සඳරු ඩයස් සාන්ත ආනා ඉනිම වනසයි

220
Sandaru Dias

සිංගර් ශ්‍රී ලංකා ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (24) ක්‍රියාත්මක විය.

අවිශ්ක, කමේෂ් හා මුදිත ශතක ලාභීන් බවට පත්වේ

පාසල් ක්‍රිකට් පිටියේ චමත්කාරම

  • ගාල්ල මහින්ද විද්‍යාලය හා කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

මහින්ද විදුහල් ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී පැවති මෙම A කාණ්ඩයේ තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දුන් මහින්ද විද්‍යාල පළමු ඉනිම සාන්ත බෙනඩික්ට් විද්‍යාල පන්දු යවන්නන් හමුවේ ලකුණු 147කට සීමා විය.

මහින්ද විද්‍යාලයේ පළමු කඩුලු කිහිපය අවම ලකුණු ප්‍රමාණයක් තුල දැවී ගියත් ඔවුන්ගේ මැදපෙළ ස්ථාවර කළ ශ්‍රී අංක වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ නියෝජනය කළ නවෝද් පරණවිතාන ලකුණු 31ක් රැස්කර ගන්නා ලදි.

පන්දු යැවීමේ දී කෝල්ට්ස් ක්‍රිකට් සමාජය නියෝජනය කරන සාන්ත බෙනඩික්ට් විද්‍යාල ක්‍රීඩක මහීෂ තීක්ෂණ කඩුලු 5ක් දවා ගත් අතර තරගයේ පළමු දිනය අවසන් වන විට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත බෙනඩික්ට් විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 125ක් ලබා සිටියේය. හසිඳු කවිරත්න ලකුණු 52යි. තරගයේ පළමු දිනයේ නිමාව සනිටුහන්  වන විට නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටි පසන් සුවහස් ලකුණු 35*යි.

මහින්ද විද්‍යාල පළමු ඉනිම – 147 (48.1): නවෝද් පරණවිතාන 31, කවිෂ මලියවඩු 30, මහීෂ තීක්ෂණ 5/37, මලින්ද පෙරේරා 4/46.

සාන්ත බෙනඩික්ට් විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 125/8 (51): හසිඳු කවිරත්න 52, පසන් සුවහස් 35*, නවෝද් පරණවිතාන 3/15, නිපුන් මාලිංග 3/32.

දික්වැල්ල ජාමෙ බේරයි; දිනය නිමා වෙද්දී කැන්ගරුවන් ඉදිරියෙන්!

ටෙස්ට් තරග දෙකකින් පමණක් සමන්විත ඕස්ට්‍රේලියානු තරග සංචාරය අරඹමින් අද (24) පළමු දිවා – රාත්‍රි ටෙස්ට් ක්‍රිකට් තරගය

  • කඳාන ද මැසනොඩ් විද්‍යාලය හා කෝට්ටේ ජනාධිපති විද්‍යාලය

කටුනේරිය සාන්ත සෙබස්තියන් විදුහල් ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී පැවති මෙම B කාණ්ඩයේ තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දුන් කඳාන ද මැසනොඩ් විද්‍යාලය ජනාධිපති විද්‍යාල පළමු ඉනිම ලකුණු 166කට සීමා කළේය.

නදුන් ඩිල්ශාන් හා සාලිය ජූඩ් පිළිවෙළින් ලකුණු 45ක් හා ලකුණු 31ක් වාර්තා කරගන්නා ලදි. පන්දු යැවීමේ දී ටශික නිර්මාල් කඩුලු 5ක් දවා ගත් අතර තරගයේ පළමු දිනය අවසන් වන විට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ජනාධිපති විද්‍යාලය කඩුලු 7ක් දැවී ලකුණු 105ක් ලබා සිටියේ ද මැසනොඩ් විද්‍යාල පළමු ඉනිමට වඩා තවත් ලකුණු 59ක් පසුපසින් සිටිමිනි. ටශික නිර්මාල් ලකුණු 57ක් ලබාගෙන සිය තුන් ඉරියව් දස්කම් ප්‍රදර්ශනය කළේය.

