Harry Kane අවසන් මොහොතේ ජයග්‍රහණය උදුරා ගනියි

83

Harry Kane අවසන් මිනිත්තුවේ දී වාර්තා කළ දඬුවම් පහරකින් Tottenham Hotspur ගෝල 2-2ක් ලෙස Norwich City සමඟ තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගන්නට සමත් වුනා. 

Juan Foythගේ පන්දුව උදුරා ගෙන 18 වැනි මිනිත්තුවේ දී තරගයේ පළමු ගෝලය රැස් කරන්නට Norwich සමත් වුනේ Mario Vrancicගේ අනර්ඝ ප්‍රහාරයකින්.  

හිටපු ප්‍රිමියර් ලීග්‍ ශූරයින්ට වෘක ප්‍රහාරයක්

සුපිරි තරගයක් අවසානයේ Wolverhampton Wanderers…..

33 වැනි මිනිත්තුවේ දී Teemu Pukki ලකුණු පුවරුව දෙගුණ කළා යැයි සිතුවත් ඔහුගේ ගෝලය VAR යොදාගෙන නිෂ්ප්‍රභා කරන්නට විනිසුරු තීරණය කළා. 

Spurs දෙවන අර්ධය ආරම්භ වී මිනිත්තු 10කට පසුව තරගයේ ගෝල සම කරන්නට සමත් වුනේ Christian Eriksenගේ අලංකාර නිදහස් පහරකින්.  

ඊට මිනිත්තු හයකට පසුව Serge Aurierගේ අතපසුවීමක් නිසා Own Goal අවස්ථාවක් වාර්තා වුනේ තරගයේ පෙරමුණ නැවතත් Norwich වෙත ගෙන එමින්. 

කෙසේ වෙතත් දෙපසට දෝලනය වුන තරගය මිනිත්තු 7ක් ඉතිරිව තිබිය දී ගෝල සම තරගයක් බවට පත් කරන්නට Kane සමත් වුනා. ඒ Christoph Zimmermann විසින් ඔහුව බිම හෙලීමෙන් ලැබුණු දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින්.

අවසන් ලකුණු තත්වය: Tottenham Hotspur 02 – 02 Norwich City

Tottenham Hotspur – Christian Eriksen 55′, Harry Kane 83′ (pen) 
Norwich City – Mario Vrancic 18′, Serge Aurier 61′ (og) 


 Manchester United කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ ඉහළට

Anthony Martial හා Marcus Rashford අර්ධ දෙකේ දී වාර්තා කළ ගෝල ද්විත්වයකින් Manchester United, Burnley ගෝල 2-0ක් ලෙස පරාජය කළා. ඒ අනුව ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි ස්ථානය දක්වා ඉදිරියට යන්නට සමත් වුනා.  

44 වැනි මිනිත්තුවේ දී Andreas Pereira සමඟ පන්දු හුවමාරුවෙන් පන්දුව ලබා ගත් Martial අලංකාර ගෝලයක් වාර්තා කරමින් තරගයේ පළමු ගෝලය වාර්තා කළා.  

නත්තලින් පසුව Man Utd හා Liverpoolට දැවැන්ත ජයග්‍රහණ

නත්තල් විවේකයෙන් පසුව එංගලන්ත ප්‍රිමියර් ලීග් පිටිය නැවතත්……

Burnley තරගයේ ගෝල සම කරන්නට සෑහෙන උත්සහයක් දැරූ නමුත් David De Gea එම සියලු අවස්ථා ව්‍යර්ථ කරන්නට සමත් වුනා. David De Gea, Phil Bardsleyගේ දක්ෂ ප්‍රහාරයක් ව්‍යර්ථ කළේ තරග 15කට පසුව ප්‍රතිවාදීන්ට ගෝල නොදුන් තරගයක් වාර්තා කරමින්. 

Manchester United කණ්ඩායමට අඛණ්ඩ දෙවන ජයග්‍රහණයත් සටහන් කරමින් Rashford අවසන් මිනිත්තුවේ දී Nick Pope පසු කරමින් ගෝලයක් දැල් ගත කරන්නට සමත් වුනා. 

අවසන් ලකුණු තත්වය: Manchester United 02 – 00 Burnley  

Manchester United – Anthony Martial 44′, Marcus Rashford 90 +5′    

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<