බංග්ලාදේශය හමුවේ සිම්බාබ්වේට කටඋත්තර නැති වේ

225
Bangladesh cricketer Soumya Sarkar (L) and Imrul Kays run between the wickets during the third one day international (ODI) cricket match between Bangladesh and Zimbabwe at the Zahur Ahmed Chowdhury Stadium in Chittagong on October 26, 2018. (Photo by MUNIR UZ ZAMAN / AFP) (Photo credit should read MUNIR UZ ZAMAN/AFP/Getty Images)

සංචාරක සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම අතර පැවති තරග 3කින් යුත් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය 3-0ක් ලෙසින් ජය ගැනීමට බංග්ලාදේශ ක්‍රීඩකයෝ ඊයේ (26) සමත් වූහ. ඒ චිතගොං හී පිහිටි සාහුර් අහමඩ් චෞද්රි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති තරගයේ දී කඩුලු 7කින් ලැබූ ජයග්‍රහණයත් සමඟය.

බංගලියෝ දෙවැනි තරගයේ දි ම සිම්බාබ්වේට පහර දෙයි

සංචාරක සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ ඊයේ (24) චිතගොං ක්‍රීඩාංගණයේ දී පැවති…

කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවී ලකුණු 286ක් ලබා ගත් අතර පිළිතුරු ලෙසින් බංග්ලාදේශ ක්‍රීඩකයෝ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 288ක් ලබා ගත්හ. ඒ තරගය නිමා වීමට තවත් පන්දු 47ක් ඉතිරිව තිබිය දී ය.

සිම්බාබ්වේ ඉනිමේ කඩුලු 2ක් දැවී ලකුණු 6ක් ව තිබිය දී බ්‍රෙන්ඩන් ටේලර් සහ ෂෝන් විලියම්ස් එක්ව තෙවැනි කඩුල්ලට ලකුණු 132ක සබඳතාවක් එක් කරමින් ලකුණු පුවරුව ප්‍රාණවත් කළහ. එම කඩුල්ලේ සබඳතාව බිඳී ගියේ පන්දු 72කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් සමඟ ලකුණු 75ක් ලබා සිටි බ්‍රෙන්ඩන් ටේලර් දැවී ගිය පසුව ය. ටේලර් අද රැස් කළේ තම එක්දින තරග දිවියේ 36 වැනි අර්ධ ශතකයයි.

අනතුරුව ෂෝන් විලියම්ස් සහ සිකන්දර් රාසා සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 84ක සබඳතාවක් ගොඩ නැගූහ. එම සබඳතාව බිඳ වැටුණේ රාසාගේ දැවී යෑමත් සමඟ ය. රාසා පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 40ක් තම කණ්ඩායමට එක් කළේය.

පස්වැනි කඩුල්ල වෙනුවෙන් විලියම්ස් සහ පීටර් මුවර් අතර වූ ලකුණු සබඳතාව 62කි. පීටර් පන්දු 21කට මුහුණ දී හයේ පහර 2ක් සමඟින් ලකුණු 28කට දැවී යමින් එම කඩුල්ලේ සබඳතාව බිඳ දැම්මේ ය.

ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය හදිසියේ වෙනස් වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක අකිල දනංජය හා ප්‍රහාරාත්මක පිතිකරුවෙක් වන කුසල් ජනිත් පෙරේරා යන දෙදෙනාම හෙට (27) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගය ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත්…

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ෂෝන් විලියම්ස් ය. ඔහු පන්දු 143කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 129ක් ලබා ගත්තේ ය. එය ඔහුගේ එක්දින තරග දිවියේ දෙවැනි ශතකය වූ අතර හොඳම ඉනිම ලෙසින් ද වාර්තා විය.

පන්දු යැවීමේ දී නස්මුල් ඉස්ලාම් ලකුණු 58කට කඩුලු 2ක් දවා ගත්තේය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි බංග්ලාදේශයේ පළමු පන්දුවේ දී ම පළමු කඩුල්ල දවා ගැනීමට කයිල් ජාවිස් සමත් විය. නමුත් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ඉම්රුල් කයිස් සහ සෞම්‍ය සාකර් ලබා ගත් ලකුණු 220ක සබඳතාව සිම්බාබ්වේ ක්‍රීඩකයන්ගේ සියලු බලාපොරොත්තු විනාශ කර දැමූහ.

සෞම්‍ය සාකර් පන්දු 92කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 6ක් සමඟ ලකුණු 117ක් ලබා ගත්තේ ය. එය ඔහුගේ එක්දින තරග දිවියේ දෙවැනි ශතකයයි.

ඉම්රුල් කයිස් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 115කි. ඔහු පන්දු 112කට මුහුණ දුන් අතර හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් තම ඉනිමට ඇතුලත් කළේය. එය ඔහුගේ එක්දින තරග දිවියේ සිව්වැනි ශතකයයි.

බාබර් අසාම් ඇතුළු පාකිස්තානුවන් හමුවේ ඕස්ට්‍රේලියාව දණ නමයි

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම අතර පැවති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය ඊයේ (24) රාත්‍රියේ පැවති අතර එම තරගය ලකුණු 66කින් ජය ගැනීමට පාකිස්තානය…

ඔවුන් දෙදෙනා විසින් ගොඩනැගූ ලකුණු සබඳතාව බංග්ලාදේශ එක්දින තරග ඉතිහාසයේ දෙවැනි කඩුල්ලේ හොඳම ලකුණු සබඳතාව වූ අතර ඕනෑම කඩුල්ලක් සඳහා වන දෙවැනි හොඳම අවස්ථාව වන්නේ ය.

තරගය ජයග්‍රහණයෙන් කෙළවර වන විට මුෂ්ෆිකර් රහීම් නොදැවී ලකුණු 28ක් ද, මොහොමඩ් මිතුන් නොදැවී ලකුණු 7ක් ද ලබා සිටිය හ.

කඩුලු ලබා ගැනීමේ දී කයිල් ජාර්විස්, වෙලිංග්ටන් මසකඩ්සා සහ හැමිල්ටන් මසකඩ්සා විසින් කඩුල්ල බැගින් ලබා ගත්හ.

තරගයේ වීරයා ලෙස සෞම්‍ය සාකර් ද තරගාවලියේ වීරයා ලෙසින් ඉම්රුල් කයිස් ද නම් කෙරුණි.

සිම්බාබ්වේ; කඩුලු 5ක් දැවී 286 (50) බ්‍රෙන්ඩන් ටේලර් 75, සීන් විලියම්ස් නොදැවී 129, සිකන්දර් රාසා 40, පීටර් මූර් 28, නස්මුල් ඉස්ලාම් 2/58

බංග්ලාදේශය; කඩුලු 3ක් දැවී 288 (42.1) ඉම්රුල් කයිස් 115, සෞම්‍ය සාකර් 117, මුෂ්ෆිකර් රහීම් 28

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<