ලසිත උඩගේ කඩුලු 7කින් දිනය නිමා කරයි

447
U19 Schools Cricket

ලසිත උඩගේ විසින් දියත් කල දක්ෂ පන්දු යැවීම හා ශිහාන් ප්‍රනාන්දුගේ ශතකය වෙත අවධානය යොමු වූ අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් දිනයක් අද (28) අවසන් විය. එසේම සුලෝහිත සංග්‍රාමයේ පුහුණු තරගය ද ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.

ජෙහාන් ඩැනියල් වේගවත් පිතිකරණය

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ දෙදින තරග කිහිපයක්ම සහ සීමිත පන්දුවාර තරග කිහිපයක්ම අද (27) පැවති අතර, සුලෝහිත සංග්‍රාමයේ පුහුණු තරගයේ පළමු දිනය…

කැළණිය ගුරුකුල විද්‍යාලය හා මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය

කටුනේරිය සාන්ත සෙබස්තියන් පිටියේ දී කාසියේ වාසිය ජය ගත් මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය පළමුව පන්දුවට පහර දුන් අතර, මෙම තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලබා ගන්නට මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය සමත් විණි.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය තම දෙවන ඉනිම සඳහා උදෑසනම පිටියට පැමිණීමට නියමිතව තිබුණද, වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා දෙවන දිනය සඳහා තරගය පන්දුවාර කිහිපයකට පමණක් සීමා විය. ලසිත් කෲස්පුල්ලේ තම දෙවන ඉනිමට ද අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත් විය.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 205 (42): ලසිත් කෲස්පුල්ලේ 83, රවිදු ප්‍රනාන්දු 39, සංබ පූර්ණ 24, පෘථිවි රෑසර 6/45
ගුරුකුල විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 144 (36.5): අචින්ත මල්ශාන් 46, පසිදු උශෙට්ටි 4/50, සචිදු කොළඹගේ 2/29
මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය දෙවන ඉණිම – 76/2 (16): ලසිත් කෲස්පුල්ලේ 50


කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය හා කඳාන ද මැසනොඩ් විද්‍යාලය

සත්කාරක සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට පළමු ඉනිමේ ජයග්‍රහණය හිමි කර දුන් මෙම තරගයේ දී ඔවුන් කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි.

ශිහාන් ප්‍රනාන්දුගේ සුපිරි පිතිකරණය සමඟින් බලගැන් වුනු සාන්ත බෙනඩික්ට් පළමු ඉනිම ලකුණු 270ක් වන විට අත්හිටු වීමට ඔවුන් තීරණය කරන ලදි. තවද එම ඉනිමට ලකුණු 68ක් එක් කිරීමට චමිදු විජේසිංහ සමත් විය. පන්දු යැවීමේ දී රෝශිත සෙනෙවිරත්න ද මැසනොඩ් විද්‍යාලය වෙනුවෙන් කඩුලු 3ක් දවාලන ලදි.

ද මැසනොඩ් විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 134 (39.5): සංදීප දේශාන් 38, ප්‍රවීන් ෆොන්සේකා 38, චමිදු විජේසිංහ 4/29, මහේෂ් තීක්ෂණ 4/30
සාන්ත බෙනඩික්ට් විද්‍යාලය පළමු ඉනිම – 270/8 dec (70.1): ශිහාන් ප්‍රනාන්දු 104, චමිදු විජේසිංහ 68, රෝශිත සෙනෙවිරත්න 3/66, සහන් දිනෙත් 2/46
ද මැසනොඩ් විද්‍යාලය දෙවන ඉනිම – 81/2 (17): සංගීත් දේශාන් 28*


කොළඹ සහිරා විද්‍යාලය හා රාජගිරිය ජනාධිපති විද්‍යාලය

ජනාධිපති විද්‍යාලයට පළමු ඉනිමේ ජයග්‍රහණය හිමි වූ මෙම තරගයේ, තම පළමු ඉනිමට නොදෙවෙනි ලකුණු පුවරුවක් වෙත තම දෙවන ඉනිමේ දීත් යාමට ජනාධිපති විද්‍යාලයට හැකිවිය. එයට සවිමත් මාර්ගයක් සකස් කල ශාලක බණ්ඩාර තම තුන් ඉරියව් දස්කම් භාවිතා කරමින් ලකුණු 71ක් ලබා ගැනීමට සමත් විය. ඔහුට සහය වෙමින් අනෙක් අන්තයෙන් ප්‍රහාරාත්මක පිතිකරණක නිරත වුනු ගනිදු දෙව්මින, ඩිල්ශාන් සිගේරා හා චමෝද් වික්‍රමසිංහ අර්ධ ශතක ලකුණු පුවරුවට එක් කරන ලදි. පන්දු යැවීමේ දී මොහොමඩ් නජාඩ් කඩුලු 3යි.

සහිරා විද්‍යාලයේ පිළිතුරු දෙවන ඉනිමට මොහොමඩ් නජිත් ලකුණු 61ක් හා සජිත් සමීර ලකුණු 35ක් එක් කරවීය.

