පෙරළිකාර කලණ තවත් පෙරළියකට සැරසෙන ලකුණු

515

ක්‍රිකට් ක්‍රීඩාවෙන් අනාගත ලොව ජය ගැනීමට වෙර දරන පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින්ට සහාය වීම වෙනුවෙන් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරනු ලබන පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අදත් (3) පැවැත්විය. එහි දී සාන්ත තෝමස් විද්‍යාලයේ කලණ පෙරේරාගේ තුන් ඉරියව් දස්කම් කාගේත් අවධානයට පාත්‍ර විය.

නිපුන් රන්සික ජෝන් කීල්ස් හඬවා යුනිචෙලා දිනවයි

යොවුන් ක්‍රීඩක නිපුන් රන්සිකගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් අද (03) කොළඹ 7, වෙළඳසේවා ක්‍රිකට් පිටියේ දී පැවති වෙළඳසේවා ක්‍රිකට් සංගමය සංවිධානය කළ සිංගර් කුසලාන වෙළඳසේවා A…

මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය හා කොළඹ ඉසිපතන විද්‍යාලය

සාන්ත ජෝසප් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමිකර දෙමින් මේ ක්‍රිකට් තරගය අවසන් විය. තරගයේ ඊයේ (2) දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉසිපතන විද්‍යාලය එක් කඩුල්ලක් දැවී ලකුණු 66ක් ලබාගෙන සිටියේ සිය පළමු ඉනිමේ පන්දු 58ක් තුලයි. ප්‍රහාරාත්මක පිතිකරණයක නිරත වූ වමතින් පිතිකරණයේ නිරත වන තෙවිඳු දික්වැල්ල වටිනා හා වේගවත් අර්ධ ශතකයක් ලබාගෙන සිය විද්‍යාලය තරගයේ පළමු දිනය තුලම ස්ථාවර මට්ටමකට රැගෙන පැමිණියත් මැදපෙළ පිතිකරුවන්ට සිය වගකීම නිසියාකාරව ඉටු කිරීමට නොහැකි වූ නිසා ඉසිපතන පළමු ඉනිම ලකුණු 172කට සීමා විය.

පන්දු යැවීමේ දී සාන්ත ජෝසප් විද්‍යාලය වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ සාලින්ද සෙනෙවිරත්න ලකුණු 24කට කඩුලු 4ක් දවා ගන්නා ලදි. තරගයේ දෙවන හා අවසන් දිනය වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත ජෝසප් විද්‍යාලය කඩුලු 9ක් දැවී ලකුණු 118ක් ලබාගෙන සිටියේය. ශෙරන් ෆොන්සේකා ලකුණු 49ක් ලබා ගන්නා විට ඉසිපතන විද්‍යාලය වෙනුවෙන් අර්ධ ශතකයක් රැස්කරගත් තෙවිඳු පන්දු යැවීමෙන් ද කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය.

A කාණ්ඩයේ තරගයක් වන මෙය කොළඹ බී. ආර්. සී පිටියේ දී නිමා විය.

සාන්ත ජෝසප් විද්‍යාල පළමු ඉනිම – 190 (61.3): ශෙවෝන් ඩැනියල් 41, මිරංග වික්‍රමගේ 31, සචින්ත මහින්දසිංහ 27, රිශිත පෙරේරා 25, මදුශික සඳරුවන් 6/49

ඉසිපතන විද්‍යාල පළමු ඉනිම – 172 (47.3): තෙවිඳු දික්වැල්ල 51, රවිඳු රත්නායක 34, සවිඳු උත්සර 31, සාලින්ද සෙනෙවිරත්න  4/24

සාන්ත ජෝසප් විද්‍යාල දෙවන ඉනිම – 118/9 (52): ශෙරන් ෆොන්සේකා 49, සචින්ත මහින්දසිංහ 33, තෙවිඳු දික්වැල්ල 4/28.

