FA කුසලාන පාපන්දු සටනේ සුපිරි 8 තරග කාලසටහන නිකුත් වෙයි

Vantage FA කුසලාන පාපන්දු තරගාවලියේ 2019

74

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන දැවැන්තම පිළිමළුන් පිටුදැකීමේ පාපන්දු තරගාවලිය වන FA කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග ජනවාරි 11 සහ 12 කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය. 

කොළඹ සහිරා විද්‍යාලයට සාර්ථක ආරම්භයක්

කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල ගෝල 5-1ක් ලෙස පරාජය කරමින් කොළඹ සහිරා විද්‍යාලය 2019…

තරගාවලියේ අවසන් 16 දෙනාගේ තරග වටයෙන් සුපිරි කණ්ඩායම් 8 සඳහා තේරී පත්වූ කණ්ඩායම්වලට අදාළ ප්‍රතිවාදී කණ්ඩායම් තෝරා ගැනීම (Draw) සහ ඒ සඳහා අදාළ තරග කාලසටහන නිකුත් කිරීම අද (08) පාපන්දු මූලස්ථාන පරිශ්‍රයේ දී සිදු කෙරිනි. 

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන FA කුසලානය සඳහා මෙවරත් අනුග්‍රාහක දායකත්වය ලබා දෙන්නේ Vantage ආයතනයයි. 

57 වැනි වරට පවත්වනු ලබන FA කුසලානය සඳහා දිවයිනම ආවරණය වන පරිදි කණ්ඩායම් 827ක් සහභාගී විය. පසුගිය වසරේ මාර්තු මාසයේ දී ආරම්භ වූ මෙම තරගාවලිය ආරම්භයේ සිට අවසානය දක්වා තරග 841ක් පැවැත්වෙන අතර තරගාවලියේ අවසාන 16 දෙනාගේ වටයේ තරග පසුගිය ජනවාරි 3 වැනිදා සිට ආරම්භ විය. 

අවසාන 16 දෙනාගේ වටයෙන් සුපිරි 8 දෙනාගේ තරග වටය සඳහා ඒ ඒ කණ්ඩායම් සුදුසුකම් ලබා ගත් ආකාරය මෙසේයි.

  • ඩිෆෙන්ඩර්ස් පාපන්දු සමාජය 1 – 1 ශ්‍රී ලංකා පොලිස් ක්‍රීඩා සමාජය (ජනවාරි 3, සුගතදාස පිටිය) – දඬුවම් පහර 4-5 
  • රෙඩ් රෝස් පාපන්දු සමාජය 1 – 1 සිවිල් ආරක්ෂක ක්‍රීඩා සමාජය (ජනවාරි 3, බැද්දගාන පිටිය) – දඬුවම් පහර 5-6 
  • සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය 1 – 1 ජාවා ලේන් ක්‍රීඩා සමාජය (ජනවාරි 4, සුගතදාස පිටිය) – දඬුවම් පහර 3-0 
  • සිංගින් ෆිෂ් ක්‍රීඩා සමාජය 0 – 1 සී හෝක්ස් පාපන්දු සමාජය (ජනවාරි 4, කැලණිය පාපන්දු පිටිය) 
  • නිව් යංග්ස් පාපන්දු සමාජය 1 – 1 බන්ධනාගාර ක්‍රීඩා සමාජය (ජනවාරි 4, වැලිසර පිටිය) – දඬුවම් පහර 4-5 
  • නිව් ස්ටාර් ක්‍රීඩා සමාජය 0 – 2 රිනවුන් පාපන්දු සමාජය (ජනවාරි 5, කැලණිය පාපන්දු පිටිය) 
  • රෙඩ් සන් ක්‍රීඩා සමාජය 0 – 1 බ්ලූ ඊගල් ක්‍රීඩා සමාජය (ජනවාරි 5, බැද්දගාන පිටිය) 
  • බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය 6 – 2 අප් කන්ට්‍රි ක්‍රීඩා සමාජය (ජනවාරි 5, සුගතදාස පිටිය)

Harry Kane අවසන් මොහොතේ ජයග්‍රහණය උදුරා ගනියි

Harry Kane අවසන් මිනිත්තුවේ දී වාර්තා කළ දඬුවම් පහරකින් Tottenham Hotspur ගෝල 2-2ක් ලෙස…

අවසන් වරට පැවති තරගාවලි 3 දී ම ශූරතාව දිනා ගත් යුද හමුදා ක්‍රීඩා සමාජය (ඩිෆෙන්ඩර්ස් පාපන්දු සමාජය) අවසන් 16 තරග වටයේ දී අවාසනාවන්ත ලෙස පොලිස් ක්‍රීඩා සමාජය හමුවේ පරාජය වීම නිසා මෙවර තරගාවලියෙන් ඉවතට විසිවිය. ගියවර අනුශූරතාව දිනා ගත් සෝන්ඩර්ස් කණ්ඩායම මෙම තරගාවලියේ සුපිරි 8 වටය දක්වා පැමිණ තිබේ. 

ගියවර සුපිරි 8 වටය සඳහා තේරී පත්වූ කොළඹ පාපන්දු සමාජය, නිව් යංග්ස් පාපන්දු සමාජය, යුද හමුදා ක්‍රීඩා සමාජය සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල ක්‍රීඩා සමාජය මෙවර සුපිරි 8 වටය සඳහා තේරී නොමැත. ඒ සඳහා අලුතින් පැමිණි කණ්ඩායම් හතර වන්නේ සිවිල් ආරක්ෂක ක්‍රීඩා සමාජය, සී හෝක්ස් පාපන්දු සමාජය, බ්ලූ ඊගල් ක්‍රීඩා සමාජය සහ බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය යන කණ්ඩායම් වේ. 

මෙවර තරගාවලියේ සුපිරි 8 වටයේ තරග කාලසටහන

2020 ජනවාරි 11 – සුගතදාස පිටිය

  • සවස 4.00 – සිවිල් ආරක්ෂක ක්‍රීඩා සමාජය සහ ශ්‍රී ලංකා පොලිස් ක්‍රීඩා සමාජය
  • සවස 6.30 – බ්ලූ ඊගල් ක්‍රීඩා සමාජය සහ රිනවුන් පාපන්දු සමාජය 

2020 ජනවාරි 12 – සුගතදාස පිටිය

  • සවස 4.00 – සී හෝක්ස් පාපන්දු සමාජය සහ සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය
  • සවස – 6.30 – බන්ධනාගාර ක්‍රීඩා සමාජය සහ බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය 

තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න, ThePapare.com අප සමඟම.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<