Goncalo Ramos….කවුද මේ අලුත් වීරයා?

FIFA World Cup 2022

764

කටාර් 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පීඩනය යටතේ දස්කම් දැක්වීම සහ තරගයට බලපෑමක් ඇති කිරීම සම්බන්ධයෙන් කතා කරන විට Goncalo Ramos පැහැදිලිව ම පෘතුගාලය වෙනුවෙන් ඒ අවස්ථාවට සාර්ථකව මුහුණ දී තිබෙනවා.

පෘතුගාලයේ එදාමෙදාතුර වැඩි ම ගෝල ලබා ගෙන සිටින Cristiano Ronaldo වෙනුවට ක්‍රීඩා කළ Ramos උද්වේගකර පිට පිට ගෝල ත්‍රිත්වයක් (Hat-trick) තනි අතින් මෙන් ලබා ගත්තේ ස්විට්සර්ලන්තයට එරෙහිව ගෝල 6-1ක ජයග්‍රහණයකින් ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තම කණ්ඩායමේ ස්ථානය තහවුරු කරමින්.

මෙය කටාර් 2022 ලෝක කුසලාන තරගාවලියේ රාමොස්ගේ පළමු ආරම්භය සහ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ප්‍රථම පිට පිට ගෝල ත්‍රිත්වය ද වූවා පමණක් නොව අවසාන කණ්ඩායම් 16 වටයේ මේ අවසාන තරගයේ ඔහුගේ ගෝල තුන ලෝක කුසලාන තරගාවලියේ රොනල්ඩෝගේ වාර්තාව අඳුරු කිරීමට ද හේතු වී තිබෙනවා.

ඒ, ලෝක කුසලාන පාපන්දු තරගාවලි පහක ම තරග වැදී තිබුනත් රොනල්ඩෝ කිසි විටෙක Knockout අදියරේ ගෝලයක් වාර්තා කර නොතිබීම නිසා.

“Pistoleiro” යන හුරතල් නාමයෙන් ක්‍රීඩාලෝලීන් විසින් හඳුන්වනු ලබන මේ 21 හැවිරිදි ප්‍රහාරකයා කවුද?

රාමොස් ජනප්‍රිය Benfica ඇකඩමියේ ප්‍රතිඵලයක්. Benfica Campus ලෙසින් හැඳින්වෙන මේ ඇකඩමිය Joao Felix සහ Ruben Dias ඇතුළු රාමොස්ගේ සමහර පෘතුගාල කණ්ඩායම් සගයින්ගේ ක්‍රීඩා ජීවිත ආරම්භ කිරීමට උපකාරී වුනා.

මේ ඇකඩමියේ ඕනෑම වේලාවක ක්‍රීඩකයින් 95 දෙනෙකු පමණ ජීවත් වන අතර ඔවුන් වයස අවුරුදු 18න් පහළ සිට අවුරුදු 19න් පහළට මාරු වන විට ක්‍රීඩකයන් ලිස්බන් හි ඔවුන්ගේ ම නිවෙස්වලට හෝ මහල් නිවාසවලට සංක්‍රමණය වෙනවා.

අපේ මතයට අනුව නම්, ඔවුන් ඔවුන්ගේ ම ජීවිත පටන් ගන්නේ ඒ වයසේ දීයි,” Benfica සරසවියේ තාක්ෂණික සම්බන්ධීකරණ නිලධාරි Rodrigo Magalhaes මේ වසර මුලදී CNN ආයතනයට පවසා තිබෙනවා.

මේ සමහර අයට පෙම්වතියන් ඉන්නවා. සමහර දෙතුන් දෙනා මහල් නිවාසවල ජීවත් වෙනවා. ඒ නිසා මේ ක්‍රීඩකයන් ඇකඩමියෙන් පිට ජීවිතයක් පටන් ගන්නේ ඔවුන්ගේ ජීවිතවල ඔවුන් ජීවත් කර වීම සඳහා සූදානම් කිරීම අපට අවශ්‍ය නිසා. මොකද, පළමු කණ්ඩායමේ හෝ යුරෝපයේ ප්‍රධාන ලීගවල ක්‍රීඩා කිරීමේ ඉලක්කය සපුරා ගන්නේ මේ අයගෙන් පොඩි ප්‍රතිශතයක් බව අප දන්නා නිසා.

වයස අවුරුදු 19න් සහ 23න් පහළ වයස්වලින් පසුව, ඇකඩමියෙන් ඉදිරියට යන සාමාන්‍යයෙන් අපේ ක්‍රීඩකයන් සියලු දෙනාට ම මෙහේ පෘතුගාලයේ හෝ වෙනත් රටවල පළමු කොටසේ හෝ දෙවැනි කොටසේ ක්‍රීඩා කරන්න පුළුවනි. නමුත් පාපන්දු ක්‍රීඩාවෙන් ඔවුන් දුර්වල වුනොත් ජීවිතය සඳහා ඔවුන් සූදානම් කිරීම අප විසින් සිදු කළ යුතුයි.”

