විශ්ව ප්‍රනාන්දුට එංගලන්තයෙන් ඇරයුමක්

141

ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු එංගලන්තයේ යෝක්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම සමඟ ගිවිසුම් ගත වී තිබෙනවා.

Vitality County Championship තරගාවලියේ දී යෝක්ෂයර් කණ්ඩායම විසින් ක්‍රීඩා කිරීමට නියමිත මීළඟ තරග ත්‍රිත්වය (Northamptonshire, Gloucestershire සහ Derbyshire කණ්ඩායම් සමඟ) සඳහා විශ්ව මෙසේ ගිවිසුම් ගත වී ඇති බවයි වාර්තා වන්නේ.

මීට පෙර පසුගිය වසරේ දී ඔහු Durham කණ්ඩායම සමඟ ක්‍රීඩා කරමින් තරග දෙකක දී කඩුලු 7ක් බිඳ හෙළීමට සමත් වූ අතර, මෙවර තරගවාරයේ දී ඔහු යෝක්ෂයර් වෙනුවෙන් දවා ගන්නා පළමු කඩුල්ල ඔහුගේ 300 වැනි පළමු පෙළ කඩුල්ල ලෙස සටහන් වනු ඇති.

මේ වන විට 32 හැවිරිදි වියේ පසු වන විශ්ව මේ දක්වා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරග 23ක් ක්‍රීඩා කරමින් කඩුලු 64ක් දවා ගැනීමට සමත් වී තිබෙනවා. මෙම තරගවාරයේ දී යෝක්ෂයර් කණ්ඩායම සමඟ එක් වන දෙවැනි විදෙස් ක්‍රීඩකයා ලෙස විශ්වගේ නම සටහන් වනු ඇති අතර, මේ වන විටත් පාකිස්තාන ක්‍රීඩක Shan Masood යෝක්ෂයර් සමඟ එක් වී ක්‍රීඩා කරනවා.

දේශීය ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<