතර 1 වැනියා ලෙසත් සහ පන්දු යවන්නියන් අතර 2 වැනියා ලෙසත් ය.
ඇය අවසන් වරට නිමා කළ විස්සයි විස්ස ජාත්‍යන්තර ඉනිම් 5 අවසන් කරන්නේ ශතකයකට ලකුණු 8ක් අඩු අර්ධ ශතකයක් ද සමඟින් ලකුණු 321ක් ලබා ගනිමිනුයි. එහි සාමාන්‍ය 77.0ක් ලෙසින් පවත්වා ගෙන යෑමට ද ඇය සමත් වෙනවා. පන්දු යැවීමේ දී ද ඇය අවසන් ඉනිම් 5 දී කඩුලු 10ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා.
ඇයට අමතර ව කණ්ඩායම හා එක් ව සිටින පිතිකාරිනියන් අතර කණ්ඩායමේ කඩුලු රැකීමේ අත් ආවරණ ද හිමි Theertha Satish, තරග 104ක ඉනිම් 97ක දී අර්ධ ශතක 13ක් සමඟින් ලකුණු 2372ක් ලබා සිටිමින් විශ්වසනීය ක්‍රීඩිකාවක ලෙසින් කණ්ඩායම හා එක් ව සිටිනවා.
ඊට අමතර ව Samaira Dharnidharka (ලකුණු 453), Rinitha Rajith (ලකුණු 430), සහ Heena Hotchandani (ලකුණු 358) ද එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම වෙනුවෙන් පිතිකරු බලඇණිය ශක්තිමත් කිරීමට බලා සිටින ක්‍රීඩිකාවන් ලෙසින් පෙළ ගැසී සිටිනවා.
පන්දු යැවීමේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායමේ වඩාත් විශ්වසනීය පන්දු යවන්නිය වී ඇත්තේ 19 වැනි වියේ පසුවෙන පා දඟ පන්දු යවන Vaishnave Mahesh. ඇය එරට වෙනුවෙන් වැඩිම කඩුලුලාභිනිය වන අතර මේ දක්වා තරග 102ක ඉනිම 96ක දී කඩුලු 125ක් ලබා සිටිනවා.
ඊට අමතර ව Samaira Dharnidharka කඩුලු 59ක් ලබා ගනිමින් ද, Heena Hotchandani කඩුලු 45ක් ලබා ගනිමින් ද සහ Suraksha Kotte කඩුලු 43ක් ලබා ගනිමින් ද ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රතිවිරුද්ධව එක් වීමට බලාපොරොත්තුව සිටිනවා.
- තායිලන්ත ක්‍රීඩිකාවෝ පළමු තරගය ජය ගනී
- සොනාල් දිනූෂ ශ්‍රී ලංකාවේ ගැලවුම්කරු බවට පත් වෙයි
- අශානි, ශෂිනි සහ මල්කි දක්ෂතා දක්වයි
- නිලක්ෂිකා පිට පිට 2 වැනි අර්ධ ශතකයත් ලබා ගනී
- ඉමේෂා දුලානි මංගල T20 ශතකය රැස් කරයි
චමරි අතපත්තු අද තරග බිමට පිවිසෙන්නේ තම 120 වැනි තරගයට නායකත්වය ලබා දෙමිනුයි. ඇය මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 165ක ඉනිම් 162ක දී ශතක 4ක් සමඟින් ලකුණු 4037ක් සහ කඩුලු 77ක් ලබා සිටින ලොව අංක එකේ ශ්‍රේණිගත ක්‍රීඩිකාවක් ලෙසිනුයි සැලකෙන්නේ.
එමෙන් ම ශ්‍රී ලංකා කණ්ඩායමේ විශ්වාසනීය පිතිකාරිනියන් අතර විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 91ක දී අර්ධ ශතක 9ක් සමඟින් ලකුණු 1837ක් ලබා සිටින හර්ෂිතා සමරවික්‍රම, විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 120ක ඉනිම් 100ක දී අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 1374ක් ලබා සිටින නිලක්ෂිකා සිල්වා, විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 101ක ඉනිම් 90ක දී අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 1061ක් ලබා සිටින හසිනි පෙරේරා ද සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 59ක ඉනිම් 57ක දී අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 863ක් ද ලබා සිටින විශ්මි ගුණරත්න ද කණ්ඩායම හා එක් ව සිටිනවා.
පන්දු යැවීමේ දී කඩුලු 77ක් ලබා සිටින කවීෂා දිල්හාරි සහ කඩුලු 75ක් ලබා සිටින සුගන්දිකා කුමාරි ශ්‍රී ලංකා කණ්ඩායමේ වගකීම් ගත හැකි පන්දු යවන්නියන් ලෙසින් සැලකෙනවා.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම
චමරි අතපත්තු (නායිකාව), ඉමේෂා දුලානි, සංජනා කාවින්දි, හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, කවීෂා දිල්හාරි, හසිනි පෙරේරා, කෞෂනි නුත්‍යාංගනා (කඩුලු රකින්නිය), කාව්‍යා කාවින්දි, නිලක්ෂිකා සිල්වා, මිතාලි අයෝධ්‍යා, සුගන්දිකා කුමාරි, චමුදි ප්‍රබෝධා, දෙව්මි විහංඟා සහ චේතනා විමුක්ති.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය කාන්තා කණ්ඩායම
Esha Oza (නායිකාව), Theertha Satish (කඩුලු රකින්නිය), Rinitha Rajith, Heena Hotchandani, Samaira Dharnidharka, Lavanya Keny, Suraksha Kotte, Siya Gokhale, Indhuja Nandakumar, Vaishnave Mahesh, Athige Silva, Archara Supriya, Mehul Pranav Kulkarni, Janani Thirukkumaran, Uttara Iyer.
ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















