Home Sinhala වැස්සටත් අභියෝගයක් වුනු දැවැන්ත 6 වර්ෂාවෙන් ජය Jaffna Kingsට

වැස්සටත් අභියෝගයක් වුනු දැවැන්ත 6 වර්ෂාවෙන් ජය Jaffna Kingsට

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2021

6202

2021 LPL ක්‍රිකට් තරගාවලියේ අද (08) පැවති 7 වැනි තරගයෙන්, වත්මන් LPL ශූරයින් වන Jaffna Kings ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 14ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුනා.

ප්‍රතිවාදීන් වූ Kandy Warriors කණ්ඩායමේ ඇරයුමින් පිටියට පිවිසි Kings පන්දු 17කට මුහුණ දී සිටය දී එක් වරම ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය අවට ප්‍රදේශයට ධාරාණිපාත වර්ෂාවක් ඇදවැටුණා. 

පැය දෙකකට ආසන්න කාලයක් වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගය පැවැත්වීමට නොහැකි වීම හේතුවන් එක් ඉනිමක් පන්දුවාර 14කට සීමා කිරීමට විනිසුරුවරුන් තීරණය කළා.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

Kandy Warriors: 1 Kennar Lewis, 2 Minod Bhanuka (WK), 3 Charith Asalanka, 4 Kamindu Mendis, 5 Angelo Perera (C), 6 Rovman Powell, 7 Tillakaratne Sampath, 8 Nimesh Vimukthi, 9 Sachindu Colombage, 10 Al Amin Hossain, 11 Shiraz Ahmed

Jaffna Kings: 1 Rahmanullah Gurbaz (WK), 2 Avishka Fernando, 3 Tom Kohler-Cadmore, 4 Shoaib Malik, 5 Upul Tharanga, 6 Thisara Perera (C), 7 Wanindu Hasaranga, 8 Chaturanga de Silva, 9 Suranga Lakmal, 10 Maheesh Theekshana, 11 Jayden Seales.

එහි දී Kings කණ්ඩායම සිය පන්දුවාර 14 තුල කඩුලු 6ක් දැවී ලකුණු 181ක් ලබා ගැනීමට සමත් වුනු අතර අවිශ්ක ප්‍රනාන්දු සහ තිසර පෙරේරා පන්දු 33ක් තුල වේගවත් ලකුණු 105ක සුපිරි සබඳතාවයක් ගොඩනැංවූවා.

TM සම්පත් යොමු කළ පන්දුවාරයක් සඳහා 6 පහර 5ක් එල්ල කරමින් අවිශ්ක එම වේගවත් සබඳතාවය සඳහා අවශ්‍ය වුනු මූලික ආරම්භය ලබා දුන් අතර එම පන්දුවාරය සඳහා ලකුණු 31ක් වාර්තා වුනා. එය LPL තරගාවලි ඉතිහාසය තුල පන්දුවාරයක් සඳහා ලබා ගත් වැඩිම ලකුණු ප්‍රමාණය ද වුනා.

>>Photos – Lanka Premier League 2021 | Kandy Warriors vs Jaffna Kings – Match 07<<

අවසානයේ තිසර – අවිශ්ක දෙදෙනාම අර්ධ ශතක ලබාගෙන සිය ඉනිම් නිමා කළ අතර නායක තිසර පන්දු 19ක් තුල සිය අර්ධ ශතකය වාර්තා කරද්දී, අවිශ්ක පන්දු 21ක් තුල සිය අර්ධ ශතකය සම්පූර්ණ කළා.

ඒ මොහොත වන විට තිසර පන්දු 19ක දී ලබා ගත් එම අර්ධ ශතකය මෙවර LPL තරගාවලියේ වාර්තා වුනු වේගවත්ම අර්ධ ශතකය සහ LPL ඉතිහාසයේ වාර්තා වුනු දෙවැනි වේගවත්ම අර්ධ ශතකය බවට පත්වුනත්, Warriors කණ්ඩායමේ Powell පන්දු 15ක් තුල සිය අර්ධ ශතකය සම්පූර්ණ කරගෙන LPL තරගාවලි ඉතිහාසයේ ක්‍රීඩකයෙක් ලබාගත් දෙවන වේගවත්ම අර්ධ ශතකය තමන් සතු කරගත්තා. 

