මියන්මාරය සහ ශ්‍රී ලංකාව අතර ඊයේ (10) දිනයේ දී පැවැත්වුණු සුහද පාපන්දු තරගයෙන් ගෝල 2-0ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට මියන්මාරය සමත් වුනා.
මියන්මාරයේ Yangon හිදි පැවැත්වුණු මෙම තරගයේ දී සුජාන් පෙරේරාගේ නායකත්වය යටතේ Wade Dekker සහ Oliver Kelaart පෙරමුණේ තබමින් 4-3-3 සංයෝජනය සහිතව ශ්‍රී ලංකාව තරග බිමට පිවිසුණා.
- SAFF U20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පාපන්දු සංචිතය නම් කරයි
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්රසීලයට නොසිතූ පරාජයක්!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
තරගයේ පළමු අර්ධය තුළ ශ්‍රී ලංකාව පසු පාදයට තල්ලු කළ මියන්මාරය ප්‍රබල ලෙස තරගයට අවතීර්ණ වෙමින් ගෝලයක් වාර්තා කිරීමට ද සමත් වුනා.
කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධයේ දී ශ්‍රී ලංකාව ද තරගයට අවතීර්ණ වීමට සාධනීය උත්සාහයක් දැරූ නමුත් මියන්මාර ක්‍රීඩක Mg Mg Lwin විසින් තරගයේ 53 වැනි මිනිත්තුවේ දී වාර්තා කළ ගෝලයත් සමඟ ශ්‍රී ලංකාව නැවත පසු පාදයට තල්ලු වුනා.
- මියන්මාරය 2 – 0 ශ්‍රී ලංකාව
දෙරට අතර පැවැත්වීමට නියමිත දෙවැනි තරගය 13 වැනි දා ක්‍රියාත්මක වනු ඇති.
තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
<<තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න>>