FFSL සභාපති කුසලානය කල් යයි

248

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් පැවැත්වීමට නියමිතව තිබූ FFSL සභාපති කුසලාන 2020 පාපන්දු තරගාවලිය කල් දැමීමට තීරණය කරනු ලැබූ බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් දන්වා තිබේ. 

එම මාධ්‍ය නිවේදනයේ දක්වා ඇති ආකාරයට;

COVID-19 වසංගතයත් සමඟ වර්තමානයේ හටගෙන ඇති තත්වය හේතුවෙන් FFSL සභාපති කුසලාන 2020 ආරාධිත පාපන්දු තරගාවලියේ ආරම්භය 2020 අගෝස්තු මස 09 වැනි දින දක්වා කල් දැමීමට තීරණය කළ බව අපි කනගාටුවෙන් යුතුව දැනුම් දෙන්නෙමු. 

කෙසේ නමුත් සියලුම කණ්ඩායම් මෙම තරගාවලිය සඳහා පුහුණුවීම් කටයුතු ආරම්භ කර ඇති බැවින් ඔවුන්ට ඊට සූදානම් වීම සඳහා වන ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ බැඳීම් ඉටු කිරීමට කටයුතු කෙරෙනු ඇත. 

ඒ අනුව තරගාවලිය පළමුව එළඹෙන ජූලි මස 26 වැනි දින ආරම්භ වීමට නියමිතව තිබුනත්, වර්තමානයේ රට තුළ පවතින තත්වය හේතුවෙන් එය එළඹෙන අගෝස්තු මස 09 වැනි දින දක්වා කල් දමා ඇති නමුත් පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා පවසා සිටින්නේ තරගාවලියට එක්වන කණ්ඩායම් 20ටම ඔවුන් එහි ආරම්භයට පෙර පොරොන්දු වූ පරිදි ‘සූදානම් වීමේ ප්‍රදාන’ ලබා දීමට කටයුතු සිදු කෙරෙන බවයි. 

තවත් කියවන්න;

කෙසේ නමුත් මේ ආකාරයට තරගාවලිය කල් දැමීමට කටයුතු කර ඇතත් එම අදාළ පාපන්දු සමාජවලට ඔවුන්ගේ පුහුණුවීම් සැසි නැවැත්වීමට අදාළව කිසිදු නිර්දේශයක් පාපන්දු සම්මේලනය විසින් මෙහි දී ලබා දී නොමැත. 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<