ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සුපිරි පළාත් සටන ඇරඹේ

196

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සීමිත පන්දුවාර කාන්තා සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලිය මේ මස (03) වැනිදා (අද) කොළඹ දී ඇරඹීමට නියමිතයි.

පොදුරදමඬුලු දොරට කාන්තා ක්‍රිකට් තට්ටු කරයි

පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් 73ක සහභාගිත්වයෙන් 2022 වසරේ ජූලි මස 27..

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් තවදුරටත් ඉහළට නංවාලීමේ අරමුණින් සංවිධානය වන මෙම තරගාවලිය දෙසැම්බර් 3 වැනිදා සිට 10 වැනිදා දක්වා පැවැත්වෙන අතර ඒ සඳහා කොළඹ, මහනුවර, ගාල්ල හා දඹුල්ල යන කණ්ඩායම් හතර සහභාගී වේ. ලීග් ක්‍රමයට අනුව පැවැත්වෙන මේ තරගාවලියේ මූලික වටයේ දී එක් කණ්‌ඩායමක්‌ තරග තුනකට සහභාගි වීමට නියමිතයි. අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ වැඩිම ලකුණු ලබා ගන්නා කණ්ඩායම් දෙක අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබාගනු ඇත.

>> මල්ෂා සහ උමේෂාගේ සුපිරි දස්කම්වලින් මහනුවරට ජය

එසේම මේ වසරේ අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පළමු වතාවට සංවිධානය කරනු ලැබූ වයස අවුරුදු 23න් පහළ කාන්තා ක්‍රිකට් තරගාවලිය ද ඉතාමත්  සාර්ථකව අවසන් වූ අතර එහි ශූරතාවය දිනා ගත්තේ මල්ෂා ෂෙහානි නායකත්වය දරනු ලැබූ මහනුවර කණ්ඩායම විසිනි.

තරග කාල සටහන

  • දෙසැම්බර් 03 – දඹුල්ල හා කොළඹ අතර මුවර්ස් ක්‍රිකට් පිටිය
  • දෙසැම්බර් 03 – මහනුවර හා ගාල්ල අතර කටුනායක මේරියන්ස් ක්‍රිකට් පිටිය
  • දෙසැම්බර් 05 – දඹුල්ල හා මහනුවර අතර කටුනායක මේරියන්ස් ක්‍රිකට් පිටිය
  • දෙසැම්බර් 05 – කොළඹ හා ගාල්ල අතර තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රිකට් පිටිය
  • දෙසැම්බර් 07 – මහනුවර හා කොළඹ අතර මුවර්ස් ක්‍රිකට් පිටිය
  • දෙසැම්බර් 07 – ගාල්ල හා දඹුල්ල අතර බී. ආර්. සී ක්‍රිකට් පිටිය
  • අවසන් මහා තරගය – දෙසැම්බර් 10 – පී. සරා ඕවල් ක්‍රිකට් පිටිය

මෙම සීමිත පන්දුවාර කාන්තා සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කරනු ලබන සංචිතයන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් මාධ්‍යයට නිකුත් කර නොමැති අතර තරගාවලියේ සියලුම තතු හා සේයා රූ ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්ව සිටියි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<