2026 ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ අද (29) පැවැති සත්කාරක එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරගයෙන් කඩුලු 9ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූවා.
Dubai ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති එම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය කාන්තා කණ්ඩායම සියලුම දෙනා දැවී ලබා ගන්නේ ලකුණු 79ක් පමණක් වන අතර එම ඉලක්කය තවත් පන්දු 73ක් ද ඉතිරි කර ගනිමින් සපුරා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වෙනවා.
>>ශ්‍රී ලංකාව සත්කාරිකාවන් සමඟ අද තරග බිමට
මෙම තරගයේ දී 24 වැනි වියේ පසුවෙන දකුණතින් මඳ වේග පන්දු යවන චේතනා විමුක්ති ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස ජාත්‍යන්තර තරග වරම් දිනා ගැනීමට සමත් වූවා.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම
චමරි අතපත්තු (නායිකාව), ඉමේෂා දුලානි, සංජනා කාවින්දි, හර්ෂිතා සමරවික්‍රම, කවිෂා දිල්හාරි, කෞශිනි නුත්‍යාංගනා (කඩුලු රකින්නිය), නිලක්ෂිකා සිල්වා, සුගන්දිකා කුමාරි, චමුදි ප්‍රබෝධා, චේතනා විමුක්ති සහ මිතාලි අයෝධ්‍යා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය කාන්තා ක්‍රිකට් කණ්ඩායම
Esha Oza (නායිකාව), Theertha Satish (කඩුලු රකින්නිය), Lavanya Keny, Heena Hotchandani, Samaira Dharnidharka, Rinitha Rajith, Vaishnave Mahesh, Indhuja Nandakumar, Athige Silva, Suraksha Kotte.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායිකාවගේ ආරාධනාව මත පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සත්කාරක එක්සත් අරාබි එමීර් රාජ්‍යය ක්‍රීඩිකාවෝ ඉනිම ආරම්භයේ සිට ම ගමන් කළේ මඳ වේගී ලකුණු ලබා ගැනීමකින් යුතුවයි.
එම කණ්ඩායමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ ආරම්භක පිතිකාරිනී නායිකා Esha Oza. ඇය පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 18ක් ලබා ගන්නවා.
ඊට අමතර ව Samaira Dharnidharka පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 17ක් ද සහ Rinitha Rajith පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුනු 15ක් ද ලබා ගත්තා.
ඔවුන්ගේ ඉනිමේ පළමු කඩුල්ල පළමු පන්දුවාරයේ දී ම දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වෙනවා. අනතුරු ව අද තරගයේ දී විස්සයි විස්ස ජාත්‍යන්තර වරම් දිනා ගත් චේතනා විමුක්ති, තමන් විසින් යැවුණ 2 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවේ දී Lavanya Keny දවා ගනිමින් තමන්ගේ ජාත්‍යන්තර කඩුලු ගිණුම විවෘත කර ගත්තා.
ඉන් නොනැවතුණ ඇය ඉන් අනතුරු ව යැවුණ ඉනිමේ 19 වැනි පන්දුවාරයේ දී තවත් කඩුලු ද්විත්වයක් ද දවා ගැනීමට සමත් වෙනවා. ඇය තමන් ගේ පළමු ජාත්‍යන්තර විස්සයි විස්ස තරගය අවසන් කරන්නේ පන්දුවාර 4ක් යවමින් ලකුණු 16කට කඩුලු 3ක් දවා ගනිමිනුයි.
ඇයට අමතර ව මිතාලි අයෝධ්‍යා ද තම විස්සයි විස්ස ජාත්‍යන්තර තරග දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කරමින් ලකුණු 14කට කඩුලු 3ක් දවා ගත්තා. ඊට අමතර ව සුගන්දිකා කුමාරි කඩුලු ද්විත්වයක් ද, කවීෂා දිල්හාරි සහ චමරි අතපත්තු කඩුල්ල බැගින් ද දවා ගත්තා.
- තායිලන්ත ක්‍රීඩිකාවෝ පළමු තරගය ජය ගනී
- සොහාන්, හිරාන්, මුදිත, පවන් සහ ශානික්‍ය මංගල අර්ධ ශතක වාර්තා කරයි
- නිලක්ෂිකා පිට පිට 2 වැනි අර්ධ ශතකයත් ලබා ගනී
- ශෙහාරි කඩුලු 7ක් දවා ගනීද්දී විශ්මි ශතකයක් ලබා ගනී
- ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි
ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භක පිතිකාරිනියන් ලෙසින් කටයුතු කරන්නේ චමරි අතපත්තු සහ ඉමේෂා දුලානි. ඔවුන් දෙදෙනා විසින් ශ්‍රී ලංකා ඉනිමේ පළමු ලකුණු 50 පන්දු 33කින් වාර්තා කිරීමට සමත් වෙන අතර එම කඩුල්ල සඳහා ලකුණු 57ක සබඳතාවක් ද එක් කරනවා.
ඒ සඳහා පන්දු 35ක් පමණක් වැය වූ අතර එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ ඉමේෂා දුලානි දුවද්දී දැවී යෑමකට ගොදුරු වීමත් සමඟිනුයි. ඒ වන විට ඇය පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 25ක් ලබා සිටියා.
ඇය ගේ දැවී යෑමෙන් අනතුරු ව චමරි අතපත්තුට සංජනා කාවින්දි එක් වූ අතර ඔවුන් දෙදෙනා තරගය ජයග්‍රහණය කරා රැගෙන යන විට 2 වැනි කඩුල්ලට පන්දු 12ක දී ලකුණු 23ක නොදැවුණ සබඳතාවක් එක් කරනවා.
තරගය ජයග්‍රහණයෙන් අවසන් වෙද්දී චමරි අතපත්තු පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 48ක් ද සහ සංජනා කාවින්දි පන්දු 4ක දී නොදැවී ලකුනු 5ක් ද ලබා සිටියා.
2 වැනි තරගය, B කාණ්ඩය (රාත්‍රී), ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර Dubai ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය.
කාසියේ වාසිය – ශ්‍රී ලංකාව
- එක්සත් අරාබි එමීර් රාජ්‍යය කාන්තා කණ්ඩායම – සියලුම දෙනා දැවී 79 (19.5)Esha Oza 18, Samaira Dharnidharka17, මිතාලි අයෝධ්‍යා 3/14, චේතනා විමුක්ති 3/16, සුගන්දිකා කුමාරි 2/18
- ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – කඩුල්ලක් දැවී 80 (7.5)ඉමේෂා දුලානි 25, චමරි අතපත්තු නොදැවී 48
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 6ක ජයක්.
තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වන 2 වැනි තරගය සැප්තැම්බර් 2 වැනිදා ඉන්දුනීසියාව සමඟින් Dubai ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















