ආසියානු කුසලානයට එන ඉන්දීය සංචිතය නම් කරයි

ආසියානු කුසලානය 2022

619

මේ මස 27 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වීමට නියමිත ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ඉන්දීය සංචිතය ඊයේ (8) නිවේදනය කෙරුණා.

Rohit Sharmaගේ නායකත්වයෙන් යුත් මේ සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්. ඔවුන්ගේ ප්‍රධානතම වේගපන්දු යවන ක්‍රීඩකයින් දෙදෙනෙක් වන Jasprit Bumrah සහ Harshal Patel ආබාධවලට ලක්ව සිටින නිසා ඔවුන් දෙදෙනා මේ සංචිතය සඳහා නම් කර නැහැ.

නිමා වූ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයෙන් විවේක ගැන්වූ හිටපු නායක Virat Kohli ආසියානු කුසලාන තරගාවලියට නම් කර ඇති අතර ආබාධයකට ලක් වී පසුව කොරෝනා වයිරසය ආසාදනය වූ උපනායක KL Rahul ද යළි සංචිතයේ ස්ථානයක් හිමි කර ගෙන තිබෙනවා.

ඉන්දීය සංචිතයට ඇතුළත් ප්‍රධාන වේගපන්දු යවන්නන් වන්නේ Bhuvneshwar Kumar, Arshdeep Singh, Avesh Khan. Deepak Hooda හා Ravi Bishnoi ද සංචිතයේ ස්ථාන රැක ගැනීමට සමත්ව තිබීම විශේෂත්වයක්.

Shreyas Iyer, Axar Patel සහ Deepak Chahar අතිරේක ක්‍රීඩකයින් ලෙස ද ආසියානු කුසලාන තරගාවලියට නම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙවර ආසියානු කුසලාන තරගාවලිය ලබන 27 වැනිදා සිට සැප්තැම්බර් 11 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතයි. ඉන්දියාවට අමතරව පාකිස්තානය මෙවර ආසියානු කුසලානය සඳහා තරග වදිනු ලබන සිය සංචිත මේ වන විට නම් කර තිබෙනවා.

අවස්ථා 7ක දී ආසියානු කුසලානය ජය ගෙන ඇති ඉන්දියාව මෙවර තරගාවලියේ දී ක්‍රීඩා කරන පළමු තරගය ලබන 28 වැනිදා පාකිස්තානයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

  • ඉන්දීය සංචිතය: Rohit Sharma (c), KL Rahul, Virat Kohli, Suryakumar Yadav, Rishabh Pant, Dinesh Karthik, Hardik Pandya, Ravindra Jadeja, Ravichandran Ashwin, Bhuvneshwar Kumar, Arshdeep Singh, Ravi Bishnoi, Avesh Khan, Deepak Hooda, Yuzvendra Chahal
  • අතිරේක ක්‍රීඩකයින් – Shreyas Iyer, Axar Patel, Deepak Chahar

තරගාවලියේ සියලු පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<