Kohliව පසුකරන් ගිය Iyerගේ වාර්තාව

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දියානු සංචාරය 2022

6149
Shreyas Iyer

ශ්‍රී ලංකාව සමඟ පැවති විස්සයි විස්ස තරගාවලියේ දැක්වූ දස්කම් සමඟින් තරග තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලියක වැඩිම ලකුණු ලබා ගත් ඉන්දීය පිතිකරුවා බවට පත්වීමට Shreyas Iyerට හැකි වුනා.

Shreyas Iyer එම තරගාවලියේ තරග තුන තුල දී ලකුණු 204ක් ලබා ගැනීමට සමත් වූ අතර ඔහු විසින් බිඳ හෙලුවේ තරග තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලියක දී ලකුණු 199ක් ලබා ගනිමින් ඉන්දීය සුපිරි ක්‍රීඩක Virat Kohli තබා තිබූ වාර්තාවයි.

තරග තුනකින් යුත් තරගාවලියක වැඩිම ලකුණු ලබා ගත් ඉන්දීය පිතිකරුවන්,

  1. 204 – Shreyas Iyer vs Sri Lanka in 2022
  2. 199 – Virat Kohli vs Australia in 2016
  3. 183 – Virat Kohli vs West Indies in 2019
  4. 164 – KL Rahul vs West Indies in 2019
  5. 159 – Rohit Sharma vs New Zealand in 2021

තරගාවලියේ පළමු තරගයේ සිටම පිතිකරණයෙන් ඉහළ දස්කම් පෙන්නුම් කළ Shreyas Iyer තරග තුන තුළ දී පිළිවෙළින් නොදැවී ලකුණු 57ක්, 74ක් සහ 73ක් ලබා ගැනීමට සමත් වුනා.

ඒ සමඟින් නොකඩවා විස්සයි විස්ස අර්ධ ශතක තුනක් ලබා ගත් සිව්වැනි ඉන්දීය පිතිකරුවා බවට පත්වීමට Iyerට හැකි වූ අතර ඔහුට පෙර Virat Kohli, Rohit Sharma සහ KL Rahul එම දස්කම දක්වා තිබුණා.

තරග තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලියක වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවන් අතර දෙවැනි ස්ථානයට පැමිණීමට ද Iyerට ඒ සමඟින් හැකි වූ අතර ශ්‍රී ලංකාව සමඟ 2019 වසරේ පැවති තරගාවලියේ දී ලකුණු 217ක් ලබා ගත් ඕස්ට්‍රේලියානු ක්‍රීඩක David Warner එහි පෙරමුණේ පසුවනවා

ඉන්දීය සීමිත පන්දුවාර පිටියේ බලාපොරොත්තු සහගත පිතිකරුවෙකු වූ Shreyas Iyer හට පසුගිය වසරේ සිදු වූ ආබාධයක් නිසාවෙන් ක්‍රීඩා පිටියෙන් ඉවත්ව සිටීමට සිදු වූ අතර ඔහු නැවත ජාත්‍යන්තර පිටියේ සහභාගී වූ පළමු තරගාවලියේ දී ම මෙවැනි දස්කමක් දැක්වීමට සමත් වීම විශේෂත්වයක්.

මෙම තරගාවලියේ දැක්වූ දස්කම් නිසාවෙන් තරගාවලියේ වීරයා සම්මානය දිනා ගැනීමට ද ඔහුට හැකි වූ අතර සිය දස්කම් පිළිබඳව අදහස් දක්වමින් Iyer ප්‍රකාශ කළේ,

ඇත්තෙන්ම මෙම අර්ධ ශතක තුනම මට විශිෂ්ටයි. ඒ වගේම තරගාවලිය ජයග්‍රහණය කරන්න ලැබීම. ඇත්තටම නියමිත රිද්මයට පිවිසෙන්න අවශ්‍ය එක් පන්දුවක් පමණයි. මෙම තරගාවලියේ මට ලැබුණු සෑම අවස්ථාවක් ගැනම මම සතුටු වෙනවා. ඒ වගේම ආබාධවලින් අනතුරුව මෙම දස්කම් දැක්වීමට හැකි වීම මට විශාල සතුටක්”, ලෙසයි.

Hindustan Times ඇසුරෙනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<