දකුණු ආසියාවේ වේගවත්ම මිනිසාගෙන් නැවතත් රන් පදක්කමක්

20554

2019 වියට්නාම විවෘත මලල ක්‍රීඩා ශූරතාව ඊයේ (17) ආරම්භ විය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආසියාවේ වේගවත්ම මිනිසා වන හිමාෂ ඒශාන් අද තරග බිමට පිවිසුණු අතර ඔහු මීටර 100 ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

ලංකාවේ තුනක් වියට්නාමයේ තරග බිමට

වියට්නාමයේ දී පැවැත්වීමට නියමිත විවෘත මලල ක්‍රීඩා ……..

හිමාෂ ඊයේ පළමු තෝරාගැනීමේ තරගයට සහභාගී වූ අතර එහි දී ඔහු විසින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් විය. එහි දී ඔහු වාර්තා කළ කාලය වන්නේ තත්පර 10.61කි.  

මැලේසියා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයා එහි දෙවැනි ස්ථානය දිනා ගත් අතර ඔහු වාර්තා කළ කාලය තත්පර 10.63කි. එම ජයග්‍රහණයත් සමඟ හිමාෂ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත් අතර අර්ධ අවසන් පූර්ව තරගය සඳහා සමස්ත තෝරාගැනීමේ තරග වටයන්ගෙන් ක්‍රීඩකයන් 16 දෙනෙකු තේරී පත්විය.

අර්ධ අවසන් පූර්ව තරගයේ දී හිමාෂ තරග කළ කණ්ඩායමෙන් ඔහු ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වූ අතර ඔහු වාර්තා කළ කාලය වන්නේ තත්පර 10.60කි. එම ඉසව්වෙන් දෙවන ස්ථානය දිනා ගැනීමට මැලේසියානු ක්‍රීඩකයා සමත් විය. ඔහු වාර්තා කළ කාලය වන්නේ තත්පර 10.80කි. එම ජයග්‍රහණයත් සමඟ හිමාෂ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

පළමු දිනයේම ඔමායාගෙන් විශිෂ්ට දස්කම්

2019 ලෝක විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ පළමු දිනය ……

අවසාන මහා තරගයේ දී හිමාෂ විසින් තත්පර 10.54ක කාලයක් වාර්තා කරමින් වියට්නාම විවෘත මලල ක්‍රීඩා ශූරතාවයේ රන් පදක්කම දිනා ගැනීමට සමත් විය. තත්පර 10.62ක කාලයක් වාර්තා කළ HANAFI MUHAMMAD ක්‍රීඩකයාට රිදී පදක්කම හිමි වූ අතර ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූයේ මැලේසියාව නියෝජනය කළ KENNADY ක්‍රීඩකයා විසිනි. ඔහු වාර්තා කළ කාලය වන්නේ  10.78කි.

මෙම තරගයට සහභාගී වූ අනෙක් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන සුමේධ රණසිංහ හෙට (19) පස්වරු 4.00ට අවසන් තරගයටත්, විදූෂා ලක්ෂානි පස්වරු 08.20ට තුන් පිම්ම කාන්තා අවසන් තරගයටත් සහභාගී වීමට නියමිතයි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<