හිරුණිගේ වාර්තා ගොන්නට තවත් වාර්තාවක්

168

ඇමරිකාවේ ඔරිගන් ප්‍රෝට්ලන්ඩ් මලල ක්‍රීඩා උළෙලේ පැවති මීටර 10000 ධාවන තරග ඉසව්වක දී වසර 15ක් පැරණි ශ්‍රී ලංකා වාර්තාවක් බිඳ හෙලීමට ශ්‍රී ලංකා මැරතන් ක්‍රීඩිකාවක් වන හිරුණි විජේරත්න සමත්ව ඇත.

හිරුණි එකොළොස්වැනියා ලෙස තරගය නිමා කරයි

ශ්‍රී ලාංකීය මැරතන් ධාවන ක්‍රීඩිකා හිරුණි විජේරත්න අද (15) පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මැරතන් ඉසව්වට සහභාගී වූ අතර අද නිමා වීමට නියමිත මෙවර ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව වෙනුවෙන්…

එම තරග ඉසව්වේ දී 12 වැනි ස්ථානය දිනා ගත් හිරුණි තරගය නමා කළේ මිනිත්තු 33:55.06ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමිනි. ඇය විසින් එම තරග ඉසව්වේ දී බිඳ හෙලුවේ 2003 දී සුගතදාස ක්‍රීඩාංගණයේ පැවති මලල ක්‍රීඩා තරගාවලියක දී සුජීවා නිල්මිණි ජයසේන විසින් මිනිත්තු 33:57.96ක කාලයක් වාර්තා කරමින් තබා තිබූ ශ්‍රී ලංකා වාර්තාවකි. ඒ අනුව හිරුණි මිනිත්තු දෙකකට ආසන්න කාලයකින් එම වාර්තාව අලුත් කර තිබේ.

මීට පෙර අර්ධ මැරතන්, මැරතන්, කිලෝමීටර 30 (මාර්ග ධාවන තරග) , කිලෝමීටර 15 (මාර්ග ධාවන තරග), කිලෝමීටර 10 (මාර්ග ධාවන තරග) හා කිලෝමීටර 5 (මාර්ග ධාවන තරග) යන සියලු තරග ඉසව්වල ශ්‍රී ලංකා වාර්තාව ලියැවී තිබුණේ හිරුණිගේ නමට වන අතර අද පටන් මීටර 10000 කාන්තා තරග ඉසව්වේ ජාතික වාර්තාව ද ඇයගේ නමට ඉදිරියෙන් ලියවෙනු ඇත.

ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත් වන ශ්‍රී ලාංකික මැරතන් ක්‍රීඩිකාවක් වන හිරුණි විජේරත්න මේ වසරේ ජනවාරි 14 වැනිදා ටෙක්සාස් හි හියුස්ටන් ප්‍රදේශයේ පැවැත්වූනු මැරතන් තරගයේ දී 2:36.35ක කාලයක් තුළ සිය ඉසව්ව අවසන් කරමින් ශ්‍රී ලංකා වාර්තාවක් අලුත් කිරීම ආරම්භ කරන ලදි.

ශ්‍රී ලංකා වාර්තා පොතට හිරුණිගෙන් තවත් වාර්තාවක්

ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත් වන ශ්‍රී ලාංකික මැරතන් ක්‍රීඩිකාවක් වන හිරුණි විජේරත්න ඊයේ (14) ටෙක්සාස් හි හියුස්ටන් ප්‍රදේශයේ පැවැත්වූනු මැරතන් තරගයේ දී 2:36.35ක කාලයක් තුළ සිය

මීට වසර 17කට පමණ පෙර ඇය ඇමරිකාවේ පදිංචියට ගිය අතර ලන්ඩන් හිදී පැවැත්වූ IAAF ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී ඇය ශ්‍රී ලංකාව නියෝජනය කළාය. නමුත් ඇය එහි පැවැත්වූ මැරතන් තරගයේ 21km පමණ නිමා කර තිබිය දී අවාසනාවන්ත ලෙස පාදයේ ඇදීමකට ලක්වීම නිසා තරගය නිමා කිරීමට නොහැකි විය. ඇය එම තරගාවලියට සුදුසුකම් ලබාගත්තේ ඇමරිකාවේ පැවැත්වූ මැරතන් තරගාවලියක දී 02:43.31ක කාලයක් ප්‍රදර්ශනය කරමිනි.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ පැවැත්වූ කොළඹ මැරතන් තරගාවලියේ දී ඇය එහි අර්ධ මැරතන් තරගාවලියට සහභාගි වී 1:23.21ක දස්කමක් දක්වන ලදි. නිමා වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ඇයගේ අපේක්ෂිත දස්කම් අතරට පැමිණීමට කාලගුණය හා මීදුම දැඩි බාධාවක් විය.

ජාත්‍යන්තර තලයේ තරගවල දී ශ්‍රී ලංකා නාමය තවදුරටත් ඉදිරියට රැගෙන යාමට හැකි වේවා යැයි ThePapare.com  අප හිරුණි විජේරත්න හට හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරන්නෙමු.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<