Home Sinhala ඉන්දියාව පරාජය කරමින් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයෝ අවසන් මහා සටනට

ඉන්දියාව පරාජය කරමින් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයෝ අවසන් මහා සටනට

7356

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට අද (10) නවසීලන්ත ක්‍රීඩකයෝ සමත් වූහ. 

තරගාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව තරගය අද දෙවැනි දිනටත් මැන්චෙස්ටර් එමිරේට්ස් ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණයේ දී පැවති අතර එහි දී  නවසීලන්තය, ඉන්දීය කණ්ඩායම ලකුණු 18කින් පරාජය කළේය. පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය කඩුලු 8ක් දැවී ලබා ගත් ලකුණු 239ට පිළිතුරු ලෙසින් ඉන්දීය ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 221ක් පමණි. 

වර්ෂාවෙන් බාධා වෙද්දී නවසීලන්තයෙන් දුප්පත් ඉනිමක්

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව තරගය මැන්චෙස්ටර් එමිරේට්ස් ඕල්ඩ්…

නාය යමින් තිබූ ඉන්දීය ඉනිම ගොඩ ගැනීමට මහේන්ද්‍ර සිං දෝනි සහ රවින්ද්‍ර ජඩේජා එක්ව ගෙන ගිය අරගලය නිමාවක් නොදකිමින් අතරමග දී නතර වීම හේතුවෙන් මෙවර ඉන්දියාවේ බලාපොරොත්තු සියල්ල වතුරේ ගියේය.

වර්ෂාව හේතුවෙන් ඊයේ (09) තරගය නතර කරන විට නවසීලන්තය කඩුලු 5ක් දැවී ලකුණු 211ක් ලබා සිටියේය. අද එතැන් සිට ආරම්භ වූ තරගයේ නවසීලන්ත ඉනිම නතර වූයේ කඩුලු 8ක් දැවී ලකුණු 239ක් ලබා ගනිමිනි. 

පෙර දිනයේ නොදැවී ලකුණු 67ක් ලබා සිටි රොස් ටේලර් අද ඉනිමේ හය වැනි කඩුල්ල ලෙසින් තම කඩුල්ල අහිමි කර ගත්තේ දුවද්දී දැවී යෑමකට හසුවෙමිනි. ඔහු දැවී යන විට පන්දු 90කට මුහුණ දී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 74ක් ලබා ගත්තේය. 

>> 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ Hub එකට මෙතැනින් පිවිසෙන්න <<

ඉන්පසුව බුවනේෂ්වර් කුමාර් විසින් යැවුණ ඉනිමේ 49 වැනි පන්දුවාරයේ පළමු සහ අවසන් පන්දුවල දී ටොම් ලේතම් සහ මැට් හෙන්රි (1) දැවී ගියහ. ඉනිම අවසන් වන විට මයිකල් සන්ට්නර් (9) සහ ට්‍රේන්ට් බෝල්ට් (3) නොදැවී පිටියේ රැඳී සිටිය හ. 

පන්දු යැවීමේ දී ආරම්භක වේගපන්දු යවන බුවනේෂ්වර් කුමාර් ලකුණු 43කට කඩුලු 3ක් දවා ගත්තේය. 

ලකුණු 240ක් හඹායන ඉන්දීය ඉනිම ආරම්භ කළේ ලෝකේෂ් රාහුල් සහ රෝහිත් ෂර්මා ය. මේ ශතකලාභී ක්‍රීඩකයන් දෙදෙනාම අද තරගයේ දී අසාර්ථක වීම නවසීලන්තයට වඩාත් වාසිසහගත විය. එපමණකින් නතර නොවී මේ ගොඩටම නායක විරාත් කෝලි ද ඇද දමමින් නවසීලන්තයේ ආරම්භක පන්දු යවන්නෝ වූ මැට් හෙන්රි සහ ට්‍රෙන්ට් බෝල්ට් තරගයේ පාලනය සම්පූර්ණයෙන්ම තමන් වෙත නම්මා ගත්හ. දැවී ගිය ඉන්දීය පිතිකරුවන් තිදෙනාටම ලබා ගත හැකි වූවේ ලකුණක් බැගින් පමණි. ඔවුන්ගේ කඩුලු අහිමි වෙද්දී ඉන්දීය ඉනිම කියැවුණේ ලකුණු 5කට කඩුලු 3ක් ලෙසිනි. 