පළමු අරමුණ වන්නේ ඔවුන් මිනිසුන් ලෙස වර්ධනය කිරීමයි. ඊට අමතරව ඔවුන් ශක්තිමත් අධ්‍යාපනික දියුණුවක් එක්ක සූදානම් කිරීමත් අවශ්‍යයි.”

රාමොස් 2013 වසරේ දී බෙන්ෆීකා සරසවියට බැඳුණේ එම ක්‍රීඩා සමාජයට සහ ඔහුගේ ජාතික කණ්ඩායම‌ වෙනුවෙන් සුවිශේෂ තරුණ කණ්ඩායම් ජීවිතයක් භුක්ති විඳිමින්.

ඔහු වයස අවුරුදු 15න් පහළ සහ අවුරුදු 17න් පහළ වයස් කාණ්ඩවල සිටිය දී ජාතික ශූරතාව දිනා ගැනීමට අමතරව 19න් පහළ යුරෝ තරගාවලියේ වැඩි ම ගෝල ලාභියා බවට පත්වූයේ පෘතුගාලය, ස්පාඤ්ඤයට දෙවැනිව අනුශූරයින් වෙද්දී.

රාමොස්ගෙන් බලාපොරොත්තු විය හැකි ක්‍රීඩාවට අනුව ම ඔහු අවසානයේ 2020 වසරේ ජූලි මාසයේ දී බෙන්ෆීකා වෙනුවෙන් පළමු කණ්ඩායමේ මංගල තරගයට පිවිසියේ එය ගෝල දෙකකින් සංකේතවත් කරමින්.

ඔහුගේ වික්‍රමාන්විත ගමනක් මීට පෙර අපේක්ෂා කෙරුනත් Benfica ලකුණු සටහනේ Goncalo Ramosගේ නම නිතර නිතර දැකීමට ජනතාව පුරුදු වූයේ මෙවර ක්‍රීඩා වාරය එළඹීමෙන් පසුව.

පෘතුගීසි ක්‍රීඩා සමාජයේ සිට ග්‍රීෂ්ම සෘතුවේ දී Liverpool ක්‍රීඩා සමාජයට Darwin Nunezගේ සංක්‍රමණයෙන් පසුව රාමොස් ලිස්බන් ක්‍රීඩා සමාජ මෙහෙයුමේ චමත්කාරජනක පළමු භාගයක දී මේ ක්‍රීඩා වාරයේ මේ දක්වා තරග 21කින් ගෝල 14ක් ලබා ගෙන තිබෙනවා.

Benfica කණ්ඩායම Portuguese League සටහනේ ඉහළින් ම සිටින අතර ඔවුන් Champions League තරගාවලියේ අවසාන කණ්ඩායම් 16 වටයට සුරක්ෂිතව පිවිස සිටින්නේ Paris Saint-Germain සහ Juventus යන කණ්ඩායම් ද ඇතුලත්ව සිටින තරග කොටසක පෙරමුණ ගැනීමෙන් පසුව. බෙන්ෆීකා කණ්ඩායම තරගාවලියේ කණ්ඩායම් 16 වටයේ දී Club Brugge සමග තරග වැදීමට නියමිතව තිබෙනවා.

රාමොස් ඔහුගේ කණ්ඩායම් සගයින්ගේ සහ ක්‍රීඩාලෝලීන්ගේ සිත් දිනා ගැනීමට තවත් හේතුවක් වී තිබෙන්නේ ඔහුගේ ක්‍රීඩාවේ සදාචාර ප්‍රතිපත්ති.

“Goncalo ගැන මම කාරණා දෙකකට කැමතියි. ඔහු ගෝල ලබා ගන්නෙක්. ඔහු විශ්වාස කළ නොහැකි තරමේ ප්‍රතිභාපූර්ණ ක්‍රීඩකයෙක්. මේ සියල්ල ට ම ඉහළින් ඔහු ශ්‍රේෂ්ට සටන්කාමියෙක්. කිසිම විටෙක සටන අතහරින්නේ නැහැ,” යනුවෙන් රාමොස්ගේ බෙන්ෆීකා කණ්ඩායම් සගයෙකු වන Grimaldo පවසනවා.

ගෝලයක් ලබා ගැනීමෙන් පසුව පිටිය කොනේ සිටුවා තිබෙන කොඩිය වෙත දුවන අතරේ තමන්ගේ වෙළඳ ලාංඡනය මෙන් පිස්තෝල දෙකක් අතැතිව සිටීම අනුකරණය කරමින් රාමොස් කරන රංගනය නිසා ඔහු “Pistoleiro” හෝ තුවක්කුකරු යන හුරතල් නාමය උපයා ගෙන තිබෙනවා.

ඊටත්, ඇත්ත වශයෙන් ම ඔහු මේ ක්‍රීඩා වාරයේ දී ප්‍රදර්ශනය කර තිබෙන්නේ එක පිට එක වෙඩි තියනවා වැනි ක්‍රීඩාවක්.

