ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම් හොංකොං හි සිර වෙයි

443

ශ්‍රී ලංකා පිරිමි හා කාන්තා සත් සාමාජික රග්බි කණ්ඩායම් හොංකොං හී පැවැත්වුණු ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියට සහභාගී වූ අතර එම තරගාවලිය නිමා වීමෙන් පසුව එරටට ඇතුළු වූ Mangkhut සුළි කුණාටුව නිසා ඔවුන් එරටින් පිට වීමට නොහැකිව එහි සිර වී සිටින බව වාර්තා වේ.

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩිකාවෝ පළඟ ශූරතාවය දිනයි

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියර ඊයේ (15) අවසන් වූ අතර ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායම තරගාවලිය අවසන් කළේ පළඟ ශූරයින් ලෙස හෙවත් තරගාවලියේ…

කණ්ඩායම් දෙකම සුළි කුණාටුව පහව යන තුරු සිය හෝටල්වල ආරක්ෂිතව සිටින බව වාර්තා වේ. කණ්ඩායම් රැඳී සිටින හෝටලයට සුළු හානි සිදු වී ඇතත් කණ්ඩායම් කළමනාකරුවන් පවසා සිටියේ ඔවුන් ආරක්‍ෂිත බවයි.   

“කණ්ඩායම් දෙක ආරක්ෂිතයි, ඔවුන්ට හෙට (16) රාත්‍රියේ දිවයිනට පැමිණෙන්නට හැකි වේවි, මම කණ්ඩායම් කළමනාකරුවන් සමඟ සාකච්ඡා කර තිබෙනවා ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව”යැයි ශ්‍රී ලංකා රග්බි සභාපති ලසිත ගුණරත්න මහතා පවසා තිබුණි.

පිලිපීනයෙන් ඇරඹුණු කුණාටුව හොංකොං හරහා ගමන් කර චීනය දෙසට යනු ඇති බව අපේක්ෂා කෙරේ. දැඩි සුළං හා වර්ෂාව නිසා හොංකොං දේශයට දැඩි අලාභ හානි වී ඇතැයි ද වාර්තා වේ.

හොංකොං බලධාරීන් විසින් T10 අනතුරු අවස්ථාව හෙවත් එරට භයානකම ටයිෆූන් සුළි කුණාටු අවදානම ප්‍රකාශ කර ඇති අතර එරට වැසියන්ට නිවෙස් තුළම රැඳී සිටින ලෙස අනතුරු හඟවා තිබේ. තවද එරට බලධාරීන් සියලු නගර හා ප්‍රවාහන මාධ්‍ය තාවකාලිකව වසා දමා තිබේ.  

ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනට ළඟා වීමට නියමිතව තිබුනත් 17 වන සඳුදා වන තුරු සියලු ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ඉඩ ඇති බව ද වාර්තා වේ.

ශ්‍රී ලංකාව නැවත වතාවක් තෙවන ස්ථානයේ නවතී

2018 ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියර අද (15) අවසන් වූ අතර ශ්‍රී ලංකා සත් සාමාජික පිරිමි රග්බි කණ්ඩායමට එහි දී හිමි වූයේ තෙවන ස්ථානයයි. පළමු අදියර දින දෙකක්…

විදේශ මධ්‍ය වාර්තාවලට අනුව හොංකොං හී ගුවන් ගමන් 900ක් පමණ අත්හිටුවා තිබේ. තවද ගුවන් ගමන් 200ක් පමණ පමා වී ඇති බව ද වාර්තා වේ.

හොං කොං හී වත්මන් තත්වය – Getty Images ඇසුරින්

සඳුදා සවස් වන විට ගුවන් ගමන් යථා තත්වයට පත්වේ යැයි අපේක්ෂා කරන අතර උද්ගත වී ඇති තත්වය පිළිබඳව තොරතුරු ලද විගස ඔබ වෙතට ගෙන ඒමට අප සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<