රිෂාබ් පන්ට් සහ දිනේෂ් කාර්තික් එක්ව ඉන්දීය ඉනිමට තවත් ලකුණු 19ක් එක් කරද්දී නැවත ක්‍රියාත්මක වූ මැට් හෙන්රි කාර්තික් ලකුණු 6කට දවා ගත්තේය. ඒ වෙද්දී ඉන්දීය ඉනිමේ පන්දුවාර 10 නිමා වී තිබූ අතර ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 4කට ලකුණු 24ක් ලෙසිනි. 

අපි නොදන්න කුලේ

“මම ඇත්තටම බෝලේ දැක්කේ නෑ. කුමාර් අයියා වැටෙනවා දැක්කාම මම පන්දු රකින්නා දිහා…

අනතුරුව 5 වැනි කඩුල්ලේ දී ලකුණු 47ක් එක් කිරීමට රිෂාබ් පන්ට් සහ හර්දික් පාන්ඩ්‍යා සමත් වූහ. ඔවුන් අතුරින් ඉක්මන් වූයේ රිෂාඩ් පන්ට් ය. ඔහු පන්දු 55කට මුහුණ දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 32ක් ලබා සිටිය දී මයිකල් සැන්ට්නර්ගේ පන්දුවකට කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් වෙත උඩ පන්දුවක් ලබා දෙමිනි. 

හර්දික් පාන්ඩ්‍යා පන්දු 62කට හතරේ පහර 2ක් සමඟින් ලකුණු 32ක් ලබා ගත්තේය. ඔහු ඉනිමේ 6 වැනි කඩුල්ල ලෙසින් දැවී ගියේ ඉන්දීය ලකුණු පුවරුව 92ක් වෙද්දීය. 

එතැන් සිට නවසීලන්ත පන්දු යවන්නන්ගේ අභියෝගයන් අභියෝගයට ලක් කිරීමට මහේන්ද්‍ර සිං දෝනි සහ රවින්ද්‍ර ජඩේජා සමත් විය. ඔවුන් දෙදෙනා එක්ව 7 වැනි කඩුල්ලට ලකුණු 116ක සබඳතාවක් එක් කළේ ඉන්දීය ප්‍රේක්ෂකයන්ට ජයග්‍රහණයේ බලාපොරොත්තු නැවත එක් කරමිනි. 

තරග දිනවන ශතකයක් සමඟින් පැතුම් නිශ්ශංක වැඩ අල්ලයි

යොවුන් පිතිකරු පැතුම් නිශ්ශංක වාර්තා කළ අති විශිෂ්ට ශතකය හේතුවෙන්….

එහෙත් ඉනිමේ 48 වැනි පන්දුවාරයේ 5 වැනි පන්දුවේ දී රවින්ද්‍ර ජඩේජා, ට්‍රේන්ට් බෝල්ට්ගේ පන්දුවකට මිඩ් ඔෆ් කලාපයේ පන්දු රකිමින් සිටි කෙන් විලියම්ස් අතට උඩ පන්දුවක් දී දැවී  ගියේය. ඔහු ඉනිම හැර යන විට කඩුලු 7ක් දැවී ලකුණු 208ක් ලෙසින් හිස ඔසවන මට්ටමේ විය. එහෙත් එම දැවී යෑම ඉන්දීය ඉනිමේ එතෙක් වූ බලාපොරොත්තු දෙදරා යෑමක් විය. එය තව දුරටත් ස්ථීර වූයේ ඊළඟ පන්දු වාරයේ සිව්වැනි පන්දුවේ දී මහේන්ද්‍ර සිං දෝනි ද දුවද්දී දවා ගැනීමට නවසීලන්ත ක්‍රීඩකයෝ සමත් වීම නිසාය. දෝනි ඉනිම හැරයද්දී ලකුණු පුවරුව කඩුලු 8ක් දැවී ලකුණු 216ක් විය. 

ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ රවින්ද්‍ර  ජඩේජා ය. ඔහු පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 77ක් ලබා ගත්තේය. එය ඔහුගේ ජාත්‍යන්තර එක්දින තරග පිටියේ හොඳම ඉනිම් අතර තෙවැනි තැන ගත්තේය.

මහේන්දු සිං දෝනි අද ලබා ගත්තේ තම ජාත්‍යන්තර එක්දින තරග පිටියේ 73 වැනි අර්ධ ශතකයයි.  ඔහුගේ ඉනිම පන්දු 72කින් සමන්විත වූ අතර ඊට හතරේ සහ හයේ පහර බැගින් ඇතුළත් විය. 

ඉන්දීය ඉනිමේ අවසන් කඩුලු ත්‍රිත්වය ලෙසින් පිටියට පිවිසි බුවනේෂ්වර් කුමාර් (0), යුස්වේන්ද්‍ර චාහල් (5) සහ ජස්ප්‍රීට් බුම්රා (නොදැවී 0) අඩු ලකුණුවලට සීමා විය. 

