තමන්ගේ ස්ථානය ගැන වද නොවී සෙල්ලම් කරන්න – ඉන්දීය නායක

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය 2022

5510

ඉන්දීය විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායම Rohit Sharmaගේ නව නායකත්වය යටතේ ශ්‍රී ලංකාව 3-0ක් ලෙස පහසුවෙන් පරාජය කරන්නට සමත් වුනා.

Sharma පවසා සිටින්නේ පසුගිය කාලයේ දී විස්සයි විස්ස කණ්ඩායමේ ක්‍රීඩකයින් සිය ස්ථානය රැකගන්නට ආරක්ෂාකාරී ලෙස ක්‍රීඩා කළත්, දැන් ඔවුන්ට නිදහසේ ක්‍රීඩා කරන්නට අවස්ථාව ලබා දී ඇති බවයි.

2021 විස්සයි විස්ස ලෝක කුසලානයෙන් පසුව Rohitගේ නායකත්වයෙන් ඉන්දියානු කණ්ඩායම ක්‍රීඩා කළ විස්සයි විස්ස තරගාවලි තුනම ජයග්‍රහණය කරන්නට සමත් වුනා.

කණ්ඩායමේ ක්‍රීඩකයින්ට කියන්න ඕනේ ඔබේ ස්ථානය ගැන වද නොවී ක්‍රීඩා කරන්න කියලා. අපි අඩුපාඩු තියන තැන් හදාගන්න ඕනේ”, ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති තුන්වැනි තරගය අවසන් වීමෙන් පසුව පැවැත්වුණු මාධ්‍ය හමුවේ දී ඉන්දීය නායකයා පවසා සිටියා.

අපිට මේක ලොකු අභියෝගයක් වෙයි. ඒ වුනත් ක්‍රීඩකයින්ගේ රිද්මයේ නැති වෙනවට වඩා හොඳයි ක්‍රීඩකයින් ගොඩක් රිද්මයේ ඉන්න එක. අපි ඔක්කොම එකට ක්‍රීඩා කළා. මේ තරගාවලියේ ධනාත්මක දේවල් ගොඩක් ගන්න තිබෙනවා”, රිද්මයේ සිටින ක්‍රීඩකයින් රැසක් අතුරින් කණ්ඩායම තෝරාගැනීම ගැන Rohit අදහස් දක්වා සිටියා.

අවසන් විස්සයි විස්ස තරග 6 දී හා එක්දින තරග 3 දී සංචිතයේ සියලුම ක්‍රීඩකයින්ට පාහේ තරග අත්දැකීම් ලබා දීමට හැකි වීම ගැන Rohit සිය සතුට ප්‍රකාශ කර සිටියා.

අපි මේ දේ හිතේ තියාගෙන සිටියා, ක්‍රීඩකයින්ට අවස්ථාව ලබා දීමට ලැබුණු එක ගැන සතුටුයි. සමහර ක්‍රීඩකයින් ලැබුණු අවස්ථාව භාවිතා කළා වගේ අනෙක් ක්‍රීඩකයිනුත් තමන්ට ලැබුණු අවස්ථාව හරියටම ප්‍රයෝජනයට ගන්නවා නම් අපිට තවත් ශක්තිමත් වෙන්න පුළුවන්.”

Times Of India ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<