කොළඹින් උත්සාහක දිනුම් වැස්සක්; ජ’පුරට දෙවැනි ජය

475

අන්තර් විශ්ව විද්‍යාලයීය රග්බි තරගාවලියේ ලීග් කාණ්ඩයේ තවත් තරග හතරක් ඊයේ (11) කොළඹ විශ්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. එම තරගවලින් කොළඹ, ජයවර්ධනපුර, පේරාදෙණිය විශ්ව විද්‍යාල ජයග්‍රහණ දිනා ගනිද්දී, රජරට සහ යාපනය විශ්ව විද්‍යාල අතර පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

ජ’පුර සහ වයඹ සිසුහු කොළඹ රග්බි පිටිය පෙරළයි

කොළඹ විශ්ව විද්‍යාලය විසින් සංවිධානය කරනු ලබන 2018 අන්තර් විශ්ව විද්‍යාලයීය

ආක්‍රමණශීලී ජ’පුර හමුවේ වයඹට අමිහිරි පරාජයක්

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සහ වයඹ විශ්ව විද්‍යාලය අතර පැවති තරගයෙන් ලකුණු 25-10ක් ලෙස පහසු ජයග්‍රහණයන් හිමිකර ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය රග්බි කණ්ඩායම සමත් විය.

කාසිය වාසිය සමඟින් ප්‍රථමයෙන් ජ’පුර කණ්ඩායම පන්දුව උඩු ගුවනට යොමු කළ අතර වයඹ කණ්ඩායම සොරා ගත් එම පන්දුව ජ’පුර මීටර් 25 සීමාව දක්වාම ගෙනයන්නට සමත් විය. ඒ අනුව තරග ආරම්භය ඉතා උණුසුම් ස්වභාවයක් ගත් නමුත් පළමු උත්සාහක දිනුම වාර්තා කරන්නට සමත් වූයේ ජ’පුර කණ්ඩායම විසිනි. ඒ ශහීන් සිල්වාගේ සුරතිනි. එය ප්‍රවර්තනය කරන්නට ජ’පුර කණ්ඩායමේ ආර්. එල්. ෆොන්සේකා අපොහොසත් විය.

එයින් සෑහීමට පත් නොවන ශහීන් නැවත වතාවක් ධවල රේඛව පසුකරමින් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය ද සාර්ථක කරගන්නට ජ’පුර කණ්ඩායමට නොහැකි විය (10-00).

ඉන් අනතුරුව ප්‍රතිප්‍රහාර උපක්‍රමය භාවිතා කරමින් ජ’පුර කණ්ඩායම ඉදිරියේ උත්සාහක දිනුමක් වාර්තා කරන්නට වයඹ ක්‍රීඩකයන්ට හැකි විය. එස්. ජේ. දන්තනාරායන එම ලකුණු 05ට හිමිකම් කී අතර එහි ප්‍රවර්තනය සාර්ථක කරගන්නට ඔවුන්ට නොහැකි විය. (10-05)

​ආසියාවේ තෙවැනි තැන ශ්‍රී ලංකාවට

ආසියානු වයස අවුරුදු 20න් පහළ සත් සාමාජික රග්බි ශූරතා තරගාවලියේ තෙවැනි ස්ථානය සඳහා

තරගයේ ප්‍රථම කහ කාඩ් පත අනතුරුකාරී ටැකල් කිරීමක් නිසාවෙන් ජ’පුර ක්‍රීඩක ඩී. ඩී. ධම්මිකට හිමි වූ අතර මේ අතරවාරයේ තවත් උත්සාහක දිනුමක් ලබා ගන්නට ජ’පුර ක්‍රීඩක ඩී. දර්ශන සමත් විය. මනාව සිදු වූ පන්දු හුවමාරුවක ප්‍රතිඵලයක් ලෙස එම ලකුණු වාර්තා වූ අතර එහි ප්‍රවර්තනය ද ආර්. එල්. ෆොන්සේකා අතින් ගිලිහී ගියේය.

පළමු අර්ධය: ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය 15 – 05 වයඹ විශ්ව විද්‍යාලය

දෙවන අර්ධය ආරම්භයත් සමඟ පිටියේ දෙකෙළවරට පන්දුව දෝලනය වුවත් කණ්ඩායම් දෙකේම ආරක්ෂිත පවුරු ලකුණු වාර්තා කිරීමකට ඉඩ ලබා නොදුන්නේය. කෙසේ වෙතත් නැවතත් ක්‍රියාත්මක වූ ජ’පුර ක්‍රීඩක ශහීන් සිල්වා ආක්‍රමණශීලී ලෙස දිගු ධාවනයකින් අනතුරුව පිටියේ වම් කෙළවරින් උත්සාහක දිනුමක් වාර්තා කළේය. එහි ප්‍රවර්තනය ද අසාර්ථක විය.

