චන්දිමාල් සහ මැතිව්ස් කෝලිගේ දඩයම පමා කරයි

990

ඉන්දීය කණ්ඩායමේ සියලු සැලසුම් ව්‍යර්ථ කරමින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනයේ සියලු ගෞරව තමන් සන්තකයේ තබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද (04දා) සමත් වූහ.

හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සහ නව නායක දිනේෂ් චන්දිමාල් එක්ව ඉන්දීය දඩබිම වනසා දමමින් යම් තරමකින් තරගය පාලන කරද්දී, ඉන්දීය නායක විරාත් කෝලිට සිදු වූයේ පසෙකට වී නියපොතු සපමින් තරග නරඹන්නෙක් බවට පත් වීමටය.

කෝලි තම දඩබිමේ ගොදුරු සෙවීම ඉක්මන් කරයි

ඉන්දීය ශ්‍රී ලංකා තෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේ දී සේ ම දෙවැනි දිනයේ දී ද තම දඩබිම තමන්ට රිසි අයුරින් චලනය කරවීමට ඉන්දීය ක්‍රීඩකයෝ අද (03) දිනයේ දී …

ඉන්දීය කණ්ඩායම පළමු ඉනිමට ලබාගත් ලකුණු 536ට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා පළමු ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 356ක් සේ කියැවුණේ තරගයේ තෙවැනි දිනය අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නිමා වීමට තවත් පන්දුවාර 5ක් ඉතිරිව තිබිය දී නතර කරද්දීය. සත්කාරක ක්‍රීඩකයෝ ලබා ගත් ලකුණු සංඛ්‍යාවට වඩා තවත් ලකුණු 180ක් අඩුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට නතරව සිටින්නේ එක් කඩුල්ලක් පමණක් අතැතිවයි.

මැතිව්ස් (111) සහ චන්දිමාල් (නොදැවී 147) ගේ දීර්ඝ ඉනිම් නොවන්නට ශ්‍රී ලංකා ඉරණම මීට වඩා වෙනස් වීමට බොහෝ දුරට ඉඩ තිබුණි. ඔවුන්ගේ පාලනය හේතුවෙන් කෝලිගේ දඩබිම තරමක් සංසුන් බවක් ඉසිලුව ද මැතිව්ස්ගේ දැවී යෑමෙන් අනතුරුව නැවත තරගයට අවතීර්ණ වීමට ඉන්දීය ක්‍රීඩකයෝ සමත් වූහ. ඒ අනුව මැතිව්ස්ගේ දැවී යෑමෙන් අනතුරුව දැවී ගිය අවසන් කඩුලු 5 ලකුණු 100ක දී දවා ගැනීමට ඉන්දීය ක්‍රීඩකයෝ සමත් වූහ.

දිනය නිමා වන විට දිනේෂ් චන්දිමාල් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 341කට මුහුණ දී අලංකාර හතරේ පහර 18ක් සහ තරගය නතර කරන අවසන් පන්දු වාරයේ දී එල්ල කළ හයේ පහරත් ද සමඟින් නොදැවී ලකුණු 147ක් ලබා සිටියේය.

මෙම ඉනිම චන්දිමාල්ගේ හොඳම ඉනිම් අතර සිව්වැනි ස්ථානය ගන්නා අතර ඔහුගේ හොඳම ඉනිම ලෙසින් සටහන් වන්නේ 2015 වසරේ දී ගාල්ලේ දී ඉන්දීය කණ්ඩායමට එරෙහිව නොදැවී ලබා ගත් ලකුණු 162යි.

දිනයේ පළමු කාර්තුව කිසිදු කඩුල්ලක් ලබා නොදී ගෙවා දැමීමට මැතිව්ස් සහ චන්දිමාල් සමත් වූහ. දිවා විවේකය සඳහා තරගය නතර කරන විට පන්දුවාර 26ක් තුළ ඔවුන් දෙදෙනා සිව්වැනි කඩුල්ලට එක් කර තිබුණේ ලකුණු 61ක් පමණි. එම අවස්ථාවේ දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව කියැවුණේ 192ක් ලෙසිනි.

