Home Sinhala ප්‍රබල ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක්

ප්‍රබල ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක්

කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022

379

කාන්තා ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලිය අද (01) කණ්ඩායම් 8ක සහභාගිත්වයෙන් යුතුව බංග්ලාදේශයේ සිල්හෙට් නුවර දී ඇරඹුණා.

එහි දෙවැනි තරගය වෙනුවෙන් ප්‍රබල ඉන්දීය කණ්ඩායම සමඟ තරග වැදුණු ශ්‍රී ලංකා කාන්තාවන්ට අත්වූයේ ලකුණු 41ක අමිහිරි පරාජයක්.

ආසියානු කුසලානය වෙනුවෙන් අද සූදානම් කර තිබූ තණතිල්ල කැපී පෙනෙන ලෙස දඟපන්දු යවන්නන්ට සහය පළ කළ අතර ශ්‍රී ලංකා – ඉන්දියා තරගයට පෙර පැවති බංග්ලාදේශ – තායිවාන් විස්සයි විස්ස තරගය ද මේ නිසා අඩු ලකුණු තරගයක් බවට පත්වුනා.

මෑත කාලයේ බංග්ලාදේශය මෙවැනි තණතිලි නිර්මාණය කරමින් විදෙස් රටවල ක්‍රීඩකයින් මෙල්ල කිරීම සුලබ දර්ශනයක් වුවත්, එම සැලසුම මෙවැනි බහු පාර්ශවික තරගාවලියක් සඳහා සුදුසු ද යන්න වෙනම ප්‍රශ්න කළ යුත්තක්.

තණතිල්ලේ බැරෑරුම් බව කල්තියා තේරුම් ගත් චමරි අතපත්තු කාසියේ වාසිය දිනා පන්දු යැවීම තෝරා ගත් අතර ඉන්දීය ආරම්භක පිතිකාරිණියන් දෙදෙනාම වේලාසනින් ක්‍රීඩාගාරයට හරවා යැවීමට ද සමත් වුනා.

එහි දී ප්‍රබල පිතිකාරිණි ස්ම්‍රිති මන්දනාගේ ඉනිම ලකුණු 6කට සීමා කළේ වමතින් දඟපන්දු යවන සුගන්ධිකා කුමාරි විසිනුයි. මන්දනා ඊට පෙර පන්දුවාරයේ ලබා දුන් උඩපන්දුව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් බිම අතහැරිය ද, ඉන් ප්‍රයෝජන ගැනීමට ඇයට අද හැකි වුනේ නැහැ.

ශෆාලි වර්මා ලකුණු 10යි. මේ වන විට ඉන්දීය ඉනිම දැක්වුණේ ලකුණු 23කට කඩුලු 2ක් ලෙසයි. සියල්ල හොඳින් සිදු වෙද්දී පිටියේ ස්ථාවර වූ ජෙමීමා රොද්‍රිගෝස් සහ නායිකා හර්මන්ප්‍රීට් කෞර් තෙවැනි කඩුල්ලට ලකුණු 92ක සබඳතාවයක් ගොඩ නගන්නේ ශ්‍රී ලංකාවට නැවතත් පසුපසට ඇද දමමින්.

නායිකා හර්මන්ප්‍රීට් එක් හයේ පහරක් සහ හතරේ පහර 2ක් සමඟ ලකුණු 33ක් රැස් කරද්දී, සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ජෙමීමා රොද්‍රිගෝස් පන්දු 53කින් ලකුණු 76ක් රැස් කළා. ඒ හතරේ පහර 11ක් සහ එක් හයේ පහරක් සමඟිනුයි.

ඉනිමේ නිමාවට පෙර මෙම පිතිකාරිණියන් දෙදෙනා දැවී ගිය ද ඔවුන් ඒ වන විටත් ඉන්දියාවට ලකුණු 150 සීමාව කරා යාමට ඇවැසි අඩිතාලම දමා අවසන් වී තිබුණා. ඒ කඩුලු 6ක් දැවී තිබිය දීයි.

හොඳ පන්දු යැවීමක යෙදුණු ඕෂධී රණසිංහ ලකුණු 32කට කඩුලු 3ක් බිඳ හෙලුව ද, ඇයගේ අවසන් පන්දුවාර දෙකට යම් ප්‍රහාරයක් එල්ල වුනා.

තණතිල්ලේ ස්වභාවය අනුව අභියෝගාත්මක ලකුණු 151ක ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සුබවාදී ලෙස පන්දුවට පහර දුන්න ද, ඔවුන් කිසිවෙකුටත් ජෙමීමා සිදු කළ අයුරින් දිගු ඉනිම් ක්‍රීඩා කිරීමට ලැබුණේ නැහැ.

ආරම්භක පිතිකාරිණී හර්ෂිතා මාධවී පන්දු 20කින් ලකුණු 26ක් වාර්තා කරද්දී, තීරණාත්මක කඩුල්ල බවට පත් වූ චමරි අතපත්තු ලකුණු 5කට ක්‍රීඩාගාරයට හරවා යවන්නට දීප්ති ශර්මාගේ දඟපන්දුවකට හැකි වුනා.