තව දුරටත් වයඹ කණ්ඩායමේ බලාපොරොත්තු බිඳ දමමින් තවත් උත්සාහක දිනුමක් ස්ක්‍රම් (scrum) අවස්ථාව උපයෝගී කර ගනිමින් ඉදිරියට ගමන් ගත් ජ’පුර කණ්ඩායම දිනා ගැනීමට සමත් විය. එවර ලද අවස්ථාව උපයෝගී කර ගනිමින් ප්‍රවර්තනය සාර්ථක කරගන්නට තවදුරටත් ජ’පුර කණ්ඩායම අපොහොසත් විය. (25-05)

බොහෝ වෙලාවක් පන්දුව ඉදිරියේ පොර බැදීමෙන් අනතුරුව වයඹ ක්‍රීඩක විජේසේකර ජ’පුර පවුරු අතරින් ඉදිරියට පැමිණි අතර ලකුණු සීමාව ආසන්නයේ ජ’පූර ක්‍රීඩකයෙකු විසින් එල්ල කළ අපරික්ෂාකාරී ටැකල් කිරීමක් මගින් දඬුවම් ලකුණු 5ක් වයඹ ක්‍රීඩකයින්ට පිරිනැමීමට විනිසුරු කටයුතු කළේය.

>> තරගයේ ඡායාරූප ඇල්බය සඳහා පිවිසෙන්න <<

තරගයේ අවසන් මිනිත්තු දහයේ දී කණ්ඩායම් දෙකම ලකුණු ලබා ගැනීමට උත්සාහ කළත්, දෙපිලේම ආරක්ෂක පවුරු ඉදිරියේ එය නිෂ්ඵල විය

අවසන් ලකුණු: ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය 25 – 10 වයඹ විශ්ව විද්‍යාලය

තරගයේ වීරයා: ශහීන් සිල්වා (ජ’පුර)

ලකුණු ලබා ගත් ක්‍රීඩකයින්

  • ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය: ශහීන් සිල්වා 3T, බී. ඩී. දර්ශන 2T
  • වයඹ විශ්ව විද්‍යාලය: එස්. ජේ. දන්තනාරායන 1T

උත්සාහක දිනුම් වර්ෂාවක් සමඟින් ජය කොළඹට

කොළඹ විශ්ව විද්‍යාලයීය ක‍්‍රීඩාංගණයේදී පැවති දෙවැනි තරගය කොළඹ විශ්ව විද්‍යාලය සහ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය අතර පැවැත්විය. එම තරගයෙන් ලකුණු 65-00ක් ලෙස පහසු ජයක් ලබා ගන්නට කොළඹ ක්‍රීඩකයින් සමත් විය.

පැහැබර කාලගුණයක් යටතේ ආරම්භ වූ තරගයේ කොළඹ කණ්ඩායම තරගයේ පළමු මිනිත්තු පහ ඇතුළත උත්සාහක දිනුම් 2ක් වාර්තා කිරීමට සමත් විය. ආර්. පී. රත්නසූරිය එම උත්සාහක දිනුම්වලට හිමිකම් කී අතර එහි කිසිදු ප්‍රවර්තනයක් සාර්ථක නොවීය.

රග්බි විජයග්‍රහණයේ අමතක නොවන 2016

2016 ආසියානු අවුරුදු 20න් පහළ සත් සාමාජික ශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කෙවින් ඩික්සන් හා ඔමල්ක ගුණරත්න සමඟින් ඔවුන්ගේ තරගාවලිය ගැන සිදුකළ මතක ආවර්ජනය.

ඉන් අනතුරුව නැවතත් තවත් උත්සාහක දිනුමක් වාර්තා කරන්නට නිදර්ශන සමත් වන අතර එහි ප්‍රවර්තනය පෙරේරා විසින් සාර්ථක කර ගත්තේය. (12-00)

එයින් නතර නොවන  කොළඹ කණ්ඩායම ස්ක්‍රම් (scrum) අවස්ථාවක් උපයෝගී කරගනිමින් තවත් උත්සාහක දිනුමක් වාර්තා කළේය. මනාව ක්‍රීඩකයින් එකිනෙකා තල්ලු කරමින් ඉදිරියට යෑමේ ප්‍රතිඵලයක් ලෙස එම ලකුණු 5 වාර්තා වූ අතර කොළඹ කණ්ඩායමේ මයුර මැනවින් ලබා ගත් පන්දුව ද සමඟින් ක්‍රීඩකයන් පස්දෙනෙකු පමණ පසුකරමින් උත්සාහක දිනුමක් වාර්තා කළේය. එහි ප්‍රවර්තනය පෙරේරා විසින් සාර්ථක කර ගත්තේය.

