ඩිල්රුවන්ගෙන් වෙනස් ආකාරයේ පරිත්‍යාගයක්

77

ලොව පුරා මෙන්ම ශ්‍රී ලංකාවට ද වසංගතයක් වෙමින් පැතිර යන Covid-19 වයිරසය නිසාවෙන් දිවයින පුරා උද්ගතව තිබෙන තත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඩිල්රුවන් පෙරේරා අද (23) ස්වයංක්‍රීය ජීවාණුහරණ කුටීරයක් පරිත්‍යාග කිරීමට කටයුතු කර තිබුණි. ඒ පානදුර සෞඛ්‍යය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය (MOH) සඳහායි.

T20 ලෝක කුසලානය ගැන හෑන්ඩ්ස්කොම්බ්ට සුබවාදී බලාපොරොත්තුවක්

කොරෝනා වයිරසය ජාත්‍යන්තර ක්‍රීඩාවට කළ බලපෑම සුළුපටු නැත. ලොව පුරා සියලු ක්‍රීඩා තරග හා තරගාවලි…

මේ ස්වයංක්‍රීය ජීවාණුහරණ කුටීරය නිර්මාණය සිදු කර ඇත්තේ මාලින්ද දික්මාගොඩ වන අතර ඒ සඳහා අවශ්‍ය මූල්‍යමය දායකත්වය ඔහු වෙත දක්වා ඇත්තේ ඩිල්රුවන් පෙරේරායි.

මීට අමතරව හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් මෙන්ම වර්තමාන ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක්ම ගෙවී ගිය දින කිහිපය පුරාවට ආරක්‍ෂිත ක්‍රම අනුගමනය කරමින් විවිධ වූ සහන ලබා දීමේ වැඩසටහන් සඳහා සිය දායකත්වය දක්වා තිබුණි.

එසේම ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක්ම සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ජනතාව දැනුවත් කරමින් නිවසටම වී ආරක්ෂිතව ඉන්න යන පණිවිඩය ජනතාව අතරට රැගෙන යාම සඳහා විශාල දායකත්වයක් දක්වන ලදි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<