උණුසුම් කාළගුණයක්, පළමු දිනය ශ්‍රී ලංකාවට

409
එංගලන්ත ක්‍රීඩක අැලෙස්ටයාර් කුක් දවාගත් අවස්තාව සමරන නුවන් ප්‍ර‍දීප් ©AFP

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන හා අවසන් ටෙස්ට් තරඟය අද (09) එංගලන්තයේ ලෝඩ්ස් පිටියේදී ආරම්භ විය.

සාම්ප්‍රදායික තරගාරම්භක සීනුව, ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරගේ අතින් නාද විය.

පසුගිය ලිපි: එංගලන්තය නොසිතූ මාවතකින් තරඟය ජය ගනියි

කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කරන ලදි. ලෝඩ්ස් ක්‍රීඩාංගණය අවට උෂ්ණත්වය සෙල්සියස් 18 22 අතර අගයක පැවතීම පෙර කාලගුණික තත්වයන්ට සාපේක්ෂව ශ්‍රී ලංකා කණ්ඩායමට උචිත විය. තවද අබාධයකට ලක්වූ මිලින්ද සිරිවර්ධන වෙනුවට කුසල් ජනිත් ආදේශ කර තිබීම දැකගත හැකිවිය.

තරගයේ පළමු දිනය නිමා වනවිට එංගලන්ත කණ්ඩායම පන්දුවාර 90 කදී කඩුලු 6 ක් බිඳවැටී ලකුණු 279 ක් ලබා සිටින ලදි.

ඇලෙක්ස් හේල්ස් ලකුණු 18 කට පළමු කඩුල්ල ලෙස දැවී යන ලදි. නායක ඇලෙස්ටයර් කුක් දක්ෂ පිතිහරඹයක නිරත වූ අතර ඔහු 4 පහරවල් 9 ක් සමඟ ලකුණු 85 ක් ලබා සිටියදී දැවී යන ලදි. නික් කොම්පටන් හා ප්‍රබල ක්‍රීඩක ජෝයි රූට් හට සාර්ථක වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබා නොදෙන ලදි. ඔවුන් දෙදෙනා 1 ක් සහා ලකුණු 3 ක් ලබා සිටියදී ක්‍රීඩාගාරයට හරවා යවන ලදි. මොයින් අලී ලකුණු 25 ක් ලබා සිටියදී දැවී යන ලදි. ජේම්ස් වින්ස් ලකුණු 10 යි.

පසුගිය ලිපි:  මහරූෆ්, තරංග, රන්දිව් නැවතත් එක්දින පිටියට

එංගලන්ත ඉණිමේ 5 වන කඩුල්ල සඳහා ලකුණු 80 සබඳතාවයක් ගොඩනැංවීමට කුක් හා ජොනතන් බෙයාර්ස්ටොවු සමත් විය. බෙයාර්ස්ටොවු 4 පහරවල් 13ක් සමඟ දක්ෂ ලෙස පිත්ත හසුරුවා නොදැවී ලකුණු 107* ක් ලබාගෙන සිටියි. නොදැවී ක්‍රීඩා කරන ක්‍රිස් වෝක්ස් ලකුණු 23*යි.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් රංගන හේරත් ලකුණු 45 කට කඩුලු 2, සුරංග ලක්මාල් ලකුණු 66 කට කඩුලු 2 ක් හා නුවන් ප්‍රදීප් ලකුණු 79 කට කඩුලු 2 ක් ලබාගැනීමට සමත් විය.

හෙට (10) තරඟය දෙවන දිනයයි.

තවත්  පුවත් සිංහලෙන් කියවන්න – පිවිසෙන්න