කඩුලු ලබා ගැනීමේ දී මැට් හෙන්රි ලකුණු 37කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. ඔහු තරගයේ වීරයා ලෙසින් ද නම් කෙරුණි. ඔහුට අමතරව ට්‍රේන්ට් බෝල්ට් සහ මයිකල් සැන්ට්නර් කඩුලු 2 බැගින් දවා ගත්හ. 

තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය හෙට (11) ඕස්ට්‍රේලියාව සහ සත්කාරක එංගලන්තය අතර බර්මින්ග්හැහ් හිදී පැවැත්වීමට නියමිතය. 

තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, තරග සේයා රූ, විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳ හා පිවිසෙන්න<<

Result


India
221/10 (49.3)

New Zealand
239/8 (50)

Batsmen R B 4s 6s SR
Martin Guptill c Virat Kohli b Jasprit Bumrah 1 14 0 0 7.14
Henry Nicholls b Ravindra Jadedja 28 51 2 0 54.90
Kane Williamson c Ravindra Jadedja b Yuzvendra Chahal 67 95 6 0 70.53
Ross Taylor run out (Ravindra Jadedja) 74 90 3 1 82.22
Jimmy Neesham c Dinesh Karthik b Hardik Pandya 12 18 1 0 66.67
Colin de Grandhomme c MS Dhoni b Bhuvneshwar Kumar 16 10 2 0 160.00
Tom Latham c Ravindra Jadedja b Bhuvneshwar Kumar 10 11 0 0 90.91
Mitchell Santner not out 9 6 1 0 150.00
Matt Henry c Virat Kohli b Bhuvneshwar Kumar 1 2 0 0 50.00
Trent Boult not out 3 3 0 0 100.00


Extras 18 (b 0 , lb 5 , nb 0, w 13, pen 0)
Total 239/8 (50 Overs, RR: 4.78)
Fall of Wickets 1-1 (3.3) Martin Guptill, 2-69 (18.2) Henry Nicholls, 3-134 (35.2) Kane Williamson, 4-162 (40.6) Jimmy Neesham, 5-200 (44.4) Colin de Grandhomme, 6-225 (47.6) Ross Taylor, 7-225 (48.1) Tom Latham, 8-232 (48.6) Matt Henry,

Bowling O M R W Econ
Bhuvneshwar Kumar 10 1 43 3 4.30
Jasprit Bumrah 10 1 39 1 3.90
Hardik Pandya 10 0 55 1 5.50
Ravindra Jadedja 10 0 34 1 3.40
Yuzvendra Chahal 10 0 63 1 6.30


Batsmen R B 4s 6s SR
KL Rahul c Tom Latham b Matt Henry 1 7 0 0 14.29
Rohit Sharma c Tom Latham b Matt Henry 1 4 0 0 25.00
Virat Kohli lbw b Trent Boult 1 6 0 0 16.67
Rishabh Pant c Colin de Grandhomme b Mitchell Santner 32 56 4 0 57.14
Dinesh Karthik c Jimmy Neesham b Matt Henry 6 25 1 0 24.00
Hardik Pandya c Kane Williamson b Mitchell Santner 32 62 0 0 51.61
MS Dhoni run out (Martin Guptill) 50 72 1 1 69.44
Ravindra Jadedja c Kane Williamson b Trent Boult 77 59 4 4 130.51
Bhuvneshwar Kumar b Lockie Ferguson 0 1 0 0 0.00
Yuzvendra Chahal c Tom Latham b Jimmy Neesham 5 5 1 0 100.00
Jasprit Bumrah not out 0 0 0 0 0.00


Extras 16 (b 0 , lb 3 , nb 0, w 13, pen 0)
Total 221/10 (49.3 Overs, RR: 4.46)
Fall of Wickets 1-4 (1.3) Rohit Sharma, 2-5 (2.4) Virat Kohli, 3-5 (3.1) KL Rahul, 4-24 (9.6) Dinesh Karthik, 5-71 (22.5) Rishabh Pant, 6-92 (30.3) Hardik Pandya, 7-208 (47.5) Ravindra Jadedja, 8-216 (48.3) MS Dhoni, 9-217 (48.6) Bhuvneshwar Kumar, 10-221 (49.3) Yuzvendra Chahal,

Bowling O M R W Econ
Trent Boult 10 2 42 2 4.20
Matt Henry 10 1 37 3 3.70
Lockie Ferguson 10 0 43 1 4.30
Colin de Grandhomme 2 0 13 0 6.50
Jimmy Neesham 7.3 0 49 1 6.71
Mitchell Santner 10 2 34 2 3.40