ද මැසනොඩ් විද්‍යාල පළමු ඉනිම – 166 (53.5): නදුන් ඩිල්ශාන් 45, සාලිය ජූඩ් 31, සිහින සිතුමිණ 25, ටශික නිර්මාල් 5/47, ඉරංග හෂාන් 3/37.

ජනාධිපති විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 105/7 (30): ටශික නිර්මාල් 57, සිහින සිතුමිණ 3/21, අසිත සිල්වා 3/26.

  • මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය හා කුරුණෑගල මලියදේව විද්‍යාලය

මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී පැවති මෙම A තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දු යැවූ මලියදේව විද්‍යාලය හමුවේ ක්‍රියාත්මක වූ සාන්ත සිල්වෙස්ටර් විද්‍යාල පිතිකරුවන් සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 254ක් රැස්කර ගත්තේය.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාල පිතිකරණ අංශය සවිබලගැන්වූ දකුණතින් පිත්ත හසුරුවන නවිඳු හේරත් ලබාගත් වටිනා ලකුණු 74 හා  හසිඳු නිස්සංක නොදැවී ලබාගත් ලකුණු 48* නිසා සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයට එවැනි මට්ටමක ලකුණු ප්‍රමාණයක් වෙත යාමට හැකි විය. නදීර බාලසූරිය ලකුණු 34යි.

පන්දු යැවීමේ දී විනුජ රූපසිංහ කඩුලු 4ක් දවා ගත් අතර තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත සෙබස්තියන් විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 128ක් ලබා සිටියේය. තරගයේ පළමු දිනයේ නිමාව සනිටුහන්  වන විට 4 පහර 6ක් එල්ල කරමින් නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටින දුනිත් ජයතුංග ලකුණු 72*යි.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාල පළමු ඉනිම – 254 (85.4): නවිඳු හේරත් 74, හසිඳු නිස්සංක 48*, නදීර බාලසූරිය 34, මදුරංග නවීන් 6/78.

මලියදේව විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 17/1 (7):

  • කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලය

D කාණ්ඩයේ තරගයක් ලෙස ආරම්භ වූ මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් සත්කාරක සාන්ත ආනා විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන්ගේ දුර්වල පිතිකරණය නිසාවෙන් සාන්ත ආනා පළමු ඉනිම ලකුණු 99කට සීමා විය.

එහි දී සාන්ත ආනා පළමු ඉනිමේ කිසිදු පිතිකරුවෙක් හට ලකුණු සීමාව ඉක්මවා ලකුණු ලබා ගැනීමට නොහැකි වූයේ තර්ස්ටන් විද්‍යාලයීය නායක සඳරු ඩයස් දක්ෂ පන්දු යැවීමක නිරත වෙමිනි.  ඔහු ලකුණු 21ක් තුල කඩුලු 6ක් දවා ගත්තේය.

>>Photos: Thurstan College v Wesley College | Singer U19 Cricket Tournament 2018/19<<

පිළිතුරු ඉනිම දියත් කළ තර්ස්ටන් විද්‍යාලය තරගයේ පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කිසිවෙක් කඩුලු 4ක් දැවී ලකුණු 122ක් ලබාගෙන සිටියේ රිච්මන්ඩ් විද්‍යාල පළමු ඉනිමට වඩා ලකුණු 23ක් ඉදිරියෙන් සිටිමිනි.

සාන්ත ආනා විද්‍යාල පළමු ඉනිම 99 (65.4): සඳරු ඩයස් 6/21.

තර්ස්ටන් විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 122/4 (27): යොහාන් සචින්ත 50, රනේෂ් සිල්වා 33*.

පළමු දිනයට ක්‍රියාත්මක වූ මේ තරග සියල්ලම හෙට (25) දෙවන දිනයටත් ක්‍රියාත්මක වන අතර මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය හා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන තරගය හා කොළඹ මහානාම විද්‍යාලය හා මහනුවර ධර්මරාජ විද්‍යාලය අතර පැවැත්වෙන තරගය සජීවීව ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<