Kohliට දඬුවමක්

IPL 2021

189

IPL 2021 තරගාවලියේ ඊයේ (14) පැවති තරගයේ දී තරගාවලි ආචාරධර්ම උල්ලංඝනය කළ Royal Challengers Bangalore නායක Virat Kohli හට දඬුවම් පැනවීමට තරග තීරක Vengalil Narayan Kutty තීරණය කර ඇත.

එම තරගය අතරතුර දී Virat Kohli විසින් පළමු කාණ්ඩයේ 2.2 වගන්තිය වන “තරගයක් අතරතුර දී ක්‍රිකට් උපකරණ, ඇඳුම් හෝ ක්‍රීඩාංගණ උපකරණ අනිසි ලෙස භාවිතා කිරීම/ හානී කිරීම” යන වගන්තිය උල්ලංඝනය කිරීම නිසා තරග තීරකවරයා මෙම තීරණය ගෙන ඇත.

තරගයේ 13 වැනි පන්දුවාරයේ දී Jason Holder විසින් යොමු කළ පන්දුවක් හමුවේ Virat Kohli ලකුණු 33ක් ලබා සිටිය දී දැවී යාමෙන් පසු ඔහු විසින් හතරේ සීමාවට පාදයෙන් පහර දීම සහ පිත්තෙන් අසුනකට පහර දෙන ආකාරය කැමරාවල සටහන්ව තිබුණා.

තවත් ක්‍රිකට් පුවත්:

මීට පෙර 2016 IPL තරගාවලියේ දී හිටපු ඉන්දීය ක්‍රීඩක Gautam Gambhir විසින් මේ ආකාරෙය්ම සිදුවීමකට වැරදිකරු වීම නිසා ඔහුට තරග මුදලින් 15%ක දඩයක් පැනවීමට බලධාරීන් කටයුතු කළා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<