ප්‍රබලයින් දෙදෙනෙක් නැවතත් ජාතික ටෙස්ට් සංචිතයට

167

එංගලන්ත සහ සංචාරක පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම් අතර එළඹෙන අගෝස්තු 5 වැනිදා ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරග තුනකින් සමන්විත තරගාවලිය සඳහා තරග වදින පාකිස්තානු සංචිතය සඳහා ක්‍රීඩකයින් 20 දෙනෙකු නම් කර තිබෙනවා. එම තරගාවලිය ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ද තරගාවලියකි.

Kohliගේ අසාර්ථකත්වය මකා දැමූ Shastriගේ උපදෙස

එම සංචිතය සඳහා අත්දැකීම් බහුල වහබ් රියාස් සහ කඩුලු රකින පිතිකරු සෆ්රාස් අහමඩ් යන ක්‍රීඩකයින් දෙදෙනා නැවතත් ඇතුළත් කර තිබෙන අතර මැදපෙළ පිතිකරුවෙක් වන ඉෆ්තිකාර් අහමඩ්ගේ ස්ථානය අහිමිව ඇත.

තරගාවලිය සඳහා ටෙස්ට් තරග තුනකට අමතරව විස්සයි විස්ස තරග 3ක් ද ඇතුළත් වන බැවින් සංචිත දෙක තුලම ක්‍රීඩා කිරීම වෙනුවෙන් ක්‍රීඩකයින් 29 දෙනෙකුගෙන් සමන්විත මූලික සංචිතයක් නම් කිරීමට පාකිස්තානු ක්‍රිකට් බලධාරීන් මීට පෙර පියවර ගෙන තිබුණි.

මෙම ක්‍රීඩකයින් 20 දෙනාගේ ටෙස්ට් සංචිතය තුල ඉෆ්තිකාර් හට සිය ස්ථානය අහිමිව ඇත්තේ හැරිස් සොහෙයිල් නැවතත් සිය සුපුරුදු රිද්මයට පැමිණ තිබෙන නිසාවෙනි. පාකිස්තානු හිටපු නායක සෆ්රාස් හට තිබූ සියලුම නායක තනතුරු පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී ඉවත් කළ පාකිස්තානු ක්‍රිකට් බලධාරීන් මොහොමඩ් රිස්වාන් ඔවුන්ගේ ප්‍රධාන කඩුලු රකින පිතිකරුවා ලෙස තොර පත් කරගත්තේය.

මෙම සංචිතය සඳහා ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනාගෙන නොමැති වමතින් දඟපන්දු යවන කෂිෆ් භට්ටි පාකිස්තානු දඟපන්දු බල ඇණිය සවිමත් කිරීම වෙනුවෙන් කැඳවා ඇත. ඊට අමතරව 2009 වසරෙන් පසුව නැවත පාකිස්තානු ජාතික කණ්ඩායමට පැමිණි වමත් පිතිකරුවෙක් වන ෆවාඩ් අලාම් පසුගිය වසරේ දී ශ්‍රී ලංකාවට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලිය සඳහා නම් වූ නමුත් ඔහුට එම තරගාවලියේ එකඳු තරගයක් හෝ ක්‍රීඩා කිරීමට හැකි වූයේ නැත.

මම පිස්සෙක් වගේ කෑම කෑවා ඒ දවස්වල – කෝලි

පාකිස්තානු සංචිතය: අසාර් අලී (නායක), බාබර් අසාම්, අබීඩ් අලි, අසාද් ෂෆික්, ෆහීම් අෂ්රෆ්, ෆවාඩ් අලාම්, ඉමාම්-උල්-හක්, ඉම්රාන් ඛාන්, කෂිෆ් භට්ටි, මොහොමඩ් අබ්බාස්, මොහොමඩ් රිස්වාන් (කඩුලු රකින ක්‍රීඩක), නසීම් ෂා, සර්ෆරාස් අහමඩ් (කඩුලු රකින ක්‍රීඩක), ශදාබ් ඛාන්, ෂහීන් අෆ්රිඩි, ෂාන් මසූඩ්, සොහෙයිල් ඛාන්, උස්මාන් ෂින්වාරි, වහබ් රියාස්, යසීර් ෂා.

පාකිස්තාන සංචිතය ජූලි 5 වැනිදා එංගලන්තයට පැමිණි අතර දින 14ක් Worcester හිදී නිරෝධායනය වීමෙන් අනතුරුව ඔවුන් ජූලි 13 වැනිදා ඩර්බි හිදී පුහුණු තරගයක් සඳහා සහභාගී විය.

තරග කාලසටහන

  • පළමු ටෙස්ට් තරගය – අගෝස්තු 5-9 – ඕල්ඩ් ට්‍රැෆඩ් පිටිය
  • දෙවන ටෙස්ට් තරගය – අගෝස්තු 13-17 – Ageas Bowl
  • තෙවැනි ටෙස්ට් තරගය – අගෝස්තු 21-25 – Ageas Bowl
  • පළමු විස්සයි විස්ස තරගය – අගෝස්තු 28 – ඕල්ඩ් ට්‍රැෆඩ් පිටිය
  • දෙවන විස්සයි විස්ස තරගය – අගෝස්තු 30 – ඕල්ඩ් ට්‍රැෆඩ් පිටිය
  • තෙවන විස්සයි විස්ස තරගය – සැප්තැම්බර් 1 – ඕල්ඩ් ට්‍රැෆඩ් පිටිය

එම තරගාවලියේ තරග තොරතුරු ද ඇතුළුව දෙස් විදෙස් ක්‍රීඩා බිමේ උණුසුම් තතු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සුදානම්, රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<