Black Lives Matter එංගලන්ත – කොදෙව් සටනට

202

ලොව පුරා ක්‍රියාත්මක Black Lives Matter විරෝධතා මාලාවට සහය දැක්වීමක් වශයෙන් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම ඔවුන්ගේ නිල ඇඳුමේ Black Lives Matter ලාංඡනය ප්‍රදර්ශනය කරන්නට සූදානමින් සිටිනවා. 

එංගලන්තය සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දී මෙලෙස ඔවුන් Black Lives Matter ලාංඡනය සිය කමිස කොළරයේ සටහන් කරගෙන ක්‍රීඩා කරනු ඇත. 

මලගෙදරක ගිය කොදෙව් පුහුණුකරුට අකරතැබ්බයක්

ඇමරිකානු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනයත් සමඟම ඇරඹුණු Black Lives Matter  විරෝධතා මාලාවට කොදෙව් නායක ජේසන් හෝල්ඩර් ද සහය දක්වා තිබුණා. “අපි හිතනවා අපිට වගකීමක් තිබෙනවා මේ වෙනුවෙන් කතා කරන්නම, මේ කරුණට මිනිසුන්ගේ අවධානය යොමු කරවන එක අපේ යුතුකමක්.”

Alisha Hosannah විසින් නිර්මාණය කරන ලද මෙම Black Lives Matter ලාංඡනය ICC ද අනුමත කර තිබීම විශේෂත්වයක්. මෙම ලාංඡනය එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියට සහභාගී වන කණ්ඩායම් සියල්ලම සිය ජර්සිවල පැලඳ ක්‍රීඩා කිරීම ගෙවුණු සති කිහිපයේ කැපී පෙනෙන සිදුවීමක් වුනා.

“ක්‍රීඩාවට ඉතාම වැදගත් මොහොතක් මේක. ක්‍රිකට් ක්‍රීඩාවට වගේම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමටත් ඉතා වැදගත් මොහොතක් මේක” හෝල්ඩර් ESPNCricinfo වෙත පවසා තිබුණා. “අපි එංගලන්තයට ආවේ විස්ඩන් කුසලානය දිනා ගන්නට වුනාට අපි ලෝකය වටේ වෙන හැම සිදුවීමක් ගැනම අවධානයෙන් ඉන්නේ. අපි සමානාත්මතාව හා යුක්තිය වෙනුවෙන් සටන් කරනවා. යොවුන් ක්‍රීඩකයින් වුනත් අපි දන්නවා කොදෙව් දූපත්වල ක්‍රිකට් ඉතිහාසය. අපි දන්නවා ඉදිරියට අපි තමයි පරම්පරා ගණනක් ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කරන්නේ.”

ප්‍රබල පිතිකරුවන් දෙදෙනෙක් සංචිතයෙන් ඉවත් කළේ මොන පදනමකින් ද?

සඳුදා ඕල්ඩ් ට්‍රැෆොර්ඩ් හිදී ආරම්භ වන පුහුණු තරගයේ දී කොදෙව් කණ්ඩායම පළමු වරට මෙම නව ජර්සිය පැලඳීමට නියමිතයි. ජූලි 8 වැනිදා Ageas Bowl හිදී ආරම්භ වන එංගලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ටෙස්ට් තරගය කොරෝනා වයිරස ව්‍යාප්තියට පසුව ආරම්භ වන පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගය බවට පවත්වනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<