කොදෙව්වන් නිරෝධායන නීති කඩයි

1382
West Indies players

නවසීලන්ත නිරෝධායන නීති උල්ලංඝනය කිරීම නිසාවෙන් එහි තරග සංචාරයක් සඳහා පැමිණ ඇති බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම් කටයුතු තහනම් කර ක්‍රීඩකයින් කාමර තුළට සීමා කිරීමට නවසීලන්ත බලධාරීන් තීරණය කර ඇත.

කොදෙව් කණ්ඩායමේ ක්‍රියාකාරකම් නවසීලන්ත සෞඛ්‍ය බලධාරීන් විසින් CCTV කැමරා ආශ්‍රයෙන් නිරීක්ෂණය කිරීමේ දී එම ක්‍රීඩකයන් සිය ආහාර පාන බෙදා ගනිමින් කණ්ඩායම් වශයෙන් එකතු වී කටයුතු කරමින් නිරෝධායන නීති උල්ලංඝනය වන අයුරින් කටයුතු කිරීම නිසාවෙන් මෙම තීරණය ගැනීමට ඔවුන් තීරණය කර ඇත.

නවසීලන්තය සමඟින් තරග සංචාරයට සූදානම් වන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පසුගිය මාසයේ පැවති Bledisloe Cup කුසලානයේ දී ඕස්ට්‍රේලියානු රග්බි කණ්ඩායමට ලබා දුන් ආකාරයේ වැඩි දියුණු කරන ලද නිරෝධායන විධිවිධානයන් ලබා දීමට නවසීලන්ත බලධාරීන් කටයුතු කර තිබුණි.

තවත් ක්‍රිකට් පුවත්: 

ඒ අනුව එම ක්‍රීඩකයන් සහ අනෙකුත් බලධාරීන් සිය කොරෝනා පරීක්ෂාවන් දෙක සාර්ථකව නිමා කිරීමෙන් පසු ඔවුන්ට Christchurch හෝටලයෙන් බැහැරව ඇති Lincoln විශ්වවිද්‍යාලයේ දී සිය පුහුණුවීම් කටයුතු සිදු කිරීමට ද අවසර ලබා දී තිබුණි.

කෙසේ නමුත් මෙම සිදුවීමත් සමඟ නවසීලන්ත සෞඛ්‍ය බලධාරීන් විසින් සිය රටෙහි කොරෝනා පාලනය එලෙසෙම පවත්වා ගැනීම සඳහා කොදෙව් කණ්ඩායම ටලබා දුන් අවස්ථා සීමා කිරීමට කටයුතු කර ඇත.

 බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නවසීලන්ත සංචාරය මෙම මස 27 වැනිදා ආරම්භ වීමට නියමිතව ඇති අතර තරගාවලිය සඳහා ටෙස්ට් තරග දෙකක් සහ පන්දුවාර 20 තරග තුනක් ඇතුළත්ව ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<