පැතුම්ගේ ගෝලයෙන් සාන්ත ජෝසප් අවසන් මහා තරගයට

ThePapare පාපන්දු ශූරතාවය 2022

414
ThePapare Football Championship 2022

දිගු නිහැඬියාවකින් පසු මෙම වසරේ නැවතත් ආරම්භ වූ ThePapare පාපන්දු ශූරතාවයේ අවසන් මහා තරගයේ පළමු අසුන වෙන් කරවා ගැනීමට මරදාන සාන්ත ජෝසප් ක්‍රීඩකයින්ට හැකි වුනා.

බැද්දගාන පාපන්දු සංකීර්ණයේ පැවති මෙම තරගයෙන් ප්‍රබල යාපනය සාන්ත පැට්‍රික් ක්‍රීඩකයින් පරදවමින් ගෝල 1-0ක ජයක් ලබා ගැනීමට සාන්ත ජෝසප් ක්‍රීඩකයින් සමත් වුනා.

සාන්ත ජෝසප් ක්‍රීඩකයින් මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය පරදවමින් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ අතර කළුතර මුස්ලිම් විද්‍යාලය පරාජය කළ සාන්ත පැට්‍රික් ක්‍රීඩකයින් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබුවා.

සිය කණ්ඩායමට ඉතා තීරණාත්මක වූ තරගයේ 20 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ ජෝසප් ඉදිරි පෙළ ක්‍රීඩක පැතුම් ගිම්හාන පළමු ගෝලය වාර්තා කිරීමට සමත් වුනේ දඬුවම් සීමාවෙන් පිටත සිට රැගෙන ආ පන්දුවක් අලංකාර ලෙස ගෝලය තුළට ස්ථාන ගත කරලයි.

එම අර්ධය තුළ වෙනත් කිසිදු ගෝලයක් ලබා ගැනීමට කිසිවකුට නොහැකි වූ නිසා සාන්ත ජෝසප් පෙරමුණේ තබමින් පළමු අර්ධය අවසන් වුනා.

පළමු අර්ධය: සාන්ත ජෝසප් විද්‍යාලය 01- 00 සාන්ත පැට්‍රික් විද්‍යාලය

පසුබෑමකින් පළමු අර්ධය අවසන් කළ සාන්ත පැට්‍රික් ක්‍රීඩකයින් දෙවැනි අර්ධයේ දී තරමක ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයකින් ක්‍රීඩා කිරීමට උත්සහ කළත් ඔවුන්ව සාර්ථකව මැඩලීමට සාන්ත ජෝසප් පසුපෙළ ක්‍රීඩකයින්ට හැකි වුනා.

පළමු අර්ධයේ ලබා ගත් පෙරමුණ ආරක්ෂා කර ගනිමින් දෙවැනි අර්ධයේ දී තරමක් ආරක්ෂාකාරී ව ක්‍රීඩා කළ සාන්ත ජෝසප් ක්‍රීඩකයින්ට ද එම අර්ධයේ දී ගෝල ලබා ගැනීමට හැකි වුනේ නැහැ.

නමුත් තරගය ගෝල 1-0ක් ලෙස ජයග්‍රහණය කරමින් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සාන්ත ජෝසප් ක්‍රීඩකයින්ට හැකි වුනා. ඔවුන් මෙම තරගාවලියේ අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා ගත් දෙවැනි අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්.

අවසන් ලකුණු තත්වය: සාන්ත ජෝසප් විද්‍යාලය 01-00 සාන්ත පැට්‍රික් විද්‍යාලය

ගෝල ලබා ගත් ක්‍රීඩකයින්,

  • සාන්ත ජෝසප්: පැතුම් ගිම්හාන 20’

ThePapare පාපන්දු ශූරතාවයේ දෙවැනි අවසන් පූර්ව තරගය මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සහ කින්නියා AL Asqa කණ්ඩායම සමඟ ඉරිදා පැවැත්වීමට නියමිතයි.

එම තරගය සජීවීව ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම් අතර තරගයේ උණුසුම දැක ගැනීමට රැඳී සිටින්න අප සමඟ.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<