නවකයෙකු අවධියේ අත දුන් අය ගැන අසාම් කතා කරයි

291
Babar Azam

පාකිස්තානු සීමිත පන්දුවාර ක්‍රිකට් කණ්ඩායමේ නායක බාබර් අසාම් ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස යන තරග රටාවන් තුනේම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ පළමු ක්‍රීඩකයින් පස් දෙනා අතර සිටින එකම පිතිකරුවා වේ.

එලෙස දස්කම් දක්වමින් ඉදිරියට යන මේ පිතිකරුවා තමා නවකයෙක් ලෙස කණ්ඩායමට පැමිණි දිනවල දී සහය වුනු අය ගැන ICC සමඟ පැවති හමුවක දී මෙසේ පවසා සිටියේය.

කොළඹට අභියෝග කළ මොනරාගල කොල්ලා

චිහාන් කළිඳු හෙට්ටිආරච්චි, මොනරාගල රාජකීය විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිස, මාතර සාන්ත

සෆ්‍රාස් අහමඩ් ඉවත් කරමින් පාකිස්තානු සීමිත පන්දුවාර නායකයා ලෙස පත් කළ බාබර් අසාම් මේ දක්වා ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් තරග 5ක දී පාකිස්තානය මෙහෙයවා ඇති අතර ඉන් තරග දෙකක් ජය ගෙන තවත් තරග දෙකක් පරාජයට පත්ව තිබේ.

“වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස විස්සයි විස්ස ලෝක කුසලානය නියමිත කාලයට තියයි කියල මට ලොකු විශ්වාසයක් තියෙනවා. පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වශයෙන් මගේ පළමු ලෝක කුසලානය වෙන්නේ මේ විස්සයි විස්ස ලෝක කුසලානයයි. හැබැයි ඒ තරගාවලිය පැවැත්වෙන එක ගැන අදාළ බලධාරීන් තාම හරි වචනයක් දීලා නැහැ.”

වයස අවුරුදු 25ක් වන බාබර් අසාම් තවමත් අත්දැකීම් සොයමින් සිටින ක්‍රීඩකයෙක් වුවත් ඔවුන්ගේ කණ්ඩායම් කළමනාකරණය තුල මිස්බා උල් හක්, යුනිස් ඛාන්, වකාර් යුනිස් සහ මුෂ්තාක් අහමඩ් වැනි ප්‍රබලයින්ගේ අත්දැකීම් රැසක් තිබේ. එම අත්දැකීම් ඔහුගේ ක්‍රිකට් දිවියේ සාර්ථකත්වයට විශාල පිටිවහලක් වෙනු ඇත.

“මම සහ මගේ කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයින්ට අපේ කණ්ඩායමේ ඉන්න පුහුණුකරුවන්ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්.  ඔවුන් අපගේ ක්‍රිකට් ඉතිහාසය තුල සිටින දක්ෂ ක්‍රීඩකයින් ඒකේ ආයේ දෙකක් නැහැ. ඔවුන්ට අත්දැකීම් රාශියක් තියෙනවා. ඔවුන්ගෙන් ඒ අත්දැකීම් ගැනීම අපගේ යුතුකමක්. අපේ සියලු දෙනා ඒක කරයි කියලා මට විශ්වාසයක් තියෙනවා. ඔවුන්ගෙන් නායකත්වයේ කලාව තව ඉගෙන ගැනීමට මම උනන්දු වෙමින් ඉන්නවා. මොකද මම නායකයෙක් ලෙස තව දේවල් ඉගෙන ගන්න ඕන කියලා මට හිතෙනවා.”

“අපේ කලින් පුහුණුකරුවෙක් වුනු මිකී ඇත්තටම මට ගොඩක් සහයෝගය දුන්නා. ඔහු මට විශ්වාසය දුන්නා. මම බොහෝ විට නවකයෙකු වුනත් ඔහු මාව ඉහළින්ම අගය කළා. ඔහු හැමවෙලේම මගේ පස්සෙන් හිටියා. ඔහු මගේ හැකියාවන් කෙරෙහි දැඩි විශ්වාසයක් තබාගෙන හිටියා. මිකී ගැන මම දන්න හොඳම දේ ඒකයි” යැයි අසාම් පැවසීය.

ඩි කොක් දෙවැනි වරටත් සම්මානයට පාත්‍ර වෙයි

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන වාර්ෂික ක්‍රීඩක සම්මාන රාත්‍රිය

පාකිස්තානයේ වර්තමාන ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු නායක මිස්බා උල් හක් කටයුතු කරන අතර අසාම් පැවසුවේ මිස්බා ද තමාට ඉතාමත් හොඳ සහයක් දක්වන බවයි

“මිස්බා පුහුණුකරුත් මිකී වගේම තමයි ඒ දෙන්නාගේ ක්‍රියා කලාපයන් ගොඩක් එක වගේ කියලයි මට නම් හිතෙන්නේ. ඔහු ඇත්තටම මට පිටුබලය දෙන අතර ඔහුට ද මා කෙරෙහි දැඩි විශ්වාසයක් තියෙනවා. ඔබේ පුහුණුකරු ඔබව විශ්වාස කරන එක අපේ ක්‍රිකට් ජීවිතේ සාර්ථකව ඉදිරියට යන්න සැබවින්ම උපකාරී වෙනවා. ඒකට ඔවුන්ගේ විශ්වාසය සහ තමාගේ කැපවීම අත්‍යවශ්‍ය වෙනවා” යැයි අසාම් අවසන් ලෙස පැවසීය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<