ඩිලනි, මල්ෂා සහ සඳනිගෙන් වැඩි දක්ෂතා

අන්තර් සමාජ පළමු පෙළ කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලිය 2022

810

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් ඊයේ (30) ක්‍රියාත්මක වුනා.

මේ තරගවල දී ගුවන් හමුදා A, නාවික හමුදා ක්‍රීඩා සමාජය, යුද හමුදා A සහ හලාවත මේරියන්ස් යන කණ්ඩායම් ජයග්‍රහණ ලබා ගත්තා.

ඉමල්කා මෙන්ඩිස් (ලකුණු 88 – යුද හමුදා A), ඩිලනි මනෝදරා (ලකුණු 92 – ගුවන් හමුදා A), හසිනි පෙරේරා (ලකුණු 55 – නාවික හමුදා)  යන ක්‍රීඩිකාවන් අර්ධ ශතක ලබාගෙන පිතිකරණයෙන් වැඩි දස්කම් දැක්වූවා.

සඳනි දෙදුවක්කුමාර (5/42 – ගුවන් හමුදා A) පන්දු යැවීමෙන් වැඩි දස්කම් දක්වද්දී, මල්ෂා ශෙහානි (ලකුණු 51 සහ 3/03 – ගුවන් හමුදා A) දැක්වූ තුන් ඉරියව් දස්කම් නිසා ගුවන් හමුදා A කණ්ඩායමට තවදුරටත් අපරාජිතව සිටිමින් මේ තරගය ද ජයග්‍රහණය කිරීමට හැකි වුනා.

එසේම යුද හමුදා A සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය ද තරග 2ක් සඳහා මුහුණ දෙමින් එම තරග 2කම ජයග්‍රහණය කොට මේ තරගාවලියේ අපරාජිතව සිටිනවා.

ලකුණු සාරාංශයන්,

හලාවත මේරියන්ස් සහ කෝල්ට්ස් ක්‍රිකට් සමාජ තරගය

  • කාසියේ වාසිය – කෝල්ට්ස් ක්‍රිකට් සමාජය
  • ක්‍රීඩාංගණය – කෝල්ට්ස් ක්‍රීඩාංගණය

හලාවත මේරියන්ස් – 210 (49.3): සඳුනි නිසංසලා 39*, විශ්මි ගුණරත්න 36, දුලංගා දිසානායක 3/19, නිමාෂා මදුෂානි 2/29

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය – 106 (34.2) ශිකාරි ද සිල්වා 24, දුලංගා දිසානායක 23, චමරි අතපත්තු 3/03, ජනදී අනාලි 2/15.

හලාවත මේරියන්ස් කණ්ඩායමට ලකුණු 97ක ජයක්

සීනිගම ක්‍රිකට් සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජ තරගය

  • කාසියේ වාසිය – නාවික හමුදා ක්‍රීඩා සමාජය
  • ක්‍රීඩාංගණය – හික්කඩුව

සීනිගම ක්‍රිකට් සමාජය 112 (35.4): පියුමි වත්සලා 31, විහාරා සෙව්වන්දි 20, උදේශිකා ප්‍රබෝධනි 2/20,රශ්මි සිල්වා 2/21

නාවික හමුදා ක්‍රීඩා සමාජය – 114/2 (22): හසිනි පෙරේරා 55*, හංසිමා කරුණාරත්න 21, කවීෂා දිල්හාරි 1/20, සුලේෂා සත්සරණී 1/21.

නාවික හමුදා කණ්ඩායමට කඩුලු 8ක ජයක්

යුද හමුදා ක්‍රිකට් සමාජ A සහ යුද හමුදා ක්‍රිකට් සමාජ B තරගය

  • කාසියේ වාසිය – යුද හමුදා ක්‍රිකට් සමාජ B
  • ක්‍රීඩාංගණය – පනාගොඩ

යුද හමුදා A – 265/4 (50): ඉමල්කා මෙන්ඩිස් 88, නිලක්ෂි ද සිල්වා 81*, මදාරා සමරකෝන් 1/18

යුද හමුදා B – 70 (35.1): සචිනි ද සිල්වා 14, ගනේෂා චමරි 4/08, අචිනි කුලසූරිය 2/17

යුද හමුදා A කණ්ඩායමට ලකුණු 195ක ජයක්

ගුවන් හමුදා A සහ ගුවන් හමුදා B තරගය

  • කාසියේ වාසිය – ගුවන් හමුදා A
  • ක්‍රීඩාංගණය – කටුනායක

ගුවන් හමුදා A – 286/9 (50): ඩිලනි මනෝදරා 92, මල්ෂා ෂෙහානි 51, සදනි දෙදුවක්කුමාර 5/42.

ගුවන් හමුදා B – 75 (48.5): හිරුෂි පීරිස් 19, තාරුකා ෂෙහානි 3/23, මල්ෂා ෂෙහානි 3/03.

ගුවන් හමුදා B කණ්ඩායමට ලකුණු 211ක ජයක්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<