IBA සභාපති උමාර් ක්‍රෙම්ලෙව් ශ්‍රී ලංකාවේ

256

ජාත්‍යන්තර බොක්සිං සංගමයේ (International Boxing Association – IBA) සභාපති උමාර් ක්‍රෙම්ලෙව් ඇතුළු කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ ඓතිහාසික සංචාරයක නිරත වුනා. මේ පිරිසට හිටපු හෙවිවෙයිට් බොක්සිං ශූර රෝයි ජෝන්ස් Jr. ද ඇතුළත්.

ඊට අමතරව ක්‍රෙම්ලෙව් මහතාගේ බිරිඳත්, IBA සන්නාම තානාපතිනි සෙයිනා නසාර්ද ශ්‍රී ලංකාවට පැමිණියා. ඇය ජර්මනියේ බැන්ටම් වෙයිට් ශූරියයි. නුදුරු අනාගතයේ දී ජාත්‍යන්තර බොක්සිං ක්‍රීඩාව සඳහා වන සන්ධිස්ථානයක් බවට ශ්‍රී ලංකාව ඇතැයි සභාපති ක්‍රෙම්ලෙව් පැවසුවා.

ක්‍රෙම්ලෙව් මහතා ඇතුළු පිරිස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාව හමුවී

ශ්‍රී ලංකා බොක්සිං සභාපති ඩයන් ගෝමස් මහතා විසින් IBA සභාපතිවරයාට ස්තුතිවන්ත වුනා.

මේක ශ්‍රී ලංකාවට ඓතිහාසික කාලයක්. ශ්‍රී ලංකාවට සහාය අවශ්‍ය වෙලාවට, මටත් ශ්‍රී ලංකා බොක්සිං වලටත් සහාය දක්වා ඇති උමාර් ක්‍රෙම්ලෙව් මහතා සහ ඔහුගේ පිරිස ගැන මට හැමවිටම විශ්වාසය තබන්න පුළුවන්,” ඩයන් ගෝමස් මහතා අදහස් දැක්වූවා.

අපට ආඩම්බර වෙන්න පුළුවන්. මොකද, බොක්සිං ක්‍රීඩා කරන රටවල් 200ක් පමණ ලොවපුරා තියෙනවා. ශ්‍රී ලංකාව වගේ රටක් ඔහු විසින් හඳුනාගෙන අනුමත කිරීම, IBA යනු ශ්‍රී ලංකාවේ බොක්සිං ක්‍රීඩාවට සුවිශේෂී පිළිගැනීමක්,” යැයි ඩයන් ගෝමස් මහතා වැඩිදුරටත් පැවසුවා.

ක්‍රීඩකයන් හැටියට අපට අවශ්‍ය ලෝකය එකතු කරන්නයි. මම දන්නවා, උමාර්, වෘත්තීය බොක්සිං වලින් IBA එක උපයා ගන්න මුදල් ආධුනික බොක්සිං ක්‍රීඩකයන්ට ත්‍යාග මුදල් හැටියට ලැබෙන පරිදි සැලකිය යුතු වෙනසක් ගෙන ඒවි. මීළඟ වසරේ දී ලෝක ශූරතා තරගාවලියේ රන් පදක්කම වෙනුවෙන් ඩොලර් මිලියනයක මුදලක් ලබා දෙනවා. මුදල් නැතිකමින් පෙළෙන හැම රටකටම ඩොලර් 50,000ක් වාර්ෂිකව ගෙවන්නට උමාර් පොරොන්දු වෙලා තියෙනවා,” සභාපතිවරයාව අගය කරමින් ඩයන් ගෝමස් මහතා පැවසුවා.

උමාර් ක්‍රෙම්ලෙව් මහතා ඒ  ප්‍රකාශ කර තිබුණේ ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතාව හමු වූ මොහොතේ දීයි. සංචාරය අතරතුර ඔහු ශ්‍රී ලංකාවේ බොක්සිං ක්‍රීඩකයන්ව ද හමුවුනා.

“IBA සභාපතිවරයා හැටියට ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ලෝකයට තීරණාත්මක වෙනස්කම් සිදුවෙන්නට තිබෙනවා. ජාත්‍යන්තරව ක්‍රීඩා කරන ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් ප්‍රමාණයේ වර්ධනයක් සිදු වේවිය කියලා මම බලාගෙන ඉන්නවා,” යැයි සභාපතිවරයා පැවසුවා. ඔහු රුසියානු ජාතිකයෙක්. රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින් සමඟ ද ඔහුට සමීප සම්බන්ධතා ඇතැයි පැවසෙනවා.

deutschlandfunk

IBAහි සන්නාම තානාපතිවරිය වන සෙයිනා නසාර් පැවසුවේ,

බොක්සිං ක්‍රීඩාව හැමෝටම විවෘතයි සහ එය බෙදීමක් පිණිස තිබෙන්නේ නැහැ. එකතු වෙලා අපට වෙනසක් කරන්න පුළුවන්,” යනුවෙන්.

ඩයන් ගෝමස් සහ ඩෙහාරා ගෝමස් දෙදෙනා විසින් උමාර් ක්‍රෙම්ලෙව් මහතා ඇතුළු කණ්ඩායම පිළිගැනීමේ උත්සවයක් ගල්කිස්ස මහ හෝටලයේ දී පැවැත්වුණේ ක්‍රීඩා අමාත්‍යවරයා, යුධ හමුදා නිලධාරීන් සහ බොක්සිං ක්‍රීඩාවට සම්බන්ධ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන්.

>>තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<