“ආසියානු පැරා ක්‍රීඩා උළෙලට අපි සූදානම්”

142

3 වන ආසියානු පැරා ක්‍රීඩා උළෙල මෙම මස (ඔක්තෝබර්) 06 වැනිදා සිට 13 වැනිදා දක්වා ඉන්දුනීසියාවේ ජකර්තා නුවර දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. මෙම ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 35 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් සහභාගී වීමට නියමිතය.

පළමු දිනයේම නව වාර්තා තුනක් බිහි වේ

34 වැනි දිනට පවත්වනු ලබන සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (1) ආරම්භ විය…

ශ්‍රී ලංකා සංචිතය දුනු විදීම, ජවන හා පිටිය මලල ක්‍රීඩා, බැඩ්මින්ටන්, දෘශ්‍යාබාධිත චෙස්, සවි එසවීම, පිහිනුම් තරග, වෙඩි තැබීම, මේස පන්දු හා රෝද පුටු ටෙනිස් යන ක්‍රීඩා ඉසව් 09ක් සඳහා තරග වදින අතර ජාතික සංචිතයේ නායකත්වය දිනේෂ් ප්‍රියන්ත හේරත් විසින් දරනු ලබයි. ඔහු හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් (T46) 2016 වසරේ බ්‍රසීලයේ පැවති පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ලෝකඩ පදක්කමත්, 2017 වසරේ එංගලන්තයේ ලන්ඩන් නුවර පැවති ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා උළෙලේ දී රිදී පදක්කමත් හිමිකර ගැනීමට සමත් විය. ඔහුට අමතරව ජාත්‍යන්තර මට්ටමේ දස්කම් දැක්වීමට සමත් වූ උපුල් ඉන්දික චූලදාස (100m, 200m), සම්පත් හෙට්ටිආරච්චි (හෙල්ල විසි කිරීම), සම්පත් බණ්ඩාර (දුනු විදීම), දිනේෂ් දේශප්‍රිය (මේස පන්දු) හා ගාමිණී දිසානායක (රෝද පුටු ටෙනිස්) වැනි ක්‍රීඩකයින් ද මෙම සංචිතයට ඇතුළත් කොට තිබේ.

අහමඩ්ගේ උත්සාහයෙන් සාන්ත පීතර ක්‍රීඩක හිරුෂගේ සිහින බිඳ වැටේ

නව වාර්තා 11ක් සමඟින් 34 වැනි සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා උළෙලේ දෙවැනි දිනය …

මීට ප්‍රථම 2014 වසරේ දකුණු කොරියාවේ දී පැවති 2 වන ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ දී මුළු පදක්කම් 14ක් හිමිකර ගෙන එම ක්‍රීඩා උළෙලේ 19 වන ස්ථානය හිමිකර ගැනීමට සමත් විය. එම පදක්කම් එකතුවට එක් රන් පදක්කමක්, රිදී පදක්කම් 6ක් හා ලෝකඩ පදක්කම් 7ක් ඇතුළත් විය. 2010 වසරේ පැවති පළමු ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ දී ද එක් රන් පදක්කමක්, රිදී පදක්කම් 2ක් හා ලෝකඩ පදක්කම් 6ක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා සංචිතය සමත් වී ඇත.

මෙවර පැවැත්වෙන 3 වන ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ දී ද දස්කම් දක්වා මව්බිමට කීර්තියක් ගෙන ඒමට හැකි වේවා යි යන්න ThePapare.com අපගේ ප්‍රාර්ථනයයි. ක්‍රීඩා උළෙලේ සවිස්තර වාර්තා සඳහා පිවිසෙන්න wwwThePapare.com/athletics වෙත.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<