දෙවසරකට පසු 20න් පහළ පාසල් රග්බි තරගාවලිය නැවතත්

439

වසර දෙකක නිහැඬියාවකට පසුව ශ්‍රී ලංකා පාසල් රග්බි පිටියේ වඩාත් ජනප්‍රියතම රග්බි තරගාවලිය වන ‘Dialog වයස අවුරුදු 20න් පහළ රග්බි ලීගය’ එළඹෙන ජුනි මාසයේ දී ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන Dialog Axiata PLC සමාගම මේ වසරේ දීත් තරගාවලිය සඳහා සිය අද්විතීය අනුග්‍රාහකත්වය ලබා දීමට සූදානමින් පසුවනවා.

ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ (SLSRFA) නිල අනුග්‍රාහකයා වීම සහ 20න් තරගාවලිය බලගැන්වීම හැරුණු විට Dialog Axiata විසින් තරගාවලියට සහභාගී වන එක් එක් පාසල් හි රග්බි ක්‍රීඩාව දියුණු කිරීම වෙනුවෙන් මුදලින් ආධාර කරන්නට ද මෙවර සැදිපැහැදි සිටිනවා. මෙම දැවැන්ත සමාජ සත්කාරය එම පාසල් හි රග්බි ක්‍රීඩාව මෙන්ම ශ්‍රී ලාංකීය රග්බි ක්‍රීඩාවේ දියුණුවට මාහැඟි රුකුලක් වනු නොඅනුමානයි.

SLSRFA මේ වන විටත් තරගාවලියේ ආකෘතිය සහ සංවිධාන කටයුතුවල නියැලෙමින් සිටින අතර තරගාවලිය ජුනි මාසය අවසන් භාගයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කෙරෙමින් පවතිනවා. එමෙන්ම තරගාවලිය සඳහා සහභාගී වන සියලු පාර්ශව සමඟින් සාකච්ඡා කරමින් තරගාවලිය සැලසුම් කර පරිදි අතිසාර්ථකව පැවැත්වීමට SLSRFA සාකච්ඡා කරමින් පවතිනවා.

මෙවර 20න් පහළ තරගාවලියට සහභාගී වීම සඳහා දිවයින පුරා විසිරි ඇති පාසල් 92ක් සිය කැමැත්ත ප්‍රකාශ කර තිබෙන අතර අවසන් වරට පැවති (2019) තරග වාරයේ දී ඔවුන් දිනා ගත් ස්ථාන අනුව සියලු කණ්ඩායම් කාණ්ඩ 3ක් යටතේ A, B, C සහ D ලෙස තවත් කොටස් 4ක් යටතේ වෙන්කරමින් මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

  • පළමු කාණ්ඩය – A කොටස, B කොටස, C කොටස
  • දෙවැනි කාණ්ඩය – A කොටස, B කොටස, C කොටස
  • තෙවැනි කාණ්ඩය – A කොටස, B කොටස, C කොටස, D කොටස

පළමු සහ දෙවැනි කාණ්ඩයට පාසල් 12ක් ඇතුළත් වන අතර ඔවුන් ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව වෙනුවෙන් නම් දැරූ කණ්ඩායම්වලින් සමන්විත වන විට, තෙවැනි කාණ්ඩය නැගී එන පාසල් කණ්ඩායම් වෙනුවෙන් නම් කර තිබෙනවා. එම කාණ්ඩයට අයත් වන කණ්ඩායම් ඉදිරියේ දී නම් කිරීමට නියමිතයි.

පළමු කාණ්ඩය

  • A කොටස – රාජකීය විද්‍යාලය, සාන්ත පීතර විද්‍යාලය, සාන්ත ජෝසප් විද්‍යාලය, වෙස්ලි විද්‍යාලය, සාන්ත තෝමස් විද්‍යාලය, ඉසිපතන විද්‍යාලය, ත්‍රිත්ව විද්‍යාලය, විද්‍යා විද්‍යාලය, සාන්ත අන්තෝනි විද්‍යාලය, විද්‍යාර්ථ විද්‍යාලය, ධර්මරාජ විද්‍යාලය
  • B කොටස – සහිරා විද්‍යාලය, ඩී. එස්. සේනානායක විද්‍යාලය, මලියදේව විද්‍යාලය, ශ්‍රී සුමංගල විද්‍යාලය, ලුම්බිණි විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය, වේල්ස් කුමර විද්‍යාලය, ආනන්ද විද්‍යාලය, සාන්ත ඇලෝසියස් විද්‍යාලය, සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය, මහානාම විද්‍යාලය, සාන්ත බෙනඩික්ට් විද්‍යාලය
  • C කොටස – පිළියන්දල මධ්‍ය විද්‍යාලය, දේවපතිරාජ විද්‍යාලය, ශ්‍රී රාහුල විද්‍යාලය, රිච්මන්ඩ් විද්‍යාලය, ශ්‍රී පියරතන මධ්‍ය විද්‍යාලය, මොරටු මහා විද්‍යාලය, ධර්මපාල විද්‍යාලය, නාලන්දා විද්‍යාලය, සාන්ත ජෝන් විද්‍යාලය, කේරි විද්‍යාලය, පානදුර සුමංගල විද්‍යාලය, සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර විද්‍යාලය.

දෙවැනි කාණ්ඩය

  • A කොටස – මාතලේ සාන්ත තෝමස් විද්‍යාලය, ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලය, ඇහැලියගොඩ මධ්‍ය විද්‍යාලය, සාන්ත ආනා විද්‍යාලය, තල්දූව බෞද්ධ විද්‍යාලය, ජනාධිපති විද්‍යාලය, මහරගම, කෑගලු විද්‍යාලය, මහින්ද විද්‍යාලය, බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලය ගම්පහ, විද්‍යාලෝක විද්‍යාලය, ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලය කුරුණෑගල අශෝක විද්‍යාලය
  • B කොටස – නුගවෙල මධ්‍ය විද්‍යාලය, පානදුර රාජකීය විද්‍යාලය, පානදුර මහානාම මහා විදුහල, හින්දු විද්‍යාලය, සාන්ත ඇන්තන්ස් විද්‍යාලය, කළුතර මහා විදුහල., ගාල්ල ගිංතොට මහා විදුහල. එස්. ද එස්. ජයසිංහ විද්‍යාලය දෙහිවල, හංවැල්ල මධ්‍ය විද්‍යාලය, කොට්ටාව ආනන්ද විද්‍යාලය, මාවනැල්ල සහිරා විද්‍යාලය, මහරගම මධ්‍ය විද්‍යාලය
  • C කොටස – දෙබරවැව මධ්‍ය විද්‍යාලය, ගලේවල මධ්‍ය විද්‍යාලය, සාන්ත සර්වේසස් විද්‍යාලය, ආනන්ද ශ්‍රාස්තාලය, මාතර රාහුල විද්‍යාලය, කතළුව මධ්‍ය විද්‍යාලය, දුටුගැමුණු මධ්‍ය විද්‍යාලය, එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක විද්‍යාලය, පඬුවස්නුවර අකුරම්බොඩ ජාතික විද්‍යාලය.

තෙවැනි කාණ්ඩය – ඉදිරියේ දී නම් කිරීමට නියමිතයි

තරගාවලියේ උණුසුම විඳගැනීම සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<