නොවැම්බරයේ දී බෙන්ෆීකා වෙනුවෙන් රාමොස්ගේ ක්‍රීඩා කෞශල්‍ය නිසා ඔහුට Fernando Santos කළමනාකරුගේ ලෝක කුසලාන සංචිතයේ ස්ථානයක් ලැබුණේ මීට පෙර ඔහු පෘතුගාල ජාතික කණ්ඩායමට ඇතුළු වී නොසිටිය දී වීම විශේෂත්වයක්.

කටාර් 2022 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට දින කිහිපයකට පෙර නයිජීරියාවට ගෝල 4-0ක පරාජයක් අත් වූ රාමොස්ගේ මංගල තරගයේ දී බංකුවේ වාඩි වී සිට පිටියට පිවිස ඔහු විශේෂ චරිතයක නියැළුණා. සිය ක්‍රීඩා දිවිය තුළ නිතර සිදු කර තිබෙන අයුරින් ඔහු පිටියට පැමිණි ඒ කෙටි කාලයේ දී ගෝලයක් ලබා ගැනීමට රාමොස් සමත් වුනා.

කෙසේ වෙතත් රොනල්ඩෝ නමැති ජාතික වීරයෙක් තමා ක්‍රීඩා කරන ස්ථානයේ ක්‍රීඩා කරන නිසා කටාර් තරග බිමේ රාමොස්ගේ පෙනී සිටීම පසුගිය අඟහරුවාදාට පෙර සීමා වී තිබුණා. ඒ වන විට ඔහු පෘතුගාලයේ H කොටසේ තරග තුනක ම ක්‍රීඩා කර තිබුණේ මිනිත්තු 10ක කාලයක් පමණයි.

තමන්ගේ ප්‍රහාරක ආදර්ශ ක්‍රීඩකයන් කවුරුන්ද යනුවෙන් වාර්තාකරුවන් ස්විට්සර්ලන්තයට එරෙහි පෘතුගාල ජයග්‍රහණයෙන් පසුව රාමොස්ගෙන් අසා තිබුණා. එවිට Robert Lewandowski සහ Zlatan Ibrahimovicගේ නම් කියන විට ඔහු සඳහන් කළ තවත් නමක් තිබුණා.

“Cristiano Ronaldo එවැනි තවත් එක් ක්‍රීඩකයෙක්,” යැයි රාමොස් ප්‍රකාශ කර තිබුණා.

තරගය සඳහා තෝරා ගැනීමෙන් තමා පුදුමයට පත්වූ බව රාමොස් තරගයෙන් පසුව කියා සිටියා.

ලෝක කුසලාන පාපන්දු තරගාවලියක knockout අදියරේ තරග ආරම්භක 11 දෙනා අතර මා සිටිනු ඇතැයි මම මගේ පිස්සු ම පිස්සු හීනයකවත් දුටුවේ නැහැ,” යැයි රාමොස් Reuters මාධ්‍යවේදීන්ට පවසා තිබුණා.

ඔහු Santos තමා කෙරෙහි තැබූ විශ්වාසය ඉතාමත් ප්‍රබල ආකාරයෙන් නැවත ඔහුට ලබා දුන්නේ තරගය මිනිත්තු 17ක් පමණක් මහළු වී තිබිය දී.

තරගයේ දෙවැනි භාගයේ දී රාමොස් ඒ සැඳෑවේ ඔහුගේ දෙවැනි ගෝලය ලබා ගත් අතර ඉන්පසුව නැවත වතාවක් ගෝලයක් වාර්තා කළේ ඔහුගේ hat-trick වික්‍රමය සම්පූර්ණ කරමින්. ඉක්බිති වෙනත් ක්‍රීඩක ආදේශයකට ඉඩ දෙමින් තරග අවසානයට මිනිත්තු 15කට පෙර රාමොස් පිටියෙන් ඉවතට ගියේ ප්‍රීති ප්‍රමුදිත අත්පොළසන් මධ්‍යයේ.

ඔහු ලබා ගත් ගෝල ත්‍රිත්වයෙන් රාමොස් 2002 වසරේ සෞදි අරාබියට එරෙහිව Miroslav Kloseගෙන් පසුව තමන්ගේ පළමු ලෝක කුසලාන පාපන්දු තරගාවලියක ආරම්භයේ hat-trick ගෝල ලබා ගත් පළමු ක්‍රීඩකයා බවට පත්වුනා.

පෘතුගීසි මාධ්‍ය රටේ අලුත් වීරයා ගැන විස්තර කළේ “රාමොස් ඉතිහාසය නිර්මාණය කරයි” සහ “බිඳහෙළන්නා” යන සිරස්තලවලින්.

රාමොස්ගේ පිට පිට ගෝල ත්‍රිත්වය පෘතුගාල කණ්ඩායමේ කළමනාකරු සැන්ටොස්ට උභතෝකෝටික ප්‍රශ්නයක් මතු කර දී තිබෙනවා.

මේ බෙන්ෆීකා ඉදිරි පෙළ ක්‍රීඩකයා සෙනසුරාදා මොරොක්කෝවට එරෙහිව ක්‍රීඩා කරවනවා ද, එසේත් නැත්නම් රොනල්ඩෝ නැවත කැඳවනවා ද?

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<