කොළඹ කණ්ඩායම මෙසේ උත්සාහක දිනුම් වාර්තා කරද්දී ඌව කණ්ඩායමට කිසිදු ආකාරයේ ලකුණක් ලබා ගැනීමට අවස්ථාව හිමි නොවීය.

මයුරගේ ආක්‍රමණය නැවත ක්‍රියාත්මක වෙමින් පිටියේ දකුණු කෙළවරින් තවත් උත්සාහක දිනුමක් වාර්තා වූ අතර එහි ප්‍රවර්තනය ද පෙරේරාගේ පාදයෙන් සාර්ථක විය. (31-00)

ආසියානු තරගාවලියට යන සංචිතයේ නායකයා “මුතූ”

18 වන ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි සංචිතය ඊයේ

ඌව කණ්ඩායමට අවස්ථා කිහිපයක දී පන්දුව හිමිවුවද එයින් නිසි ප්‍රයෝජන ලබා ගන්නට ඔවුහු අපොහොසත් වූහ. කෙසේ වෙතත් පළමු අර්ධය අවසන් වන්නට මිනිත්තුවක් පමණ තිබිය දී තවත් ලකුණු 05ක් එක්කරන්නට කොළඹ ක්‍රීඩක චමුපත් සමත් විය. එහි ප්‍රවර්තනය අසාර්ථකයි.

පළමු  අර්ධය: කොළඹ විශ්ව විද්‍යාලය 36 – 00 ඌව විශ්ව විද්‍යාලය

පළමු අර්ධය තුළ තිබූ ජවය ඒ ආකාරයට පවත්වා ගනිමින් තවදුරටත් ලකුණු රැස්කිරීමේ නියැලෙන්නට ක්‍රීඩකයින් උත්සහය කරනු දක්නට ලැබුණි.

තව දුරටත් ඌව ක්‍රීඩකයින් ප්‍රේක්ෂකයන් බවට පත්කරමින් කොළඹ කණ්ඩායමේ කන්නංගර උත්සාහ දිනුමක් වාර්තා කළ අතර පීඩාවට පත් පෙරේරා අතින් එහි ප්‍රවර්තනය ගිලිහී ගියේය. නමුත් පෙරේරා තමාගේ හැකියාවන් පෙන්නුම් කරමින් ඌව පවුර පහසුවෙන් බිඳ දමමින් තවත් ලකුණු 5ක් කොළඹ ඉදිරියේ සටහන් කරන අතර එහි ප්‍රවර්තනය ද ඔහු අතින් ගිලිහී ගියේය. (46-00)

තව දුරටත් උත්සාහක දිනුම වාර්තා කරන කොළඹ කණ්ඩායම අවසාන භාගයේ තව දුරටත් ආක්‍රමණශීලී ක්‍රීඩා විලාසය පෙන්නුම් කළේය. ඒ අනුව පිළිවෙළින් අංක 12, 13, 07 ක්‍රීඩකයින් උත්සාහක වාර්තා කිරීමට සමත් වූහ. එයින් ලද ප්‍රවර්තන අවස්ථා තුනෙන් දෙකක් සාර්ථක කර ගන්නට දිලීප සමත් විය. ඒ අනුව විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරමින් ලකුණු 65-00ක් ලෙස තරගය නිමා කරන්නට කොළඹ ක්‍රීඩකයින් සමත් විය.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

අවසන් ලකුණු තත්වය: කොළඹ විශ්ව විද්‍යාලය 65 – 00 ඌව විශ්ව විද්‍යාලය

තරගයේ වීරයා: ආර්. පී. රත්නසූරිය

ලකුණු ලබා ගත් ක්‍රීඩකයින්

  • කොළඹ විශ්ව විද්‍යාලය: ආර්. පී. රත්නසූරිය 3T, එච්. එම්. නිදර්ශන 1T, වී. ඩී. වික්‍රමසිංහ 1T, එම්. එම්. චමුපත් 1T, එම්. යූ. කන්නංගර 2T, කේ. ආර්. පෙරේරා 1T 3C, ඩී. කේ. ප්‍රනාන්දු 1T, ඒ. සී. පෙරේරා 1T, ඩබ්. එස්. දිලීප 2C

තරගාවලියේ තවත් තරග දෙකක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ දී පැවති අතර එහි දී පේරාදෙණිය ක්‍රීඩකයින් හමුවේ 103-00ක් ලෙස දැවැන්ත පරාජයකට මුහුණ දෙන්නට අග්නිදිග විශ්ව විද්‍යාලයට සිදු වූ අතර රජරට සහ යාපනය විශ්ව විද්‍යාල අතර තරගය 19-19ක් ලෙස සමව නිමාවට පත්විය.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<