ආබාධ නිසා පාකිස්තානය අමතර ක්‍රීඩකයින් කැඳවයි

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය 2023

1396

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමඟ පැවති තරගයේ දී ආබාධවලට ලක් වූ Naseem Shah සහ Haris Raufගේ තත්වය සලකා බලා අතිරේක ක්‍රීඩකයින් ලෙස Shahnawaz Dahani සහ Zaman Khan කණ්ඩායමට කැඳවීමට පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබෙනවා.  

ඉන්දියාව හමුවේ ලකුණු 228ක දැවැන්ත පරාජයක් ලැබූ මේ තරගයේ දී ආබාධයට ලක් වූ Naseem Shah සහ Haris Rauf සුපිරි 4 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාවට එරෙහි තරගයට සහභාගී වීම අවිනිශ්චිතව තිබෙනවා.  

නමුත් මෙම ක්‍රීඩකයින් නියමිත වේලාවට පෙර සුවය ලබනු ඇතයි පාකිස්තාන බලධාරීන් විශ්වාස කළත්, ලෝක කුසලානයට වැඩි කාලයක් නොමැති නිසා ක්‍රීඩකයින්ගේ සුවතාවය පවත්වා ගැනීම ඉතා වැදගත් වෙනවා.  

“ලෝක කුසලානය සඳහා ක්‍රීඩකයින් නියමිත ශාරීරික යෝග්‍යතාවෙන් පවත්වා ගැනීමට මේක පූර්වාරක්ෂක පියවරක් වන අතර එම ක්‍රීඩකයින් දෙදෙනා තව දුරටත් වෛද්‍ය කණ්ඩායමේ අධීක්ෂණය යටතේ පසු වෙනවා 

ඒ නිසා කණ්ඩායම් බලධාරීන් ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ තාක්ෂණික කවුන්සිලයට ඉල්ලීමක් කළා ඔවුන් දෙදෙනා තරගාවලියෙන් ඉවත් වුවහොත් පමණක් මෙම ආදේශක සිදු කරන ලෙසයි,” යැයි පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වුනා.  

ඉන්දියාව හමුවේ ලද පරාජයෙන් පසු ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා පසු බැසීමට පාකිස්තානයට සිදු වූ අතර ඔවුන්ට අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට නම් ශ්‍රී ලංකාවට එරෙහි තරගයේ ජයග්‍රහණය ඉතා වැදගත් වෙනවා.  

Dahani පාකිස්තානය නියෝජනය කරමින් එක්දින තරග දෙකක් සහ විස්සයි විස්ස තරග 11ක් ක්‍රීඩා කර තිබෙන අතර Zaman Khan අවස්ථා හයක දී පාකිස්තාන ජාතික කණ්ඩායම නියෝජනය කර තිබෙනවා.  

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සියලු  තොරතුරු සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟම. 

ICC වෙබ් අඩවිය ඇසුරිනි. 

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<