ෆ්‍රපාගෙන් පසු පාපන්දුව විනිසුරුවරියන්ට නතු වේවි ද?

343
Los Angeles Times

Stephanie Frappart (ස්ටෙෆනි ෆ්‍රපා) ලෝක කුසලාන පාපන්දු තරගාවලිය අතරතුර දී ප්‍රථමයා බවට පත්වූවාය. ඒ, පිරිමි පාපන්දු ලෝක කුසලාන තරගයක් විනිසුරුකරණයේ යෙදුණු ප්‍රථම විනිසුරුවරිය වශයෙනි.

ජර්මනියට එරෙහිව කොස්ටරිකා කණ්ඩායම අතර පසුගිය දා පැවති ලෝක කුසලාන කාණ්ඩ වටයේ තරගයට විනිශ්චයෙන් දායක වුනේ ප්‍රංශ ජාතික ස්ටෙෆනි ෆ්‍රපා ය. එබැවින් ලෝක කුසලාන තරගාවලියක කාන්තා විනිසුරු නියෝජනය, සිදු වූ සත්‍යයක් වන අතර එහි මීළඟ පියවර කුමක් දැයි කතාබහක් ඇතිව තිබේ. “ප්‍රිමියර් ලීගය මෙම පියවර තබන්නේ කවදාද?” යන්න ඉන් ප්‍රමුඛ කතාබහයි.

පිළිතුර ඉක්මනින් ලැබේ වි යැයි Bibiana Steinhaus-Webb (බිබියානා ස්ටයිනස්-වෙබ්) පවසයි. ජර්මානු බුන්ඩස්ලීගා තරගාවලියේ දී පළමුවෙන්ම තරගයක් විනිසුරුකරණයේ යෙදුණු කාන්තාව වූ ඇය මේ වන විට ප්‍රීමියර් ලීගයේ උසස් විනිසුරුවරියන් භාර නිලධාරිනියයි.

මට සම්පූර්ණයෙන්ම විශ්වාසයි, ප්‍රිමියර් ලීගයේ යම් තැනක දී අපට විනිසුරුවරියක් දකින්නට ලැබෙන බවට. ළඟදීම.” ඇය BBC වෙත පැවසීය.

කාන්තා විනිසුරුවරියන්ගෙන් එන ගුණාත්මකභාවය සම්පූර්ණයෙන්ම මවිත කරවන සුළුයි.” ඇය වැඩිදුරටත් පැවසුවාය.

Wendy Toms (වෙන්ඩි ටොම්ස්), ප්‍රීමියර් ලීගයේ ප්‍රථම සහාය විනිසුරුවරිය වූයේ 1997 දී ය. එහෙත් එතැන් සිට අදාළ රාජකාරිය සඳහා සහභාගී වී ඇත්තේ කාන්තාවන් දෙදෙනෙකු පමණි. ඒ Natalie Aspinall (නැටලි ඇස්පිනෝල්) සහ Sian Massey-Ellis (සියාන් මාසි එලිස්) ය.

බිබියානා ස්ටෙයිනස්-වෙබ්

ස්ටයිනස්-වෙබ්, ජර්මනියේ පිරිමි පාපන්දු තරගයක් විනිශ්චය කළ පළමු කාන්තාව වීමෙන් පසු එංගලන්තයේ විනිසුරුවරියන්ගේ සංවර්ධනය වෙනුවෙන් කටයුතු කරන වෘත්තීය තරග නිලධාරීන්ගේ සමාගමෙහි (Professional Game Match Officials Limited – PGMOL) සම්බන්ධ නිසි බලධාරියායි.

ඇය පවසන්නේ ෆ්‍රපාගේ ප්‍රදර්ශනයෙන් පසු තවත් විනිසුරුවරියන් දෙදෙනෙකු සහ සහායක විනිසුරුවරියන් තිදෙනෙකු පෙළගැසී සිටින බව සහ එය ඉතා වැදගත් බවයි.

ඔවුන් දස්කම් පෙන්නන්නේ ඔවුන් වෙනුවෙන් විතරක් නෙමෙයි, කාන්තා විනිසුරුවරියන්ගේ මුළු පරපුරක් වෙනුවෙන්.”

දැන් අපට ඉන්නවා රෙබෙකා වෙල්ෂ්, නැටලි ඇස්පිනෝල්, සියාන් මාසි-එලිස්, ලීසා රෂීඩ්. ඔවුන් මේ වීදුරු සිවිලිම් කඩාගෙන මේ බාධා ඔක්කොම බිඳගෙන යයි” ස්ටයිනස්-වෙබ් පැවසීය.

Janie Fampton (ජානි ෆ්‍රැම්ප්ටන්) එංගලන්තයේ පළමු ජාත්‍යන්තර පාපන්දු විනිසුරුවරියන්ගෙන් කෙනෙකු වූ අතර FIFA සමඟින් එක්වී දශකයක් පමණ කාන්තා විනිසුරුවරියන් වෙනුවෙන් සේවය කොට ඇත.

ඇය පවසන්නේ ෆ්‍රපාගේ තෝරාගැනීම, මෙහි වැදගත් කොටසක් වනු ඇති බවයි.

ස්ටෙෆනි ෆ්‍රපා

මම හිතන්නේ ඒක අතිශයින්ම විශේෂයි,” ඇය ද BBCය හමුවේ එසේ පැවසීය.

මගේ එකම සලකා බැලීම වුනේ ඔවුන් (FIFA) කාන්තාවන්ව අරගෙන සිව්වැනි විනිසුරු විදියට යොදාගනියිද කියන එක. ඉතින් මේක සම්පූර්ණයෙන්ම පුදුම කරවන තීරණයක්.

ප්‍රීමියර් ලීග් තරගයක් විනිශ්චය කිරීම සඳහා කාන්තාවකට තවත් වසර කීයක් ගතවේද යන්න ගැන ප්‍රශ්න කිරීමේ දී ඇය පැවසුවේ ඒ සඳහා වසර පහක් පමණ ගතවනු ඇති බවයි.

මට ධනාත්මක බෙදීමක් අවශ්‍යත් නෑ” ඇය පවසන්නේ කාන්තාවන් වීම පමණක් සලකා ඔවුන්ව විනිශ්චයකරුවන් ලෙස යොදාගන්නවාට වඩා එය දස්කම් මතම සිදුවිය යුතු බවයි.

මට ඕන නෑ කාන්තාවන්ව ප්‍රීමියර් ලීගය මැදට අරගෙන යන බව ප්‍රවර්ධනය කරන්නත්. ඔවුන් අවශ්‍ය තරම් හොඳ විය යුතුයි. ඒත් අප වෙතට හොඳ මට්ටමේ ගෑණු ළමයි එමින් ඉන්නවා” ෆැම්ප්ටන් පැවසුවාය.

එංගලන්ත දේශීය තරගාවලි සියල්ලම සලකා බැලුවහොත් මේ වන විට විනිසුරුවරියන් පනස් දෙනෙකු පමණ සිටින බව වාර්තා වේ.

කාන්තාවන් ලෙස ඔවුන්ටත් ඕනෑම පාපන්දු තරගයක් විනිශ්චය කිරීමේ අවස්ථාව ලැබුනහොත්, මෙම කලාපයේ, විශේෂයෙන් ශ්‍රී ලංකාවේ විනිසුරුවරියන්ට ද ඒ සඳහා අවස්ථා විවර වනු ඇති බව ධනාත්මක සිතුවිල්ලකි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<