ශ්‍රී ලංකාවේ බොහෝ පිතිකාරිණියන් ඉන්දීය දඟපන්දු බල ඇණිය ඉදිරියේ අසරණ වෙද්දී, හසිනි පෙරේරා දර්ශනීය හතරේ පහර 3ක් සමඟින් ලකුණු 30ක් ලබා ගත්තේ ශ්‍රී ලංකාවේ දෛවය ආපසු හැරවීමට තනි සටනක් ලබා දෙමින්.

නමුත් ඉන්දීය පන්දු රකින ක්‍රීඩිකාවන් මගහැරීමේ අරමුණින් හසිනි එල්ල කළ රිවර්ස්-ස්වීප් පහර වැරදී යාමත් සමඟ ශ්‍රී ලංකාවේ පරාජය ස්ථිර වුනා.

ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු තුනක් ඉක්මනින් බිඳ දැමීමට ඩයාලන් හේමලතා සමත් වුවද, චමරි සහ හසිනි යන ප්‍රබලතම කඩුලු දෙක දවා ගත්තේ පසුගිය දිනවල මන්කාඩ් සිද්ධිය නිසා කතාබහට ලක්වුනු දීප්ති ශර්මායි.

මේ අනුව තවත් පන්දු 10ක් ඉතිරිව තිබිය දී ම ශ්‍රී ලංකා ඉනිම අවසන් වූයේ ලකුණු 109 දීයි. තරගයේ වීරවරිය ලෙස සම්මාන ලබා ගත්තේ සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ දකුණත් පිතිකාරිණි ජෙමීමා රොද්‍රිගෝස් විසිනුයි.

ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තාවන් සහභාගි වන මීළඟ තරගය හෙට (02) එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

අද තරගයේ අමිහිරි මතක පසෙක දමා අළු ගසා නැගී සිටීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට මෙම තරගය භාවිතයට ගත හැකි. කෙසේ වෙතත් මෙවර තරගාවලියේ මූලික වටය “රවුන්ඩ්-රොබින්” ක්‍රමයට පැවැත්වෙන නිසා ශ්‍රී ලංකාව තවමත් සිටින්නේ අවදානම් කලාපයෙන් බැහැරවයි.

Result


India Women
150/6 (20)

Sri Lanka Women
109/10 (18.2)

Batsmen R B 4s 6s SR
Shafali Verma c Malsha Shehani b Oshadi Ranasinghe 10 11 1 0 90.91
Smriti Mandhana c Nilakshi de Silva b Sugandika Kumari 6 7 1 0 85.71
Jemimah Rodrigues b Chamari Athapaththu 76 53 11 1 143.40
Harmanpreet Kaur st Anushka Sanjeewani b Oshadi Ranasinghe 33 30 2 1 110.00
Dayalan Hemalatha not out 13 10 0 0 130.00
Richa Ghosh lbw b Oshadi Ranasinghe 9 6 0 1 150.00
Pooja Vastrakar run out (Anushka Sanjeewani) 1 2 0 0 50.00
Deepti Sharma not out 1 1 0 0 100.00


Extras 1 (b 1 , lb 0 , nb 0, w 0, pen 0)
Total 150/6 (20 Overs, RR: 7.5)
Bowling O M R W Econ
Sugandika Kumari 4 0 26 1 6.50
Oshadi Ranasinghe 4 0 32 3 8.00
Achini Kulasuriya 3 0 17 0 5.67
Malsha Shehani 2 0 18 0 9.00
Inoka Ranaweera 4 0 34 0 8.50
Kavisha Dilhari 2 0 14 0 7.00
Chamari Athapaththu 1 0 8 1 8.00


Batsmen R B 4s 6s SR
Harshitha Samarawickrama run out (Smriti Mandhana) 26 20 5 1 130.00
Chamari Athapaththu c Renuka Singh b Deepti Sharma 5 11 1 0 45.45
Malsha Shehani run out (Deepti Sharma) 9 6 1 0 150.00
Hasini Perera c Radha Yadav b Deepti Sharma 30 32 3 0 93.75
Nilakshi de Silva lbw b Pooja Vastrakar 3 5 0 0 60.00
Kavisha Dilhari c Renuka Singh b Pooja Vastrakar 1 8 0 0 12.50
Anushka Sanjeewani lbw b Radha Yadav 5 9 0 0 55.56
Oshadi Ranasinghe c Sneh Rana b Dayalan Hemalatha 11 10 1 0 110.00
Sugandika Kumari c Smriti Mandhana b Dayalan Hemalatha 4 3 0 0 133.33
Inoka Ranaweera not out 1 3 0 0 33.33
Achini Kulasuriya st Richa Ghosh b Dayalan Hemalatha 1 4 0 0 25.00


Extras 13 (b 4 , lb 0 , nb 1, w 8, pen 0)
Total 109/10 (18.2 Overs, RR: 5.95)
Bowling O M R W Econ
Renuka Singh 2 0 20 0 10.00
Deepti Sharma 4 0 15 2 3.75
Sneh Rana 4 0 28 0 7.00
Radha Yadav 3 0 15 1 5.00
Pooja Vastrakar 3 0 12 2 4.00
Dayalan Hemalatha 2.2 0 15 3 6.82



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<