අළුබඳුන මෙතරම් වටින්නේ ඇයි?

ලොව ශ්‍රේෂ්ඨතම ටෙස්ට් ක්‍රිකට් සටන ලෙස හැඳින්වෙන අළුබඳුන පුරාවෘත්තය වර්ෂ 1882 සිට පැවතෙන්නකි. මෙම තරගාවලියට “අළුබඳුන” යැයි නම් පටබැඳීමට හේතුවූ කරුණ ඉතාමත් රසවත් එකක්. වීඩියෝව නරඹන්න.

දිනයේ පළමු ශතකලාභියා වෙමින් ඇන්ජලෝ මැතිව්ස් තම ටෙස්ට් තරග දිවියේ 8 වැනි ශතකය වාර්තා කළේ ඔහු මුහුණ දුන් 231 වැනි පන්දුවේ දී ය. මැතිව්ස් තම 7 වැනි ශතකය වාර්තා කිරීමෙන් අනතුරුව ශතකයක් වාර්තා කිරීමට තරග 19ක ඉනිම් 36ක් වැය කර තිබුණි.

මැතිව්ස් ශ්‍රී ලංකා ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙසින් දැවී යන්නේ තමන්ගේ පෞද්ගලික ලකුණු සංඛ්‍යාව අවාසනාවන්ත (111) තත්ත්වයේ තිබිය දී ය. ඔහුගේ ඉනිමට පන්දු 268ක් වැය වී තිබූ අතර ඊට හතරේ පහර 14ක් සහ හයේ පහර 2ක් එල්ල කර තිබුණි.

මෙම ලකුණු සංඛ්‍යාව මැතිව්ස් ඉන්දියාව එරෙහිව රැස්කළ හොඳම ඉනිම සේ ම ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේ දී රැස් කළ පළමු ශතකය ද වන්නේ ය. ඔහු මීට ප්‍රථම 2015 වසරේ දී මෙරට එස්.එස්.සී. පිටියේ දී රැස් කළ ලකුණු 110 වැඩිම ලකුණු සංඛ්‍යාව වී තිබුණි. ඉන්දියාවට එරෙහිව 2009 වසරේ දී මුම්බායි නුවර දී රැස් කළ ලකුණු 99 ඔහුගේ එරට වැඩිම ලකුණු සංඛ්‍යාව වී තිබුණි.

මැතිව්ස් සහ චන්දිමාල් අතර සිව්වැනි කඩුල්ලේ ලකුණු සබඳතාව 181කි. ඔවුන් මේ සඳහා පන්දුවාර 54ක් පිටියේ රැඳී සිටියේ ඉන්දීය පන්දු රකින්නන්ගේ දුර්වල පන්දු රැකීම් අවස්ථා කිහිපයකම වාසිය ද ගනිමිනි.

මැතිව්ස්ගේ දැවී යෑමෙන් අනතුරුව පිටියට පිවිසි සධීර සමරවික්‍රම ඉතා විශ්වාසවන්ත ඉනිමක් ගොඩ නැගීමට උත්සාහ කරන අයුරක් දිස්විණි. තේ විවේකය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 4ක් දැවී ලකුණු 270ක් ලෙසිනි.

හැදෙන ගස දෙපැත්තෙන් දැනේ එය ක්‍රීඩාවට අදාළ ද?

වසරකට අපේ රටේ ඉපදෙන දරුවන් ලක්ෂ තුනකට අධික පිරිසක් නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබන්නට සුදුසුකම් ලබති. එම පිරිසෙන් ද්විතීක සහ විශ්ව …

තේ විවේකයෙන් අනතුරුව දිනේෂ් චන්දිමාල් තම ටෙස්ට් තරග දිවියේ 10 වැනි ශතකය වාර්තා කිරීමට සමත් විය. ඒ වෙද්දී ඔහු ඊට පන්දු 265ක් වැය කර තිබුණි. ලකුණෙන් ලකුණ එකතු වන චන්දිමාල්ගේ ඉනිම ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේ දී රැස් කරනු ලබන වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේය. මීට ප්‍රථම චන්දිමාල් ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේ දී රැස් කළ වැඩිම ලකුණු වාර්තා කර තිබුණේ පසුගිය නාග්පූර් පිටියේ දී රැස් කළ ලකුණු 61යි.

