අවසන් මොහොතේ ජය කොළඹට; 2-1න් දිනුම Renownට

Super League 2021

272

Up Country Lions FC ගෝල 2-3ක් ලෙස සහ New Youngs FC ගෝල 1-2ක් ලෙස පරාජය කළ Colombo FC සහ Renown SC ජයග්‍රාහීව සුපර් ලීග් පාපන්දු තරගාවලියේ 7 වැනි සතිය අවසන් කළා.

Up Country Lions FC සහ Colombo FC

සුගතදාස ක්‍රීඩාංගණයේ දී සවස 3:30ට ආරම්භ වූ මේ තරගයට Colombo ක්‍රීඩකයින් ජයග්‍රාහී මානසිකත්වයකින් පිවිසියා. ඒ ගෝල 4-1ක් ලෙස රත්නම් ක්‍රීඩකයින් පරාජය කරමිනුයි. නමුත් Up Country ක්‍රීඩකයින් අවසන් වරට පැවති තරගයේ දී ගෝල 2-1ක් ලෙස Blue Star SC හමුවේ පරාජය වෙමින් අද තරගයට පිවිසියා.

තරගයේ ප්‍රථමයෙන් ගෝල රැස් කළේ Up Country නායක Mariyadas Nitharshan විසිනුයි. 21 වැනි මිනිත්තුවේ දී වාර්තා වූ එම ගෝලයෙන් පසුව Colombo ක්‍රීඩක මොහොමඩ් ආකිබ් 31 වැනි මිනිත්තුවේ දී ලකුණු පුවරුව සම කළේ ගෝලයක් වාර්තා කරමිනුයි. ඒ සමඟින් ප්‍රථම අර්ධය අවසන් වුනේ ලකුණු පුවරුව වෙනස් නොවෙමිනුයි.

දෙවැනි අර්ධයේ දී සිය කණ්ඩායමට පෙරමුණ දිනා දීමට නැවතත් Nitharshan සමත් වුනා. ඒ 63 වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කරමිනුයි.

කෙසේ නමුත් ජයග්‍රහණය ඔවුන් සතුව තිබූ අවසන් මොහොතේ ක්‍රියාත්මක වූ ආකිබ් සහ Bodric Dimitri දෙදෙනා දෙවැනි අර්ධයේ අතිරේක කාලයේ දී ගෝල දෙකක් වාර්තා කරමින් Colombo FC ජයග්‍රහණය කරා රැගෙන ගියා.

අවසන් ලකුණු තත්වය: Up Country Lions FC 2 – 3 Colombo FC

ගෝල ලාහීන්:

  • Up Country Lions: Mariyadas Nitharshan 21’ & 63’
  • Colombo: මොහොමඩ් ආකිබ් 31’ & 90+8, Bodric Dimitri 90+6

New Youngs FC සහ Renown SC

New Youngs පසුගිය සතියේ දී Red Star FC සමඟ පැවති තරගය සමව අවසන් කර ගනිමින් සහ Renown SC Blue Eagles SC හමුවේ ගෝල 1-0ක ජයග්‍රහණයක් වාර්තා කරමින් අද තරගය සඳහා අවතීර්ණ වුනා.

ප්‍රථම අර්ධය ඉතාමත් තරගකාරී මුහුණුවරක් ගත් අතර කිසිදු ගෝලයක් වාර්තා නොවෙමින් ප්‍රථම අර්ධය නිමාවට පත් වුනා.

දෙවැනි අර්ධයේ දී ලකුණු පුවරුව සක්‍රීය කරමින් ගෝලයක් වාර්තා කරන්නට Renown ක්‍රීඩක Jude Suban සමත් වුනා. ඒ් 53 වැනි මිනිත්තුවේ දීයි. ඉන් අනතුරුව Renown ලකුණු පුවරුව ඉහළ දමමින් 56 වැනි මිනිත්තුවේ දී ලකුණු පුවරුවට ගෝලයක් එක් කරන්නට ඩිලාන් මදුෂංක සමත් වුනා.

ප්‍රතිවාදීන් හඹා එමින් එතෙක් නිහඬව සිටි New Youngs වෙනුවෙන් පළමු ගෝලය රැස් කරන්නට සමත් වුනේ M. Mushikan විසිනුයි. ඒ 78 වැනි මිනිත්තුවේ දීයි. කෙසේ නමුත් එම ගෝලයක් පමණක් New Youngs ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවූ අතර ගෝල 2-1ක් ලෙස ජයග්‍රාහීව 2021 අවසන් කරන්නට Renown ක්‍රීඩකයින් සමත් වුනා.

අවසන් ලකුණු තත්වය: New Youngs FC 1 – 2 Renown SC

ගෝල ලාභීන්:

  • New Youngs: Jude Suban 53’, ඩිලාන් මදුෂංක 56’
  • Renown: M. Mushikan 68’

සුපර් ලීග් තරගාවලියේ 7 වැනි සතියේ අවසන් තරග දෙක හෙට (30) පහත පරිදි පැවැත්වීමට නියමිතයි.

  • Defenders FC සහ Blue Star SC – සවස 3:30
  • Blue Eagles SC සහ Ratnam SC – රාත්‍රි 7:30

සුපර් ලීග් පාපන්දු තරගාවලියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<