කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.
ප්‍රේක්ෂකයින්ගෙන් බෝතල් ප්‍රහාරයක්
ඉන්දු – ශ්‍රී ලංකා එක්දින තරගාවලිය නිමා වීමට තවත් තරග 2ක් ඉතිරිව තිබිය දී ම තරගාවලි ජය තහවුරු කර ගන්නට ඊයේ (27) ඉන්දීය කණ්ඩායම සමත්කම් දැක්වීය. එහි දී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ජස්ප්‍රිට් බුම්රාහ්, රෝහිත් ශර්මා සහ එම්. එස්. දෝනි දැක්වූ සුවිශේෂී දස්කම් කැපී පෙනුණු අතර ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් තරගය අතරතුර දී සිදු කළ බාධා කිරීම් නිසා තරගය අතරමග නතර කිරීමට ද සිදු විය!
කෙටි කාල සීමාවක් තුල දී දෙවැනි වතාවටත් අඩු පන්දුවාර වේගයක් රඳවා ගැනීම නිසා ශ්‍රී ලංකා එක්දින නායක උපුල් තරංගට තරග 2ක තහනමක් හිමිවූ අතර ඔහු වෙනුවට ඊයේ කණ්ඩායමේ නායකත්වය දැරුවේ දකුණත් මැදපෙළ පිතිකරු චාමර කපුගෙදරයි. එහි දී මෙම සංචාරයේ ගෙවී ගිය තරග 6ක් තුල දී ප්‍රථම වරට ශ්‍රී ලංකාවට කාසියේ වාසිය හිමි කර දීමට ද ඔහු සමත්කම් දැක්වීය. ඒ අනුව ඔහු තීරණය කළේ කලින් තරගයේ දී සිදු කළ අන්දමින්ම මුලින් පන්දුවට පහර දීමටයි.
සම්පූර්ණ වාර්තාව: ප්‍රේක්ෂකයින්ගේ විරෝධතා මැද එක්දින තරගාවලි ජයත් ඉන්දියාවට!
මැලේ කණ්ඩායමෙන් වැඩි දස්කම්
කොළඹ හොකී සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන කොළඹ හොකී ලීගයේ තවත් තරග කිහිපයක් 26 සහ 27 කොළඹ Astro turf පිටියේ දී පැවැත්විය. එම දින දෙක තුළ පැවැත්වූ තරග සියල්ලේම ජයග්‍රහණය තමා සතු කර ගනිමින් තරගාවලිය තුළ කැපීපෙනෙන දස්කම් දැක්වීමට මැලේ හොකී සමාජය සමත් විය.
සම්පූර්ණ වාර්තාව: මැලේ හොකී කණ්ඩායම පෙරමුණේ