පන්දු 21ක් තුල හැඩගැන්වුණු තිසරගේ ඉනිමට 4 පහර 2ක් සහ 6 පහර 6ක් ඇතුළත් වුනු අතර අවිශ්කගේ ඉනිමට 6 පහර 7ක් ඇතුලත් වුනා. ඔවුන් දෙදෙනා අතර 3 වැනි කඩුල්ල සඳහා ගොඩනැංවුණු ශතක සබඳතාවය ලෝක ලීග් ක්‍රිකට් ඉතිහාසය තුල කඩුල්ලක් වෙනුවෙන් ලකුණු 100කට වඩා වැඩි සබඳතාවයක් වාර්තා වුනු සබඳතාවයන් අතර පන්දුවාරයකට වැඩිම දල ලකුණු ලබා ගැනීමේ වේගයක් (19.09) පවත්වා ගත් සබඳතාවය වුනා.

Chris Gayle සහ Evin Lewis 2017 පැවති කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අතරතුර පන්දුවාරයකට 18.42ක දල ලකුණු ලබා ගැනීමේ වේගයක් ලබාගෙන තබා තිබූ ශතක සබඳතාවයේ වාර්තාව එසේ බිඳ වැටුණා.

Kings කණ්ඩායමේ පිතිකරුවන් සියලුම දෙනාම පාහේ සිය ප්‍රහාරාත්මක වේගය අවම ලෙස 100.00ක හෝ රඳවාගෙන පන්දුවට පහර දුන්නා. අවසානයේ දී ඔවුන් නියමිත පන්දුවාර 14 තුල කඩුලු 6ක් දැවී ලකුණු 181ක් ලබා ගැනීමට සමත් වුනා.

සිය මංගල විස්සයි විස්ස තරගය සඳහා ක්‍රීඩා කළ වමතින් වේගපන්දු යවන Shiraz Ahmed ලකුණු 22ක් තුල කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා.

ලකුණු 192ක දැවැන්ත ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි Warriors පන්දුවාර 14ක් තුල කඩුලු 5ක් දැවී ලකුණු 166ක් ලබාගෙන අභියෝගාත්මක පිළිතුරක් ලබා දීමට සමත් වුනත්, එය ඔවුන්ගේ තුන්වැනි තරග පරාජය වලක්වාලීම සඳහා ප්‍රමාණවත් වුනේ නැහැ.

Kennar Lewis සහ අසලංක පන්දු 37ක් තුල ගොඩනැංවූ ලකුණු 64 සබඳතාවය සඳහා උපරිම සාධාරණයක් ඉටු කළ Rovman Powell සහ Lewis දෙවැනි කඩුල්ල සඳහා තවත් අර්ධ ශතක සබඳතාවයක් ගොඩනැංවූවා.

පන්දු 32ක දී වාර්තා වුනු එම වේගවත් ලකුණු 81 සබඳතාවය නිසා පන්දුවාර 11කුත් පන්දු දෙකක් අවසන් වන විට Warriors කඩුලු 2ක් දැවී ලකුණු 145ක් ලබාගෙන ඉතාමත් ප්‍රබල මට්ටමක සිටියා.

>>HUB: Lanka Premier League 2021<<

සුරංග ලක්මාල් ඔවුන්ගේ ඉනිමේ තීරණාත්මකම කඩුල්ල අවශ්‍යම මොහොතේ දවා ගනිමින්, පන්දු 19ක් තුල ලකුණු 61ක් ලබා ගත් Rovman Powellගේ ඉනිම සඳහා තිත තැබූ අතර ඔහුගේ එම සුපිරි ඉනිම සඳහා 4 පහර 2ක් සහ 6 පහර 7ක් ඇතුළත් වුනා.