දුනිත්, කලණ හා ජනිෂ්ක සුපිරි දස්කම් අතරට

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තවත් තරග කිහිපයක් අද (30) දින පැවැත්වූ අතර ඒ තරග අතරින් කොළඹ ඉසිපතන විද්‍යාලය…

කොළඹ ආනන්ද විද්‍යාලය හා කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය

මහනුවර සාන්ත අන්තෝනි  විදුහල් පිටියේ දී දෙවන දිනයට පැවති මේ තරගයත් ජය පරාජයෙන් තොරව අවසන් විය. අද දිනයට තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සත්කාරක සාන්ත අන්තෝනි විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 84ක් ලබා තිබුණි. ලකුණු 51ක් ලබාගෙන නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටි තීක්ෂණ ගුණසිංහ සිය ලකුණු සටහන ලකුණු 68 දක්වා වර්ධනය කරගෙන දැවී ගිය පසුව සිය විද්‍යාලයේ පළමු ඉනිම අත්හිටු වීමට ඔවුන් තීරණය කරන ලදි.

සාන්ත අන්තෝනි විද්‍යාලය ලබා ගත් ලකුණු 173ට පිළිතුරු දුන් ආනන්ද විද්‍යාලය තරගයේ දෙවන හා අවසන් දිනය අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 107ක් ලබාගෙන තිබුණි. ඒ වන විට ඉනිමේ වැඩිම ලකුණු ලාභියාව සිටි  කනිෂ්ක රන්තිලකගේ ලකුණු 27යි. පන්දු යැවීමේ දී නවෝද්‍ය විජේකුමාර සාන්ත අන්තෝනි විද්‍යාලය වෙනුවෙන් ලකුණු 45කට කඩුලු 3ක් දවා ගත්තේය.

සාන්ත අන්තෝනි විද්‍යාල පළමු ඉනිම – 173/9d (75.5): තීක්ෂණ ගුණසිංහ 68, තමාෂණ අබේකෝන් 31,  ජනිඳු ජයවර්ධන 3/31, සවිරු බණ්ඩාර 3/49.

ආනන්ද විද්‍යාල පළමු ඉනිම – 107/6 (27): කනිෂ්ක රන්තිලකගේ 27, නවෝද්‍ය විජේකුමාර 3/45

පාකිස්තානුවෝ නවසිලන්තයට යනඑන මං නැති කරයි

පාකිස්තානය සහ නවසිලන්තය අතර පැවැත්වෙන් තරග 3කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද (02) නිමා වූ 2 වැනි තරගයේ දී කඩුලු 6ක පහසු ජයග්‍රහණයක් වාර්තා කිරීමට…

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා මහනුවර ධර්මරාජ විද්‍යාලය

C කාණ්ඩයේ තවත් තරගයක් ලෙස මහනුවර ලේක් විව් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ධර්මරාජ විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 72ක් ලබාගෙන ඉතාමත් අසීරු තත්වයකට සිටියේය.

එහි දී සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වූ වමත් වේගපන්දු යවන්නෙකු වන ශ්‍රී ලංකා 19න් පහළ ජාතික කණ්ඩායමේ ක්‍රීඩක කලණ පෙරේරා ලබාගත් ශතකයට අමතරව ලකුණු 27කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය.

කාසියේ වාසිය දිනා ගත් ධර්මරාජ විද්‍යාලයේ ආරාධනයෙන් සිය පළමු ඉනිම දියත් කළ සාන්ත තෝමස් විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 256ක් ලබාගෙන සිටිය දී පළමු ඉනිම අත්හිටවූ අතර කලන පෙරේරා 4 පහර 7ක් හා 6 පහර දෙකක් සමඟ නොදැවී ලකුණු 108*ක් ද, සිතර හපුහින්න ලකුණු 50ක් ද රැස්කර ගන්නා ලදි.

ධර්මරාජ විද්‍යාලය පිළිතුරු ලෙස සිය පළමු ඉනිම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට උත්සාහ කළ නමුත් කලණගේ පන්දු යැවීම හමුවේ එය ව්‍යර්ථ විය. තරගයේ පළමු දිනය අවසන් වන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටි දුලාජ් බණ්ඩාර ලකුණු 21*ක් ලබාගෙන සිටියේය.

සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිම: 256/6d (52): කලණ පෙරේරා 108*, සිතර හපුහින්න 50, කිෂාන් මුණසිංහ 30, නවිඳු ඩිල්ශාන් 2/55

ධර්මරාජ විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ): 72/8 (23.4) – දුලාජ් බණ්ඩාර 21*, කසුන් ගුණවර්ධන 21, කලණ පෙරේරා 4/27.

පළමු දිනයට ක්‍රියාත්මක වූ තරගය හෙට (4) දෙවන දිනයටත් ක්‍රියාත්මක වෙනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<