ලංකාවේ තුනක් වියට්නාමයේ තරග බිමට

1089

වියට්නාමයේ දී පැවැත්වීමට නියමිත විවෘත මලල ක්‍රීඩා ශූරතාව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනෙකු සහභාගී වී ඇත. එම තරගාවලිය ජූලි මස 17 සිට 19 දක්වා පැවැත්වීමට නියමිතයි. 

ගිම්හාන විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

2019 ජූලි මස 03 වනදා සිට 14 වනදා දක්වා ඉතාලියේ ……….

මේ වසරේ හොඳම දස්කම් දක්වන සහ ලෝක ශූරතා පරිසාධන මට්ටමට ළඟා වීමට ආසන්නතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම තරගාවලිය සඳහා තෝරාගෙන තිබේ. 

මෙම කණ්ඩායමට ඇතුළත් ක්‍රීඩකයන් අතර තත්පර 10.22කින් දකුණු ආසියාවේ සහ ශ්‍රී ලංකා වාර්තාව බිඳ දැමූ දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා වන හිමාෂා එශාන් ද සිටින අතර ඔහු මේ වන විට ලෝක ශ්‍රේණිගත කිරීම් වල 112 වැනි ස්ථානයේ පසුවේ. ඔහුට ලෝක ශූරතා තරගාවලියට සුදුසුකම් ලැබීමට නම් ලෝක ශ්‍රේණිගත කිරීම්වල 32 වැනි ස්ථානයට පැමිණිය යුතු අතර මේ තරගාවලිය ඔහුට ඒ සඳහා මග පාදනු ඇත. 

ශ්‍රී ලංකා සංචිතයේ සිටින එකම කාන්තා නියෝජනය වන්නේ තුන් පිම්ම ඉසව්ව නියෝජනය කරන විදුෂා ලක්ෂානි ය. ඇය නිමා වූ 23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයේ දී ශ්‍රී ලංකාවට තුන් පිම්ම ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා දෙන්නට සමත් විය. 

විදූෂා මේ වන විට ලෝක ශ්‍රේණිගත කිරීම් හි 51 වැනි ස්ථානයේ පසු වන අතර ලෝක ශූරතා තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා ඇයට ශ්‍රේණිගත කිරීම්වල 32 වැනි ස්ථානය දක්වා පැමිණීමට හෝ මීටර් 14.20ක දුරක් පැනීමට සිදු වනු ඇත.

අපේ දෙයකින් කරන හොඳ වැඩක්

සමපෝෂ පූර්ණ අනුග්‍රහය සහිතව පළාත් අධ්‍යාපන කාර්යාල ……..

ශ්‍රී ලංකා සංචිතය නියෝජනය කරනු ලබන අවසන් ක්‍රීඩකයා වන්නේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ඔලිම්පික් නියෝජනය කළ සුමේධ රණසිංහ ය.  ඔහුගේ දක්ෂතාවය වන්නේ මීටර 80.22කි. ඔහු මේ වන විට ලෝක ශ්‍රේණිගත කිරීම්වල 44 වැනි ස්ථානයේ පසුවන අතර ඔහුට ලෝක ශූරතා තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා 32 වැනි ස්ථානයට පැමිණිය යුතු වේ.  

මෙම තරගාවලියේ දී හිමාෂ එශාන් මීටර 100 ඉසව්වටත්, සුමේධ රණසිංහ හෙල්ල විසිකිරීමේ ඉසව්වටත් සහ විදුෂා ලක්ෂානි තුන් පිම්ම ඉසව්වටත් සහභාගී වන අතර ඔවුන් මෙම තරගාවලියේ දී දක්වන දක්ෂතා ලබන වසරේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට වලංගු වීම ද විශේෂත්වයකි.  

හිමාෂ එශාන් හෙට (18) මීටර 100 මූලික තරගයටත්, එදිනම පස්වරු 5.00ට අවසන් පූර්ව තරගයටත් ඉදිරිපත් වීමට නියමිත අතර සුමේධ රණසිංහ 19 වැනිදා පස්වරු 4.00ට අවසන් තරගයටත්, විදූෂා ලක්ෂානි 19 වැනිදා පස්වරු 08.20ට තුන් පිම්ම කාන්තා අවසන් තරගයටත් සහභාගී වීමට නියමිතයි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<