ඉන්පසුව Warriorsට නැවත වරක් හිස එසවීම සඳහා කිසිදු අවස්ථාවක් ලබා නොදීමට Kings ක්‍රීඩකයින් වගබලාගත් අතර ඉනිමේ පළමු පන්දුවාර 12 තුල දෙපසට දෝලනය වෙමින් තිබූ තරග ජයග්‍රහණය අවසන් පන්දුවාර 3 තුල ඔවුන්ගේම කරගැනීමට Kings ක්‍රීඩකයින්ට හැකි වුනා. ඔවුන් විසින් මෙවර තරගාවලිය තුල අඛණ්ඩව ලබා ගත් දෙවැනි ජයග්‍රහණය මෙයයි. 

පන්දු යැවීමේ දී ලක්මාල් ලකුණු 25කට එක් කඩුල්ලක් දවා ගන්නා විට, Jayden Seales ලකුණු 40කට කඩුලු 2ක් දවා ගත්තා. තරගය පුරාවට 6 පහර 27ක් වාර්තා වූ අතර LPL තරග ඉතිහාසයේ තරගයක් තුල වාර්තා වූ වැඩිම 6 පහර ප්‍රමාණය මෙය වුනා. Rovman Powellගේ තීරණාත්මක කඩුල්ල දවා ගත් ලක්මාල් හට තරගයේ වීරයා සම්මානය හිමි වුනා.

Result


Kandy Falcons
166/5 (14)

Jaffna Kings
181/6 (14)

Batsmen R B 4s 6s SR
Rahmanullah Gurbaz c & b Nimesh Vimukthi 8 8 2 0 100.00
Avishka Fernando c Rovman Powell b Shiraz Ahmed 53 23 0 7 230.43
Tom Kohler-Cadmore c Rovman Powell b Kamindu Mendis 14 11 1 1 127.27
Thisara Perera b Shiraz Ahmed 53 21 2 6 252.38
Shoaib Malik b 16 11 2 0 145.45
Chathuranga de Sliva c Kennar Lewis b Shiraz Ahmed 21 9 1 2 233.33
Wanindu Hasaranga c Tillakaratne Sampath b Al-Amin Hossain 2 2 0 0 100.00
Upul Tharanga b 0 0 0 0 0.00


Extras 14 (b 0 , lb 2 , nb 2, w 10, pen 0)
Total 181/6 (14 Overs, RR: 12.93)
Fall of Wickets 1-15 (1.4) Rahmanullah Gurbaz, 2-32 (4.4) Tom Kohler-Cadmore, 3-137 (10.1) Avishka Fernando, 4-137 (10.3) Thisara Perera, 5-167 (12.6) Chathuranga de Sliva, 6-170 (13.3) Wanindu Hasaranga,

Bowling O M R W Econ
Shiraz Ahmed 3 0 22 3 7.33
Nimesh Vimukthi 2 0 17 1 8.50
Al-Amin Hossain 3 0 31 1 10.33
Kamindu Mendis 2 0 25 1 12.50
Tillakaratne Sampath 1 0 31 0 31.00
Rovman Powell 3 0 52 0 17.33


Batsmen R B 4s 6s SR
Charith Asalanka c Tom Kohler-Cadmore b Chathuranga de Sliva 42 19 5 2 221.05
Kennar Lewis c Tom Kohler-Cadmore b Jayden Seales 41 34 3 2 120.59
Rovman Powell b Suranga Lakmal 61 19 2 7 321.05
Kamindu Mendis c Ashen Bandara b Jayden Seales 9 5 2 0 180.00
Angelo Perera run out (Chathuranga de Sliva) 1 1 0 0 100.00
Tillakaratne Sampath b 5 2 1 0 250.00
Minod Bhanuka b 1 3 0 0 33.33


Extras 6 (b 1 , lb 1 , nb 1, w 3, pen 0)
Total 166/5 (14 Overs, RR: 11.86)
Fall of Wickets 1-64 (5.6) Charith Asalanka, 2-145 (11.2) Rovman Powell, 3-158 (12.4) Kamindu Mendis, 4-158 (12.6) Kennar Lewis, 5-159 (13.1) Angelo Perera,

Bowling O M R W Econ
Mahesh Theekshana 3 0 20 0 6.67
Wanindu Hasaranga 3 0 47 0 15.67
Jayden Seales 3 0 40 2 13.33
Chathuranga de Sliva 2 0 32 1 16.00
Suranga Lakmal 3 0 25 1 8.33



LPL තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<