කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

ක්‍රිකට්

ජයග්‍රහණය කොළඹට

අත්දැකීම් වලින් සහ තාක්ෂණයෙන් සන්නද්ධ මැදපෙළ පිතිකරුවෙකුගේ භූමිකාව අකුරටම රඟ දැක්වූ දිනේෂ් චන්දිමාල් රැස්කළ සුපිරි ශතකය හේතුවෙන් කොළඹ කණ්ඩායමට සුපිරි පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරයින් ලෙස කිරුළු දැරීමට ඊයේ (29) අවස්ථාව උදා විය.

විශිෂ්ට පිතිකරණයට අමතරව පිටියේ පන්දු රකින්නන් රැඳවීම සහ අවශ්‍ය පරිදි පන්දු යවන්නන් මාරු කිරීම ද ඊයේ චන්දිමාල්ගෙන් ඉටුවුණු අමතර සේවාවන් අතරට එක්වූ අතර තිසර පෙරේරා නැවතත් පන්දු යවන්නෙකු ලෙස දක්ෂතා අතරට පැමිණීම කොළඹ ජයග්‍රහණයට බෙහෙවින් දායක විය.

සම්පූර්ණ වාර්තාව: චන්දිමාල්ගේ ශතකය කොළඹට කිරුළු පළන්දයි!


රග්බි

ත්‍රිත්වයින්ගේ අපරාජිත වාර්තාව නිමයි

pic 2

සිංගර් පාසල් රග්බි ලීගයේ දෙවැනි වටයේ පළමු සතිය ඊයේ (29) සවස නිමාවුණු අතර ඊයේ පැවති තරග ද්විත්වයෙන් රාජකීය සහ සාන්ත පීතර යන රග්බි කණ්ඩායම් ජයග්‍රහණය වාර්තා කළේය.

මේ අතුරින් අපරාජිත ත්‍රිත්ව විද්‍යාලය පරාජය කරමින් සාන්ත පීතර විද්‍යාලය ලබා ගත් ජය ඊයේ වඩාත් කැපීපෙනෙන්නට විය.

සම්පූර්ණ ලකුණු:

  • සාන්ත පීතර විද්‍යාලය 15 (2T 1C 1P) – 13 (2T 1P) ත්‍රිත්ව විද්‍යාලය
  • රාජකීය විද්‍යාලය 31 (5T 3C) – 14 (2T 2C) සාන්ත තෝමස් විද්‍යාලය

සම්පූර්ණ වාර්තාව: ත්‍රිත්වයන් පරාජිතයි; රාජකීයයන් ජය ගනියි

දිනයක අවසානය