ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club කාන්තා සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග ද්විත්වයක් පෙර දින (24) අවසන් වූ අතර එහි දී Air Force SC සහ SSC කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වුණා.
පැවැති තරගවල දී Air Force SC කණ්ඩායමේ අශානි කෞශල්‍යා දිනයේ ලබා ගත් එක ම අර්ධ ශතකය වාර්තා කළ අතර පන්දු යැවීමේ දී එම කණ්ඩායමේ ම ශෂිනි ප්‍රනාන්දු (5/09) සහ මල්කි මදාරා (4/14) පන්දු යැවීමේ දී දක්ෂතා දැක් වූවා.
- නිලක්ෂිකා පිට පිට 2 වැනි අර්ධ ශතකයත් ලබා ගනී
- Major Club කාන්තා එක්දින තරග ආරම්භ වෙයි
- Major Club එක්දින තරගාවලියට දින වෙන් කරයි
- කෝඩුකාර සංජනා පාකිස්තානය පාලනය කරයි
- ඉමේෂා දුලානි මංගල T20 ශතකය රැස් කරයි
නිමා වූ තරගවල කෙටි ලකුණු පුවරු
Air Force SC සහ Chilaw Marians CC අතර තරගය, කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී.
- Air Force SC – කඩුලු 8ක් දැවී 276 (50.0) අශානි කෞශල්‍යා 57, ශෂිනි ප්‍රනාන්දු 25, මල්ශා ෂෙහානි 32, මල්කි මදාරා 24, සඳනි තිවංකා නොදැවී 26, සවින්දි කුරේ නොදැවී 34, සසිනි අල්විස් 2/48, වෙතුම්‍යා විජේසූරිය 2/67
- Chilaw Marians CC – සියලුම දෙනා දැවී 107 (43.5) විනුදි වීරසූරිය 20, සඳුනි නිසංසලා 38, මල්කි මදාරා 4/14, ශෂිනි ප්‍රනාන්දු 5/09
Air Force SC කණ්ඩායමට ලකුණු 169ක ජයක්.
Ace Capital CC සහ SSC අතර තරගය, කොළඹ SLLDC ක්‍රීඩාංගණයේ දී.
- SSC – කඩුලු 9ක් දැවී 164 (50.0) ලිහිණි අප්සරා 22, චතුරානි ගුණවර්ධන 42, අමා කාංචනා 29, වගීශා ජයවර්ධන 3/23, තරුෂි උත්පලා 2/21
- Ace Capital CC – කඩුලු 8ක් දැවී 42 (20.0) ඉමල්ෂි ලියනගේ 16, ඉනෝෂි ප්‍රනාන්දු 4/06
SSC කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 116ක 2ක ජයක්.
Major Club කාන්තා එක්දින සිමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















