කොළඹ සහිරා විද්‍යාලයට සාර්ථක ආරම්භයක්

2019 ThePapare පාපන්දු ශූරතාව

175

කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල ගෝල 5-1ක් ලෙස පරාජය කරමින් කොළඹ සහිරා විද්‍යාලය 2019 ThePapare පාපන්දු ශූරතාවයට සාර්ථක ආරම්භයක් ලබා ගත්තා.

ප්‍රබුද්ධ රාජකීය කණ්ඩායමට ජයග්‍රහණය ගෙන එයි

ThePapare පාපන්දු ශූරතාවයේ A කාණ්ඩයේ පළමු තරගය ඊයේ (03)…..

දිවයිනේ ප්‍රබල කණ්ඩායමක් වන සහිරා විද්‍යාලයට ශ්‍රී ලංකා කණ්ඩායමේ ද ක්‍රීඩා කරන මොහොමඩ් ආකිබ්, වයස අවුරුදු 19න් පහළ සංචිතය නියෝජනය කරන මොහොමඩ් සාජිඩ්, මොහොමඩ් ශකිර්, මොහොමඩ් මුශ්ෆිර් හා රූමි රිසා ක්‍රීඩා කිරීම විශේෂත්වයක්.

සහිරා කණ්ඩායම ඉතා ප්‍රබල ආක්‍රමණයක යෙදෙමින් තරගයේ මුල් මිනිත්තු කිහිපය ක්‍රීඩා කළ අතර ගේට්වේ ක්‍රීඩකයින් ලද අවස්ථාවල දී ආක්‍රමණයේ යෙදෙමින් ධනාත්මක ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළා.

දඬුවම් පහර චතුරශ්‍රය පිටත සිටිමින් පන්දුව ගෝල රාමුව වෙත එල්ල කළ ශාරික් අහමඩ් තරගයේ පළමු ගෝලය වාර්තා කළා. ශාරික් අහමඩ්ගේ හරස් පන්දු යොමු කිරීමක් සමඟින් තරගයේ දෙවන ගෝලය රැස් කළේ මොහොමඩ් සාජිඩ්. සහිරා කණ්ඩායම වෙනුවෙන් තෙවන ගෝලය වාර්තා කරන්නට මොහොමඩ් ආකිබ් සමත් වුණේ දක්ෂ පන්දු හුවමාරුවක් ප්‍රයෝජනයට ගනිමින්.

පළමු අර්ධය} සහිරා විද්‍යාලය 03 – 00 ගේට්වේ විද්‍යාලය

දෙවන අර්ධයේ සහිරා ක්‍රීඩකයින් ප්‍රහාරාත්මක ක්‍රීඩා විලාසයක් අනුගමනය කළත් ගේට්වේ කණ්ඩායම ඔවුන්ට සාර්ථක ප්‍රතිප්‍රහාර එල්ල කරන්නට සමත් වුනා.

බදූරියා හමීඩියා සිහින බොඳ කරයි

ThePapare.com වයස අවුරුදු 20න් පහළ අන්තර් පාසල් පාපන්දු…..

සහිරා ආරක්ෂක වළල්ලේ සිදුරක් සොයා ගත් ගේට්වේ ක්‍රීඩක සමුණු කොග්ගොඩාරච්චි සිය කණ්ඩායම වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළා.

අනතුරුව ගේට්වේ කණ්ඩායම දැඩි අර්බුදයකට ලක් වූ අතර මොහොමඩ් සාජිඩ් හා මොහොමඩ් අකිබ් දඬුවම් පහර මගින් ලකුණු රැස් කළේ සහිරා ලකුණු පුවරුව ගෝල 5 හේ සීමාවට රැගෙන යමින්.

පළමු අර්ධය} සහිරා විද්‍යාලය 05 – 01 ගේට්වේ විද්‍යාලය

ගෝල රැස් කළ ක්‍රීඩකයෝ

ගේට්වේ විද්‍යාලය – සමුනු කොග්ගොඩාරච්චි 53′

සහිරා විද්‍යාලය – ශාරික් අහමඩ් 16′, මොහොමඩ් සාජිඩ් 21′, 68, මොහොමඩ් ආකිබ් 28′, 83′

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<