ඩීන් ජෝන්ස් ජීවිතක්ෂයට

318

ඕස්ට්‍රේලියානු හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඩීන් ජෝන්ස් හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් නිසාවෙන් අද (24) ජීවිතක්ෂය පත්ව ඇත. ජීවිතක්ෂයට පත්වන විට ඔහු 59 වැනි වියේ පසුවිය.

මේ දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Sports Broadcaster කෙනෙකු ලෙස කටයුතු කරන අතරවාරයේ මුම්බායි නුවර දී ජෝන්ස් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.

තවත් ක්‍රිකට් පුවත්:

සිය ක්‍රිකට් දිවියට සමුදුන් පසුව ක්‍රිකට් විස්තර විචාරකයෙක් ලෙස කටයුතු කළ ඒ මහතා ඉන්දීය ක්‍රීඩා මාධ්‍ය තුල වැඩසටහන් රාශියක් මෙහෙයවා තිබෙන අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරග ඉතිහාසය තුල මෙන්ම ලෝක ක්‍රිකට් පිටියේ තරග රැසක දී විස්තර විචාරකයෙක් ලෙස සිය දායකත්වය දක්වන ලදි.

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර දී උපත ලැබූ ජෝන්ස් ඕස්ට්‍රේලියාව වෙනුවෙන්  තරග 52ක් තුල දී ලකුණු 3631ක් වාර්තා කරගෙන තිබෙන අතර ඔහුගේ පිතිකරණ සාමාන්‍ය ලකුණු 46.55ක් වැනි ඉහළ මට්ටමක පවත්වා ගෙන ඇත. ටෙස්ට් තරගයක එක් ඉනිමක ලකුණු 216ක් ලබා ගනිමින් සිය වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කරගෙන ඇති ජෝන්ස්ට ටෙස්ට් ශතක 11ක් සහ අර්ධ ශතක 14ක් හිමිය. එසේම ඕස්ට්‍රේලියාව වෙනුවෙන් එක්දින තරග 164ක් ද ක්‍රීඩා කර ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<