ජනාධිපති විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 221 (52.5): චමෝද් වික්‍රමසූරිය 48, හශාන් ප්‍රියදර්ශන 44, සචින්ත ලියනගේ 28, මොහොමඩ් රිෆාස් 22, සජිත් සමීර 5/38, මොහොමඩ් නජාඩ් 2/33
සහිරා විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 197 (51.1): මොහොමඩ් ශමාස් 72, අරවින්ත් 34, සජිත් සමීර 26, චමෝද් වික්‍රමසූරිය 4/39, ශාලක බණ්ඩාර 3/21
ජනාධිපති විද්‍යාලය දෙවන ඉනිම – සියල්ලන්ම දැවී 304 (55.2): ශාලක බණ්ඩාර 71, ගනිදු දෙව්මින 64, ඩිල්ශාන් සිගේරා 58, චමෝද් වික්‍රමසිංහ 50, මොහොමඩ් නජාඩ් 3/37, මොහොමඩ් ඩිල්ශාන් 2/32, සජිත් සමීර 2/80
සහිරා විද්‍යාලය දෙවන ඉනිම 110/3 (12.4): මොහොමඩ් නජිත් 61, සජිත් සමීර 35


මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හා කොළඹ රාජකීය විද්‍යාලය

රාජකීය විද්‍යාලයේ ඇරයුමින් පිටියට පැමිණි ත්‍රිත්ව විද්‍යාලය තම පළමු ඉනිමට දැවැන්ත ලකුණකට යාමට මග විවර කර ගැනීමට සමත් විය.

එම ඉනිමට පිළිතුරු දුන් රාජකීය විද්‍යාලයට ත්‍රිත්ව විද්‍යාලයේ පළමු ඉනිමට සාපේක්ෂව සාර්ථක ලකුණක් වෙත යාමට නොහැකි වුවද, හේලිත විතානගේ උත්සාහවන්ත පිතිකරණයක නිරත වෙමින් ලකුණු 57ක් රැස්කරගනු ලැබීය. ශැනොගීත් ශන්මුගනාදන් රාජකීය පළමු ඉනිමේ කඩුලු 5ක් දවාලමින් පන්දුවෙන් දස්කම් දක්වද්දී, තම දෙවන ඉනිමට ලකුණු 61*ක් ලබාගෙන පිත්තෙන් ද දස්කම් දැක්විය. මෙම තරගයෙන් ත්‍රිත්ව විද්‍යාලයට පළමු ඉනිමේ ජය හිමි විය.

ත්‍රිත්ව විද්‍යාලය පළමු ඉනිම – 321/06 dec (78.1): හසිත බෝයගොඩ 139, ශැනොගීත් ශන්මුගනාoන් 65, චානුක බණ්ඩාර 46, අභිෂේක් මෙහෙතා 2/40, උවින් හේරත් 2/69
රාජකීය විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 212 (60.5): හේලිත විතානගේ 57, පසිදු සූරියබණ්ඩාර 37, ශැනොගීත් ශන්මුගනාතන් 5/69
ත්‍රිත්ව විද්‍යාලය දෙවන ඉනිම – 105/03 (16): ශැනොගීත් ශන්මුගනාතන් 61*


කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය හා මොරටුව මොරටු විද්‍යාලය

කාසියේ වාසිය ජයග්‍රහණය කල සාන්ත මරියා විද්‍යාලය තම පළමු ඉනිමට සඳරු ශ්‍රියන්තගේ අර්ධ ශතකය ද උපයෝගී කරගෙන ලකුණු 160ක් රැස්කර ගන්නා ලදි. මොරටු විද්‍යාලයේ තණතීරුව හොඳින් අධ්‍යයනය කර තිබූ ශෙසද සොයිසා 5ක් ලකුණු 40ක් තුල දවාගන්නා ලදි. පළමු දිනයට තරගය අවසන් වන විට තම පළමු ඉනිම ක්‍රීඩා කල මොරටු විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 110ක් රැස්කර ගැනීමට සමත් විය. එහි දී ශෙසද සොයිසා ලකුණු 45ක් ලබා ගැනීමට සමත් වෙද්දී, ලසිත උඩගේ කඩුලු 7ක් දවාලන ලදි.

සාන්ත මරියා විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 160 (43.5): සඳරු ශ්‍රියන්ත 52, දමිදු චන්ද්‍රසිරි 29*, සජීව රංජිත් 28, ශෙසද සොයිසා 5/40, නජිත් නිශේන්ද්‍ර 2/27
මොරටු විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – සියල්ලන්ම දැවී 110 (43.1): ශෙසද සොයිසා 45, ලසිත උඩගේ 7/41, සංජය රංජිත් 3/21


සුලෝහිත සංග්‍රාමය – පුහුණු තරගය

කාසියේ වාසිය ජයග්‍රහණය කල සත්කාරක ආනන්ද විද්‍යාලය පළමුව පන්දු යවන ලදි. නාලන්ද විද්‍යාලය තම පළමු ඉනිම ලකුණු 278කට අවසන් කර ගන්නා විට, එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා ලෙස පසිදු ලසංග ගේ නාමය සටහන් ව තිබිණි. ඔහුගේ ලකුණු 65ට අමතරව ලකුණු 46ක් හා ලකුණු 43ක් ලබා ගැනීමට මදුෂාන් හසරංග හා මෝක්ෂ සංකල්පට හැකිවිණි. පන්දු යැවීමේ දී ආනන්ද විද්‍යාලය වෙනුවෙන් කලණ පෙරේරා කඩුලු 4ක් දවාලන ලදි.

පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කල ආනන්ද විද්‍යාල පළමු ඉනිමට අවසන් දිනය නිමා වන විට ලකුණු 47ක් එක් කිරීමට කණිෂ්ක රන්තිලකගේට හැකිවිණි. තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

නාලන්ද විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 278 (86.5): පසිදු ලසංග 65, මදුෂාන් හසරංග 46, මෝක්ෂ සංකල්ප 43, කලණ පෙරේරා 4/42, අචිල එරංග 3/65, ලහිරු උදයංග 2/65
ආනන්ද විද්‍යාලය පළමු ඉනිම – 82/4 (30.2): කණිෂ්ක රන්තිලකගේ 47
තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට

 තවත් ක්‍රිකට්පුවත් සඳහා පිවිසෙන්න  ක්‍රිකට්ක්‍රීඩාපිටුවට