කෙසේ වෙතත් ලකුණු පුවරුව 317ක් වෙද්දී ශ්‍රී ලංකා ඉනිමේ 5 වැනි කඩුල්ල ලෙසින් සධීර සමරවික්‍රම නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් වූයේ චන්දිමාල් එක්ව ගොඩනැගූ එම කඩුල්ලේ සබඳතාව ලකුණු 61ක් වෙද්දීය. සධීර අවශ්‍යම අවස්ථාවේ අනවශ්‍ය පහරකට යෑම හේතුවෙන් ඔහුගේ ඉනිම පන්දු 61ක දී ලකුණු 33කින් නිමා කිරීමට ඉෂාන්ට් ෂර්මා සමත් වූයේ පිට පිට ඉනිම් තුනක දී ගොදුරු කර ගනිමිනි.

අනතුරුව නැවත එළඹියේ ඉන්දීය දඩයක්කරුවන්ගේ හෝරාවයි. ඒ අනුව ඊට පසුව පිවිසි කිසිදු ක්‍රීඩකයෙක්ට ලකුණු අතරට පිවිසීමට ඉන්දීය පන්දු යවන්නෝ ඉඩ තැබුවේ නැත. ඉනිමේ 7 වැනි පිතිකරු ලෙසින් පිටියට පිවිසි රොෂේන් සිල්වාට තම මංගල ටෙස්ට් ඉනිමේ පන්දුවට පහර දීමට ඉඩ ලැබුණේ පන්දු 3කට පමණි. අනතුරුව පිටියට පිවිසි නිරෝෂන් දික්වැල්ල (00) සුරංග ලක්මාල් (05) සහ ලහිරු ගමගේ (01)  ක්‍රීඩා විවේකාගාරයේ අසුන් ගැන්වීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ. අවසන් පිතිකරු ලෙසින් පිටියට පිවිසි ලක්ෂාන් සඳකැන් තම කඩුල්ල ආරක්ෂා කරමින් පිටියේ රැඳී සිටින්නේ කිසිදු ලකුණක් ලබා නොගනිමිනි.

Captaincy means now I have a permanent place – Thisara Perera

Newly-appointed Sri Lanka ODI & T20I captain Thisara Perera sharing his thoughts at a press conference held on 29th November at SLC Headquarters in Colombo.

පන්දු යැවීමේ දී ඉෂාන්ට් ෂර්මා සහ රවිචන්ද්‍රන් අශ්වින් කඩුලු 3 බැගින් ද, මොහොමඩ් සමී සහ රවින්ද්‍ර ජඩේජා කඩුලු 2 බැගින් ද ලබා සිටියහ.

හෙට (05දා) තරගයේ සිවු වැනි දිනයයි.

ඉන්දියාව; පළමු ඉනිම කඩුලු 7ක් දැවී ඉනිම අත්හිටවූවා 536 (127.5) මුරලි විජේ 155,ශිකර් ධවාන් 23, චෙටෙස්වර් පුජාරා 23, විරාත් කෝලි 243, රෝහිට් ෂර්මා 65,  ලක්ෂාන් සඳකැන් 4/167, ලහිරු ගමගේ 2/95

ශ්‍රී ලංකාව; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 356 (130.0): (දෙවැනි දින තරගය නතර කරන විට පන්දු වාර 44.3ක දී කඩුලු 3ක් දැවී 131; දිල්රුවන් පෙරේරා 42, , ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 57, දිනේෂ් චන්දිමාල් නොදැවී 25) ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 111, දිනේෂ් චන්දිමාල් නොදැවී 147, සධීර සමරවික්‍රම 33, මොහොමඩ් සමී 2/74, ඉෂාන්ට් ෂර්මා 3/93, රවින්ද්‍ර ජඩේජා 2/85, රවිචන්ද්‍රන් අශ්වින් 3/90

  > තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <